පරිණාමවාදය පිළිනොගන්නා පරිණාමය නොවු වඳුරන්වෙත ලියමි

පරිණාමවාදය කල්පිතයක් ලෙස පිළිගනිමි. එයද අනිකුත් විද්‍යාත්මක සිද්ධාන්තමෙන්ම පර්යෙෂණ මගින් සනාථකළයුතු බවද සිතමි. නමුත් විශාල සතුන් අතර ජිවිත කාලයක් තුළ මෙය හැදෑරිය නොහැකි බවද පිළිගනිමි. එබැවින් ඉතා කෙටි ජීවන චක්‍ර ඇති බැක්ටීරියා වැනි දැ යොදාගනිමින් කරන පර්යේෂණ විශාල සතුන්ගේ පරිණාමය බහිර්නිවේෂණය කිරීමටද එකඟවෙමි.

අද සවස ප්‍රවෘත්තිවලට ඇසූනු පුවතක භයානකකම නිසා මෙය ලියමි. ප්‍රවෘත්තිය මෙසේය.

පාචනය ඇතිකරන ඊ කෝලෛ නමැති බැක්ටීරියාව ඉතා දරුණු දැනට ඒසඳහා ඇති ඖෂධවලට ඔරොත්තුනොදෙන විශේෂයක් බවට පරිණාමය වීඇත.

බ්‍රිතාන්‍යයේ ගොවිපලවල සතුන් අතර මෙය පැතිරෙමින් පවතී. ඉතා මැතකදි කැලිෆොර්නියාවේ ටොම් ඩියුක්ස්ට මෙම බැක්ටීරියා ආසාදනයක් ඇතිවී ඉතා අසාධ්‍ය තත්වයකට පත්විය. ගොවිපළවලින් ආහර හරහා ඊ කෝලෛ පැතිරේ. බ්‍රිතාන්‍යයේ වසරකට 30,000කට පමණ ඊ කෝලෛ ආසාදන ඇතිවෙන අතර ඉන් 2500කට පම රුධිර විෂවීම සිදුවේ. රුධිර විෂ වූවන්ගෙන් 1/2ක් පමණ දින 30ක් ඇතුළතදී මියයයි. අලුත් සුපිරි බැක්ටීරියාවේ විශේෂයවන්නේ එය දැනට ඇති ප්‍රතිජීවකවලට ඔරොත්තුදිය හැකි එකක්වීමයි. මෙවැනි රෝගවලට ප්‍රතිජීවකයක් අලුතින් නිපදවීමට ඩොලර් බිලියන් 1.7ක් පමණ වැයකළ යුතුය. එම පිරිවැය අධිකකම බැවින් දැනට එවැනි රෝගවලට ප්‍රතිජීවක සාදන සමාගම් ඇත්තේ සුලු ගණනකි.

ඊ කෝලෛ වැනි බැක්ටීරියාන සහ අනිකුත් ආසාදන ඇතිකරන බැක්ටීරියාවන් තුළ ප්‍රතිජීවක ප්‍රතිරොදක ජාන විකෘතිවීම මගින් මෙම සුපිරි බැක්ටීරියාවන් ඇතිවී තිබේ. මෙයට අමතරව සියලුම රටවල්වල පාහේ සිදුවන අනිසි ප්‍රතිජීවක ලබාදීම්ද මෙම බැක්ටීරියාව ප්‍රමුඛවීමට හේතුවී තිබේ. ළඟදී කරනලද අධ්‍යයනයකින් පෙනී ඇත්තේ වෛද්‍යවරුන් විසින් ප්‍රතිජීවක නියමකරන අවස්ථාවන්ගෙන් 60%ක් පමණ අනිසි බවය.

පරිණාමය පිළිනොගන්නා අයට මෙම සුපිරි ඊ කෝලෛ වැළඳුණහොත් නව එන්නත් ලබාදීමට කලින් පරිණාමය පිළිගන්නා බවල අත්සනින් සහතික කරගතයුතුයැයි මට සිතේ.

