Category Archives: ආගමික

I the idiot සහ පබාගේ ආරක්ෂකයෝ

සමහර අය අනුමාන කරතිබූ පරිදි මා මෝඩයෙකු යන්නටද හෝ කවුදෝ මගේ සටහනකට ලියා තිබු පරිදි කොහේදෝ යන පිස්සෙක් කියා මා හැඳින්වීමගැනද මම එකඟ වෙමි. පභාගේ ආරක්ෂකයින්ගේ වීරයෙකුවී සිටි ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් මහතා කියූදෙයක් (පහත විඩියෝවේ ඇති පරිදි) මතක්වේ.

මා හොඳිම දන්නා දන්නාදෙයක් ඇත. එනම් මා අති විශාල ප්‍රමාණයක් දේ නොදන්නා බවයි. මාගේ සටහන් තුළ මා ඥානවන්තයෙකු ලෙස හන්දුන්වා ගැනිමටහෝ මා ඉතා බුද්ධිමතෙකු ලෙස හන්දුන්වාගැනීමට මා උත්සාහකර නැත. එසේ සිදූවී ඇත්නම් මගේ හද පතුලින් නැගෙන සමාවභජනය කරමි.

සියලු වැඩිහිටියන් 6දෙනෙකුගෙන්ම 1 අයෙකු මානසික රෝගවලින් පෙළෙන බව මගේ යහළුවෙකු දිනක් මා සමග කිවේය. මෙම පුවත සත්‍යදැයි මා සොයා බලා නැත. නමුත් මගේ යහළුවා සමග කර ඇති 1000ක් පමණ සංවාද සියල්ලක්ම පාහේ සත්‍ය බැවින් ඔහු කීදේ සොයා නොබලා මම පිළිගනිමි. කෙසේ වෙතත් මා කොහේදෝ යන පිස්සෙකු වීමට 15%ක පමණ සම්භාවිතාවක් ඇත.

මම සමාන්‍ය මිනිසෙකු වෙමි. මා පිස්සෙකු ලෙස හෝ මෝඩයෙකු ලෙස හැන්දින්වීමය ඔබට ඇති අයිතියට මම ගරුකරමි. ඔබ හරිද වැරදියිද යන්න කාලයා විසින් නිගමනය කරනු ඇත.

කෙසෙ වෙතත්, මෙ සියලූම සාකච්ඡාවන්ට මුල්වූයේ මගේ “පරිණාමවාදය පිළිනොගන්නා පරිණාමය නොවු වඳුරන්වෙත ලියමි” ලිපියයි. සාරංශයක් ලෙස පරිණාමවාද පිළිනොගන්නා අයට ඩිඩිටි සහ මදුරුවා උදාහරණයට අමතරව අප හොඳින් දන්නා හෝ අඩුමතරමින් අසා ඇති බැක්ටීරියාවන්ගෙන්ද උදාහරණ ඇතිවෙමින් පවත්නා බව පෙන්වාදීමත්, එවැනි පරිණාමවාදය පිළිනොගන්නා අයට මේ දිනවල ඇමෙරිකාවේ 48වැනි තැනට කුඩාම ප්‍රාන්තයතුළ ප්‍රසිද්ධියට පත්ව ඇති ක්‍රිස්ටීන් ඔඩොනෙල් වැනි අයද ඇති නිසා තනියක් නොමැති බව පෙන්වාදීමත්ය.

එම ලිපියට පිලිතුරක් ලෙස අරුණි ශපිරෝ “මැද-පිළිවෙතට-පිළිතුරක්” මැයෙන් ලිපියක්ද එයට පිලිතුරක් ලෙස මා විසින් “අරුණී ශපිරෝ සමග සැමවිටම එකඟ විය නොහැක” මැයෙන් ලිපියක්ද ලියන ලදී. කෙසේවෙතත් අරුණිගේ ලිපියට යටින් ඇය මාහට පිළිතුරු දී ඇත. එහි කියා ඇති දැ කොයිතරම් සත්‍යදැයි සොයා බැලීමට මෙය ලියමි.