නමුත් පරිණාමය පිළිනොගන්නා අයට වැදගත් දෙයක් කීමට තිබේ. ඔබලා අතරට මෙවර ඇමේරිකාවේ ඩෙලවෙයාර් ප්‍රාන්තයෙන් ඇමෙරිකානු සෙනෙටයට තරඟ වදින ඇමෙරිකාවේ පබා ද සිටියි. ඇයගේ නම ක්‍රිස්ටීන් ඔඩොනෙල්ය. ඇයට අනුව පරිණාමවාදය පුරාවෘතයකි. ඇයට අනුව හෘද රෝගවැනි අහිතකර ජීවන රටාවන් නිසා ඇතිවන රෝගවලට ප්‍රතිකාර සෙවීමට මුදල් වැයකළයුතු අතර බැකිටීරියා සහ වෛරස මගින් ඇතිවන ඒඩ්ස් වැනි රෝගවලට ප්‍රතිකාරකිරීමට වියදම් නොකළ යුතුය. පිළිකාව ඇතිවන්නේ දෙවින්ගේ ක්‍රියාවකිනි.

ඇමෙරිකාව යනු සමාජවාදි රටක් බවත් ඇය කියයි. ලංකාවෙ කියුබාවට කෙරෙහි ඇමෙරිකාව දක්වන පිළිවෙතට විරුද්ධව සටන්කරන අයටත්, පරිණාමය පිළිනොගන්නා අයටත් ඇමෙරිකාවෙ ඩෙලවෙයාර් ප්‍රාන්තයට සුදුසුයැයි මට සිතේ. නමුත් එකක් කිව යුතුය ඇමෙරිකාවේ 12වැනියට පොහොසත්ම ප්‍රාන්තයද ඩෙලවෙයාර්ය. සල්ලි වැඩීවී මොළේ කොලොප්පන්වූවන් මෙන්ම ලංකාවේ වගේ පබා ලාට ඡන්දයදෙන අයද ඇමෙරිකාවේ සිටිති. මෙම වීඩියෝවලට අමතරව පබාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැරුවාමෙන් උත්තරීතර උසාවියෙන් දෙනලද තීන්දු ක්‍රිස්ටීන් නොදනී. එමෙන්ව වීඩියෝවක ඇතුවාමෙන් බදු තෙරුම් ගැනීමට ඉතා අසීරුදෙයක් බව ඇය කියයි.

ඉතින් මෙවැන්නන් හට අනාගතය බාරදී චීනය සහ ඉන්දියාව වැනි නැගී එන රටවල් සමග කරට කර සටන් කරන්නට ඇමෙරිකාව 21වැනි සියවසේදී සූදානමින් සිටියි. ඔබ සැමට සුබ අනාගතයක්.

Advertisements

ප්‍රතිචාර 15

Filed under ආගමික, ක්‍රිස්ටීන් ඔඩොනෙල්, දේශපාලනික, පබා, පරිණාමවාදය, විද්‍යා, සමාජීය, සිංහල

15 responses to “පරිණාමවාදය පිළිනොගන්නා පරිණාමය නොවු වඳුරන්වෙත ලියමි

  1. මගේ රැහෙන් ඔබ පැවතෙන බව දැන ගන්නට ලැබීම ගැන ආඩම්බර වෙමි
    මෙයට වඳුරු රජ්ජුරුවෝ

  2. මුදිත,
    මට ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ඉන්නවා කියන්නත් ලැජ්ජයි…
    පිස්සු කේස් එකක්. ළඟදි තිබ්බ විවාදය තිබ්බේ අපේ විශ්ව විද්‍යාලයේ….

    කියලා වැඩක් නෑ.. හොඳ වෙලාවට මෙයා එන එකක් නෑ කියලා තමයි හැමෝම කියන්නේ…. ඒත් පබාත් පාර්ලිමේන්තුවේ ඉන්න එකේ මේවා ලොකු දේවල් නෙවෙයි….

    හොඳ ලිපියක්…. ජය.

  3. ඇමරිකාවේ ඔය උදවිය මොනවා කීවත්, ඒ උදවියගේ තවත් පැත්තක් තිබේ, ඒ ඒ උදවිය දුප්පතුන් වීමට අකමැති වීමය. ලෙඩ වී මිය යෑමට අකමැති වීමය. ඒ නිසා, ඇෆ්ගනිස්තානේ අන්තවාදීන් වාගේ නොවෙයී, ලංකාවේ අන්තවාදීන් වාගේ නොව, ඇමරිකාවේ අන්තවාදීනට අකමැත්තෙන් වුවද විද්‍යාව වෙනුවෙන් මුදල් යෙදවීමට සිදුවෙනවාය. අලුත් දෑ සොයා ගැනීමට සිදුවෙනවාය. මෙතැන ඇත්තේ, අරුණිගේ පහුගිය ලිපියක කීවා සේ, පරපෝශිතයන් සහ නිර්මාණකරුවන් අතර ඇති සටනය.

  4. අරුනිගේ ලිපි හොඳයි නමුත් ඇය බලන්නේ එක පැත්තක් පමනයි. උදාහරනයක් ලෙස ක්‍රිස්ටීන් ඔඩොනෙල් ගැන ඇය කිහිපවතාවක් ලියා ඇත නමුත් මේ දේවල් ලිව්වාද?

    මෙයා විතරක් නෙවේ නෙවාඩාවල මීටත්වඩා පිස්සු කේස් එකක් දිනන්න පුලුවන් මට්ටමකින් ඉන්නවා.

    කොලු දන්නවා ඇතිනේ සර්න් (CERN) එක ගැන. ටික කලකට ඉහතදී එය හෝ එවැන්නක් ඇමෙරිකාවේ සැදීමට තිබූ මුදල් කපා දැමුවේද කොන්ග්‍රසයයි. බුශ් විසින් NSF (ජාතික විද්‍යා සංසදය) වලට තිබූ මුදල් අති විශාල ලෙස කපා දමා තිබුනා. ඔබාමා එය නැවත වැඩිකලා.
    only liberal minded governments increase money for science, conservatives do that for defense.

    @ පියල් and වඳුරු රජ්ජුරුවෝ
    Thanks

  5. පරිණාමවාදය අනුව සත්වයින් ඇතිවී ඇත්තේ ශාක වර්ගයක් පරිණාමය වීමෙනි. එයට සාක්ෂී ලෙස ශාක සහ සත්ව දෙවර්ගයටම අතරමැදි ලක්ෂණ පිහිටා ඇති ජීවීන් ‍පෙන්වා දැක්විය හැක.

    කෙසේහෝ බුදු දහමට අනුව සත්තවයින්ට ශරීරයකට අමතරව විඤ්ඤාණයක් සම්බන්ධ වී ඇත. එකම මූලයකින් පැවත එන ශාක හා සත්ව දෙවර්ගයෙන් එක් වර්ගයකට පමණක් විඤ්ඤාණය අඩංගු වී ඇත්තේ මන්ද. එසේම ශාක හා සත්ව දෙවර්ගයටම අදාල වන කුල ගැන බුදු දහමේ ස්ථාවරය කුමක් විය හැකිද?

    කවුරුන් හෝ කරුණාකර මේ ගැන අදහසක්/පැහැදිලි කිරීමක් දක්වන්න.

    • @Nuwan

      My two cents…

      Please read Malunkya Putta Wattu and then Kalama Suthra. Well, order does not matter if you read both.

      As far as my understanding goes, a lot of metaphysical mubo jumbo got assimilated in to the Buddhist doctrine due to the exact reason that there are a lot of Malunkya Putta’s wanting to know the material of the bow string, length of the bow and the caste of the person who shot the arrow, before seeking medical help when got hit by a stray arrow and wounded and now bleeding to death.

      Basically in Malukya Putta Wattu, Lord Buddha told yough Malunkya Putta that “Son, if you are seeking answers to metaphysical questions, (like origin or universe, origin of life, is body and life are same thing or two different things), then you are in the wrong shop. I am not in that business. I am in the business of alleviating human suffering”

  6. @ Nuwan
    නොදන්නා දේගැන කතාකිරීමට මා අකමැතිය නමුත් විඤ්ඤාය යනු කුමක්ද යන්න විද්‍යාතමකව විග්‍රහ කළහොත් එය සොයාදීමට උත්සාහ කරන්න්නම්.

    ශාක ජෛව විශේෂයක් නොවේයැයි ඔබ කියනවානම් මෙය බලන්න.

    මෙය ආගම් සහ විද්‍යාව අතර සටනක්වුවහොත් පිළිතුරු සැපයීම වසා දමමි. ඒ සඳහා අනිකුත් බ්ලොග ඇති බව අපි දෙදෙනාම දනිමු.