අරුණි: ජනප්‍රිය ප්‍රසිද්ධ මාධ්‍යය වලින් වඩා අහන්නට ලැබුණු පලියට යමක් පිළිගැනීම වෙනුවට විචාරයට කෙනෙකුව හුරු කිරීම තවත් අරමුණකි. පත්‍රයක හෝ අන්තර්ජාලයේ හෝ වාර්තා චිත්‍රපටියකින් හෝ විශ්ව විද්‍යාල දේශනයක දී හෝ කියා දුන් පළියට යමක් සත්‍යය දැයි විචාරය නොකර පිළිගැනීම මෝඩකම වෙයි.

මම ඇය සමග එකඟවෙමි. නමුත් මින් අදහස් කරන්නේ මා කිසිම අවබෝධයකින් තොරව ඔබට ඊ කෝලෛගැන කියුවා යනන්නම්, එය වැරදිය. ඔබට මෙම උදාහරණයගැන කිවීමට පෙර මා කේටි කුරික් (තවත් විදියක පබා කෙනෙක්) මෙම පුවත විකාශනයකරනු දු‍ටුවෙමි. ඉන් පසු ඒගැන තවදුරටත් කියවා නීරස විද්‍යා තොරතුරු අයින් කර එය ලියුවෙමි. නමුත් මේගැන සියලු තොරතුරු ගූගලය මගින් ඔබට සොයා ගතහැක. ඒගැන කියවීමට පහත විකි ලින්ක්ස් දෙකෙන්ද හැකිය. කියවා බලා ඔබට නොවැටහෙන දෙයක් ඇත්නම් අසන්න.

http://en.wikipedia.org/wiki/Antibiotic_resistance

http://en.wikipedia.org/wiki/New_Delhi_metallo-beta-lactamase

http://myxo.css.msu.edu/

අරුණි: මා ලියන දෑ මා බලන පැති වලින් පමණක් නොව කොලූ හා Grey හා Stormcrow වැනි තවත් මා නොදැකි පැත්තකින් බලා ප්‍රතිචාර එවන අය නිසා මගේ මනස ද විකසිත වෙයි. එය මාගේ සතුටයි.

මා කතාබහේ දී ගන්නේ හැමදාම එක පැත්තක් නොවේ. යම් කාලයක එක පැත්තකට අදිනවා යයි පෙනෙන්නේ ඒ පැත්තට අනිත් අය උඩ පැන පැන ගහනවා හෝ උඩ පැන පැන අත්පොළසන් දෙනවා දකිද්දී ය.

ලිපියේ මුලික අදහසවූයේ පරිණාමවාදය විරුද්ධ අයට ඒ අය සමග විනාඩි 15වේ ප්‍රසිද්ධියට පත්වූ අයද සිටිනවා කීම මිසක් ක්‍රිස්ටීන් ඔඩොනෙල්ගේ දේශපාලනය විශ්ලේෂණය කිරීම නොවේ. නමුත් ඈ මෝඩකතා දහසක් පමණ කියා ඇතිනිසා ඒවාද පෙන්වීය. ඇය සමග අනික් පක්ෂයෙන් තරඟ වදින කෙනාගේ නමද මා නොදනිමි. අවශ්‍යනම් මට සොයාබැලිය හැක නමුත් මට අවශ්‍යතාවය නොමැත. එසේම අනික් කෙනාට ඡන්දය දිය යුතුය කියාද මම කිසිම තැනක කියා නොමැත්තෙමි.

අරුණි: “ඔබාමා රටේ ඉහළම ජනප්‍රියත්වයක් දරද්දී මා ඔහු නුසුදුසු යැයි කීවෙමි. ඔහු නිසා අනිකුත් කළු ඇමෙරිකානුවන්ට සිද්ධ වන අසාධාරණය ගැන කීවෙමි.”

“ඔබ ද ඇයගේ අතීතය ගැන තවමත් කතා කරයි”

ඔබාමා නුසුදුස්සෙකුබව ඔහු ජනාධිපතිවීමටත් පෙර යම්කෙනෙකුට කිව හැකිනම් එය කල හැකි ක්‍රම විශාල ගණනක් ඇත.
“back to the future” චිත්‍රපටියේ මෙන් අනාගතයට ගොස් නැවත පැමිණීමෙන්

“Terminator” චිත්‍රපටියේ මෙන් අනාගතයේ සිට පැමිණිමෙන්

“Medium” රූපවාහිනි නාට්‍යයේ මෙන් psychic වීමෙන්

Black eye peas මෙන් I got a feeling යැයි කියමින්

නමුත් මට වැටහෙන් ආකාරයටනම් එවැන්නක් ඔබකියන්නට ඇත්තේ ඔබාමාගේ අතීතයේ ඔහු කියූ කළදෑ ඔබට සිතෙන, වැටහෙන ආකාරයට විශ්ලේෂණය කිරීමෙනි.

ඇයට ඇය අකමැති Supreme Court තීරණයක් කියාගත නොහැකිවූයේ සතියකට ඉහත අතීතයේදීය.

“The true hypocrite is the one who ceases to perceive his deception, the one who lies with sincerity” – Andre Gide

———

When people are provided with a bad choice and a worse chose, people can chose the worse chose because they dislike the bad choice. I understand that. It is the feeble effort of justifying that choice which I don’t understand. I respect the right of people voting to elect whomever they want.

Applying a set of criteria towards one person (may be because he is a democrat, may be because he is black, may be because he is educated, may be because he will end up letting the bush tax cuts expire) and use a total different criterion for your sweetheart is what is usually called hypocrisy. I have express my feelings about hypocrites abundantly here.

මෙම විවාදය තවදුරට පවත්වාගෙන යාමට මට හැකිදැයි මම නොදනිමි. ඉදිරි සති කිහිපයේ මට ඉතා වැඩ අධිකය. නමුත් යම් අයෙකු ලියුවහොත් හැකි ආකාරයකට පිළිතුරු සපයන්නම්.

අමතක වීමට කලින් තවත්දෙයක් කිව යුතුය. I the Idiot is wrong way of saying it, it should be I am an idiot. මේ බව මම දනිමි. මගේ පාසැලේ ගුරුතුමෙකුට සදා තිබූ කතාවක් මතක්වී එසේ ලිවීමි. නමුත් යමකුට මගේ ඉංග්‍රීසි හොඳනැතැයි කියා ලිවීමට සිතේනම් ඒ සමඟද මම එකඟවෙමි. Because as an American would say “my English sucks ass brothers and sisters”!

ප්‍රතිචාර 2

Filed under ආගමික, ක්‍රිස්ටීන් ඔඩොනෙල්, දේශපාලනික, පරිණාමවාදය, මගේ අත්දැකීම්, විද්‍යා, සමාජීය, සිංහල

අරුණී ශපිරෝ සමග සැමවිටම එකඟ විය නොහැක

අරුණී ශපිරෝ ගේ ලිපියට පිලිතුරකි

බඩවැලෙහි ජීවත්වන බැක්ටීරියාවත් රෝග කාරක ඊ කෝලෛ බැක්ටිරියාවත් දෙකක් බව ඔබ දන්නවායැයි සිතමි. එනිසා සමහර කාලවලදී ඔබගේ කඩයේ තිබෙන ගෝවා නැවත කැඳවීම්ද සිදුවෙන බවත් සමහර මිනිසුන් ඉන් මියයන බවත් ඔබ දන්නවා යැයි සිතමි. බඩවැලෙහි ජීවත්වන ඊ කෝලෛ බැක්ටිරියාව වෙනස්වූ බවක් මම නොකීවෙමි. මෙම පුවත මා සෑදු එකක් නොවේ. කියවා බලන්න.

http://sify.com/news/farm-animals-new-source-of-drug-resistant-superbugs-news-international-kjxnucijcch.html

http://www.cbsnews.com/stories/2010/10/15/eveningnews/main6962628.shtml

http://www.idse.net/index.asp?section_id=217&show=dept&issue_id=665&article_id=15884

මෙක්සිකෝවේ ඇතිවුණු සූකර උණ ලංකාව තෙක්ම පැතිරී ගියේය. ඒ සඳහා එන්නත් නිපදවීමද සහ රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවරගැනද කථාකෙරුණා මට මතකය. ඒවා පිළිපැදීම හෝ නැතිවීම මිනිසුන්ගේ කාර්‍යයකි නමුත් ඒවා නොපිළිපැදීම මගින් යම් අයෙකු රෝග පැතිරීමට හේතුකාරකවේනම් එය එම මිනිසාගේ ආර්ත්මාර්ථකාමිත්වය පෙන්වන්නකි. කුරුලු උණ, සූකර උණ මෙන්ම අනිකුත් වසංගත රෝගවලටද ප්‍රතික්‍රියා දක්වන ආකාරය වෙනස්ය. ඒවා විද්‍යාව මගින් පමණක් පාලනය කළනොහැකිය. වාහානවල හැපීමෙන් සහ බඩගින්නෙන්ද මිනිසුන් මියයන නිසා මෙම රෝග ගණන්ගත යුතු නැතැයි ඔබ කියනාවානම් ඒතැනි ඔබ්බට මම ඒ පිළිබඳව ඔබවැන්නේකු සමග කථානොකරමි.

ආගම්ගැන මිනිසුන් කතාකරනවාක්මෙන් විද්‍යාව ගැනද මිනිසුන් කතාකළ යුතුය. නමුත් එය හරි හැටියට තේරුම් නොගෙන කියනා දැ විහිළු ජනකවීම මෙහිදී පෙන්වා දිය යුතුය. ක්‍රිස්ටීන් ඔඩොනෙල් හෘද රෝග මිනිසුන්ගේ පැවැතීම රටාවන් මගින් ඇතිවෙන ඒවා නොවන බව කියයි. වෛරසයක් මගින් පැතිරෙන රෝගයක්වන ඒඩ්ස්ගැන ඈ දකින්නේ මිනිසුන්ගේ ලිංගික හැසිරීම පමණි. එසේනම් ඇයට අනුව සමහර ඒඩ්ස් සහිත දරුවන් ලොවට බිහිවන්නේ දෙවියන්ගේ වරදින් වියහැක. මෙයට අමතරව ක්‍රිස්ටීන් තරුණයන්ගේ ලිංගික හැසිරීම්ගැන උනදුවක් දක්වා ඇත්තේ 90ගණන්වල සිටය. අනුන් කරනදේගැන ඇඟිලිගැසීමට ඇයට ඇති ආශාව නිසා විය හැක. මුලාශ්‍රවලට මමද ගොස් ඇත්තෙමි. එනම් ඒවා කියු පුද්ගලයාගේම ප්‍රකාශ සහිත විඩියො පමණක් මාගේ කලින් ලිපියට දමා ඇත. යූ ටියුබයේ අනික් මිනිසුන්ගේ විචාර සහිත ක්‍රිස්ටීන් ඔඩොනෙල් ලින්ක්ස් ඔනෑතරම් තිබේ. නමුත් ඇයගේ කටින්ම කියූදෑගැන ඇයට පිළිතුරු දිය නොහැක.

බදුගැන ඔබ විසින් මවා ඇති බොරුව ඔබම මෙතැනින් තෙරුම් ගන්න. http://en.wikipedia.org/wiki/Taxation_in_the_United_States

2001දී බුෂ් විසින් 39.1% සිට 35% දක්වා අඩුකරනලද වසරකට ඩොලර් 350,000ක් පමණ උපයන අයගේ බදු 2001ට පෙර තිබූ ගණනට නැවත පැමිණීම නියමිතව ඇත්තේ 2011දීය. බුෂ් විසින් ආණ්ඩුවේ ආදායම අඩුකොට දැනට ඩොලර් ට්‍රිලියනයකට වඩා වියදම් කොට ඇති යුද්ධ දෙකක් ඇරඹීය. ඒදිනවල ඔබ කොයි පැත්ත ගත්තාදැයි මම නොදනිමි. නමුත් තමන්ගේ බඩ වියතගැන සහ බදුගැන සිතන නිසා බුෂ්ට කැමතිවන්නට ඇතැයි සිතේ. බදුද විශාල සංකයාවක් ඇති බැවින් ඔබ කුමක්ගැන කතාකරනවාදැයි මම නොදනිමි. නමුත් ඩෙලවෙයාර් ප්‍රාන්තය මෙතරම් සශ්‍රිකනම් ජනපදයෙන් වෙන්වයාමෙ අයිතියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඇත.

ඇමෙරිකාවෙ පුද්ගලික ආදයම් බදු ඉහළ අගය 91% සිට 77% ටද ඉන් පසුව 70%ද අඩුකර ඇත්තේ ලින්ඩන් ජොන්සන්ය, 1981දී ජිමී කාටර් විසින් එය 50% දක්වාද ඉන් පසු රේගන් සහ බුෂ් (තාත්තා) විසින්ද අඩුකර ඇත. ඔබ කියනා ආකාරයට මෙරටෙහි දිනුව සිදුවී ඇත්තේද එම කාලයේදීමය. එසේනම් බදු අඩු කිරීම කරන් අතර තුර රටෙ අනවශ්‍ය වියදම් වැඩිකර ඇත්තේ 2000ට පසුව බුෂ් විසිනි. බුෂ් විසින් ඇතිකළ අය වැය හිඟයද ඔබට අමතකවී ඇත. පහත සටහනෙන් බුෂ්ගේ එම බදු කපාහැරීම මගින් අයවැය හිඟය ඇතිකළ හැටිපෙනේ.

කෙසේවෙතත් ඔබගේ ලිපියෙ සඳහන් කර ඇති දේශපාලඥයින් කිසිවෙකුත් මා අදහන්නේ නැත. ඔබ ඔවුනට කුමක්කීවත් ක්‍රිස්ටීන් ගැන ඔබට හිත රිදුනා තරම් මට දැනෙන්නේද නැත. දේශපාලඥයින්ගැන මා යම්දෙයක් විශ්වාස කරයිනම් එය මෙසෙය. ඔවුහු ඔවුනට ලැබෙන් ප්‍රථම අවස්ථාවේදීම ඔවුනට ඡන්දය දුන් මිනිසුන් පාවාදෙනු ඇත. නමුත් මිනිසුන්ගේ හැඟීම අවුස්සා, ඔවුන්ව දෙකඩ කර පාලන බලයට පැමිණෙන්නට තැත්කරන අය මෝඩකතා කියන්නේනම් ඒවා විසුළුවට ලක්කිරීමට මට අයිතියක් ඇත. ඔවුන් අදහන අයට නිගරු කිරිමක් මම ඉන් අදහස් නොකරමි.

ප්‍රතිචාර 3

Filed under ආගමික, ක්‍රිස්ටීන් ඔඩොනෙල්, දේශපාලනික, පරිණාමවාදය, විද්‍යා, සමාජීය, සිංහල

පරිණාමවාදය පිළිනොගන්නා පරිණාමය නොවු වඳුරන්වෙත ලියමි

පරිණාමවාදය කල්පිතයක් ලෙස පිළිගනිමි. එයද අනිකුත් විද්‍යාත්මක සිද්ධාන්තමෙන්ම පර්යෙෂණ මගින් සනාථකළයුතු බවද සිතමි. නමුත් විශාල සතුන් අතර ජිවිත කාලයක් තුළ මෙය හැදෑරිය නොහැකි බවද පිළිගනිමි. එබැවින් ඉතා කෙටි ජීවන චක්‍ර ඇති බැක්ටීරියා වැනි දැ යොදාගනිමින් කරන පර්යේෂණ විශාල සතුන්ගේ පරිණාමය බහිර්නිවේෂණය කිරීමටද එකඟවෙමි.

අද සවස ප්‍රවෘත්තිවලට ඇසූනු පුවතක භයානකකම නිසා මෙය ලියමි. ප්‍රවෘත්තිය මෙසේය.

පාචනය ඇතිකරන ඊ කෝලෛ නමැති බැක්ටීරියාව ඉතා දරුණු දැනට ඒසඳහා ඇති ඖෂධවලට ඔරොත්තුනොදෙන විශේෂයක් බවට පරිණාමය වීඇත.

බ්‍රිතාන්‍යයේ ගොවිපලවල සතුන් අතර මෙය පැතිරෙමින් පවතී. ඉතා මැතකදි කැලිෆොර්නියාවේ ටොම් ඩියුක්ස්ට මෙම බැක්ටීරියා ආසාදනයක් ඇතිවී ඉතා අසාධ්‍ය තත්වයකට පත්විය. ගොවිපළවලින් ආහර හරහා ඊ කෝලෛ පැතිරේ. බ්‍රිතාන්‍යයේ වසරකට 30,000කට පමණ ඊ කෝලෛ ආසාදන ඇතිවෙන අතර ඉන් 2500කට පම රුධිර විෂවීම සිදුවේ. රුධිර විෂ වූවන්ගෙන් 1/2ක් පමණ දින 30ක් ඇතුළතදී මියයයි. අලුත් සුපිරි බැක්ටීරියාවේ විශේෂයවන්නේ එය දැනට ඇති ප්‍රතිජීවකවලට ඔරොත්තුදිය හැකි එකක්වීමයි. මෙවැනි රෝගවලට ප්‍රතිජීවකයක් අලුතින් නිපදවීමට ඩොලර් බිලියන් 1.7ක් පමණ වැයකළ යුතුය. එම පිරිවැය අධිකකම බැවින් දැනට එවැනි රෝගවලට ප්‍රතිජීවක සාදන සමාගම් ඇත්තේ සුලු ගණනකි.

ඊ කෝලෛ වැනි බැක්ටීරියාන සහ අනිකුත් ආසාදන ඇතිකරන බැක්ටීරියාවන් තුළ ප්‍රතිජීවක ප්‍රතිරොදක ජාන විකෘතිවීම මගින් මෙම සුපිරි බැක්ටීරියාවන් ඇතිවී තිබේ. මෙයට අමතරව සියලුම රටවල්වල පාහේ සිදුවන අනිසි ප්‍රතිජීවක ලබාදීම්ද මෙම බැක්ටීරියාව ප්‍රමුඛවීමට හේතුවී තිබේ. ළඟදී කරනලද අධ්‍යයනයකින් පෙනී ඇත්තේ වෛද්‍යවරුන් විසින් ප්‍රතිජීවක නියමකරන අවස්ථාවන්ගෙන් 60%ක් පමණ අනිසි බවය.

පරිණාමය පිළිනොගන්නා අයට මෙම සුපිරි ඊ කෝලෛ වැළඳුණහොත් නව එන්නත් ලබාදීමට කලින් පරිණාමය පිළිගන්නා බවල අත්සනින් සහතික කරගතයුතුයැයි මට සිතේ.

නමුත් පරිණාමය පිළිනොගන්නා අයට වැදගත් දෙයක් කීමට තිබේ. ඔබලා අතරට මෙවර ඇමේරිකාවේ ඩෙලවෙයාර් ප්‍රාන්තයෙන් ඇමෙරිකානු සෙනෙටයට තරඟ වදින ඇමෙරිකාවේ පබා ද සිටියි. ඇයගේ නම ක්‍රිස්ටීන් ඔඩොනෙල්ය. ඇයට අනුව පරිණාමවාදය පුරාවෘතයකි. ඇයට අනුව හෘද රෝගවැනි අහිතකර ජීවන රටාවන් නිසා ඇතිවන රෝගවලට ප්‍රතිකාර සෙවීමට මුදල් වැයකළයුතු අතර බැකිටීරියා සහ වෛරස මගින් ඇතිවන ඒඩ්ස් වැනි රෝගවලට ප්‍රතිකාරකිරීමට වියදම් නොකළ යුතුය. පිළිකාව ඇතිවන්නේ දෙවින්ගේ ක්‍රියාවකිනි.

ඇමෙරිකාව යනු සමාජවාදි රටක් බවත් ඇය කියයි. ලංකාවෙ කියුබාවට කෙරෙහි ඇමෙරිකාව දක්වන පිළිවෙතට විරුද්ධව සටන්කරන අයටත්, පරිණාමය පිළිනොගන්නා අයටත් ඇමෙරිකාවෙ ඩෙලවෙයාර් ප්‍රාන්තයට සුදුසුයැයි මට සිතේ. නමුත් එකක් කිව යුතුය ඇමෙරිකාවේ 12වැනියට පොහොසත්ම ප්‍රාන්තයද ඩෙලවෙයාර්ය. සල්ලි වැඩීවී මොළේ කොලොප්පන්වූවන් මෙන්ම ලංකාවේ වගේ පබා ලාට ඡන්දයදෙන අයද ඇමෙරිකාවේ සිටිති. මෙම වීඩියෝවලට අමතරව පබාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැරුවාමෙන් උත්තරීතර උසාවියෙන් දෙනලද තීන්දු ක්‍රිස්ටීන් නොදනී. එමෙන්ව වීඩියෝවක ඇතුවාමෙන් බදු තෙරුම් ගැනීමට ඉතා අසීරුදෙයක් බව ඇය කියයි.

ඉතින් මෙවැන්නන් හට අනාගතය බාරදී චීනය සහ ඉන්දියාව වැනි නැගී එන රටවල් සමග කරට කර සටන් කරන්නට ඇමෙරිකාව 21වැනි සියවසේදී සූදානමින් සිටියි. ඔබ සැමට සුබ අනාගතයක්.

ප්‍රතිචාර 15

Filed under ආගමික, ක්‍රිස්ටීන් ඔඩොනෙල්, දේශපාලනික, පබා, පරිණාමවාදය, විද්‍යා, සමාජීය, සිංහල