  7. // only liberal minded governments increase money for science, conservatives do that for defense.//
    මෙය ප්රසිද්ධ බොරුවක්. විද්යාවේ දියුනුව නැති තැන, යුදමය දියුනුවක් නැහැ. බොහෝමයක් විට විද්යාව අනෙකුත් ව්යාපාරයන්ගේ අතුරුපල වෙයී. අන්තර්ජාලය දියුනු වන්නේ කාන්තාන්ගේ පයෝදර නිසාය. හදට යන්නේ දේශපාලන යුද්ද නිසාය. (විද්යාව සදහාම විද්යාව දියුනු විය තැන් නැතැයී මා කියන්නේ නැත.)

    ඩබලිව් බුශ්ගේ කාලයේ NIA අයවැය තුන් ගුනයකින් වැඩි වුනා. NSF සියයට තිස් පහකින් පමන වැඩි වුනා. NASA සියයට විස්සකින් පමණ. ඩබලිව් බුශ්ට අගහරු ලෝකයේ කුරුමිට්ටන් බැලීමටද ආසාවක් තිබුනා. ජීව විද්යාත්මක පරීක්ශන වලට ඇති කඩුලු ඉවත් කරත්, හදට යෑම නවතා දැමුවේ ඔබාමයී. (අනෙක් කිසිවෙකු සහය නොදක්වද්දී ) බුශ්ට සහයෝගය දුන් ක්රිස්තියානි අන්තාවාදීන් නොවන්නට, ඩබලිව් ජීව විද්යාත්මක වලටත් මුදල් වෙන් කරනු ඇති බව මාගේ විශ්වාසයයී. කිල්න්ටන් නාසා අයවැය කපා හරිනු ලැබුවා. ඔබාමා යටතේ යුදමය අයවැය ඩබලිව්ගේ අයවැයට වඩා ඉහලයී.

    දියුනු වීමට, පොහොසත් වීමට ආසාව ඇත්තේ කොතනද, එතැන විද්යාත්මක දියුනුව ඇත. විද්යාව කාර්මික විප්ලවයත් සමග දියුනු වීමට පටන් ගත්තේ ඒ නිසාය. පබා මොනවා කීවත්, ඈ කියනා විදිහට බදු අඩුකිරීමටත්, මුදල් වැඩි කීරීමටත්, විද්‍යාව දියුනු විය යුතුමය. ඒ බව පිලි නොගැනීම, වංක බාවයයී. ජනතාවගේ මෝඩ කමයී.

  8. පින්ග්කිරීම: මැද පිළිවෙතට පිළිතුරක් « අරුණි ශපීරෝ‍ වෙතින්

  9. පින්ග්කිරීම: I the idiot සහ පබාගේ ආරක්ෂකයෝ « Middle Path (මැදපිලිවෙත)

  10. කමල්

    ඔය බැකිටීරියාව පරිණාමය වෙනව නෙවේ, අනුවර්තනය වෙනවා මයෙ හිතේ….නිකන් හරියට අපිට පැපොල හැදුනම ආයෙ නොහැදෙන්න අපේ ශරීරයේ ප්‍රතිශක්තිය ඇතිවෙනවා වගේ..

  11. Asanka

    සරල ප්‍රශ්නයක් තිබේ..මිනිසාගේ පරිණාමය ඔච්චර හොදට සිදුවුවා නම් ඒ පරිණාමය වු ලෙස සැලකෙන අනිකුත් වානරයන් ඇතුලු අනිත් බොහෝ සතුන් තවමත් සිටින්නේ මන්දැයි කියා දෙනවාද..වානරයන්ගෙන් කොටසක් පරිනාමය වුයේ යැයි පිලිගැනීමට කොහෙත්ම බැරිය…බොහෝ දෙනෙකු පොතපතේ තිබෙන දේ උලුප්පා කියනු මිස වෙන දෙයක් නොදනිති..චාල්ස් ඩාවින් කිව්ව පලියටම පිළිගනිති..එත් බුදුහාමුදුරුවො කිවු දේ පිළිනොගනිති..පරිණාමවාදය පිළිනොගන්නා අනිකුත් වඳුරන් යනුවෙන් මෙහි ආමන්ත්‍රණය කර තිබු බව දුටුවෙමි…මම හිතන්නේ එහෙම කියන්න අැත්තේ වදුරු පරපුරේ උඩම ඉන්න සතෙකු ලෙස සලකන ගෝරිල්ලෙක් වැනි එකෙක් වෙන්නට ඇති කියායි..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )