Tag Archives: සිංහල

සුද්දන්ට ජංගි මැසීම වැරදිද?

සුද්දන්ට ජංගි මැසීම වැරදියැයි මිනිසුන් කියති. මට එහි ඇති වැ‍රැද්ධ වටහාගත නොහැකි
බැවින් මෙසේ අසන්නට සිතිණි.

සමාජවාදි රටකනිෂ්පාදනයකළ දෙයක් උවත් තව කෙනෙකුට විකිණීමෙන් මිස ආදායමක් 
උපයාගත නොහැකිය. එසේනම් නිෂ්පාදන මිලයට ගැනීමටපාරිභෝගිකයන් සිටිය යුතුය.

දිනෙන්දින කුඩාවන ලෝකයක පාරිභෝගිකයන් කොතැනින් පැමිණියද කම් නැත.
අපි මසන ජංගි මිලදීගැනීමට මුදල් ඇත්තේ සුද්දන්ට පමණක්නම් ඒ ජංගි මසන්නන් ගැන 
අපි ආඩම්බර වියයුතුය.
අඩු මිලැති ජංගි මසනවානම් අපිටත් අදින්නටපුළුවන්වේවි.
නමුත් සුද්දන් අපේ ජංගි මිලයට ගන්නේනම්, ඒයින් අපේ රටට වැඩි ආදයමක් ලැබෙන්නේනම්, 
ජංගි මසන්නන් පමණක්නොව, මෝස්තර නිමාණකයින්, අලුත් තාක්ෂණයන් ඇතුළු කරන්නන්, 
ආයෝජකයන් ඇතුළු සියලුදෙනා ඒ ගැන සතු‍ටු විය යුතුය.

යල් පැන ගිය ආකල්ප/මත්වාද ඔළුතුළ පුරවාගත් 
මිනිසුන්, නවීන ලෝකයේ තාක්ෂණ දියුණුව ගැනද 
නොදැනකරන ප්‍රකාශ හිත්ටදැනෙනවාවුවද නැනැසෙන් සිතා, 
ගූගලයේන්වත් සොයාබලා තේරුම්ගතයුතු කාලය පැමිණ ඇතැයි මට සිතේ.

මේ ලින්ක්ස් ක්ලික්කරලා බලන්න.

http://money.cnn.com/2011/12/28/smallbusiness/panties/index.htm

http://news.cnet.com/8301-17852_3-10301463-71.html

Advertisements

එක් ප්‍රතිචාරයක්

Filed under ආර්ථිකය, ඇඟලුම් කර්මාන්තය, දේශපාලනික, සමාජීය, සිංහල

සුබ නත්තලක් සහ සුබ නව වසරක්

ඇමරිකාව සෙකියුලර් (රාජ්‍ය තාන්ත්‍රිකව අනාගමික) රටක් බැවින් හෝ අන්‍ය ආගමික ව්‍යාපාර හිමියන් නිසා හෝ එකිනෙකාටආචාරශීලීවීමට නිසා හෝ සුබ නත්තලක් (Merry Christmas) කීම සහ සතු‍ටුදායක නිවාඩු කාලයක් වේවා (Happy Holidays) යන දෙක අතර විශාල විවාදයක් ගොඩ නැගී ඇත. ආගමික නායකයින් සහ සමහර මාධ්‍ය ආයතන මෙය ක්‍රිස්තියානි ආගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් යැයි අවලාද නගති. කෙසේවෙතත් ‍රැකියා කරන්නන්හට වැඩිපුර නිවාඩු නැති රටක්වුවත් මේ දිනවල සියලුම ආයතනපාහේ නිවාඩුවට වසා දැමේ. එවැබින් සතු‍ටුදායක නිවාඩුවක් කීමෙන් කාගේවත් ආගමික හෝ අනාගමික භාවය මතුකිරීමක් නොකිරීම සිදුවේ.

කෙසේවෙතත් නත්තල් සමරන ඔබ සැමට සුබ නත්තලක් සහ මගේ බ්ලොගයට පැමිණි ඔබට 2011 සුබ සහ සාර්ථක නව වසරක් වේවායැයි පතමි.

මෙය බොහෝ විට ඇමරිකාවේ සිට ලියන අවසාන බ්ලොග සටහන විය හැක. දෙසැම්බර් 29දා නැවතත් ලංකාව බලා පිටත්වීමට බලාපොරොත්තුවෙමි. පසුගිය දින කිහිපයේදී එම ගමනට සූදානම්වීම නිසා බ්ලොගය ලිවීමටවත් අනිකුත් බ්ලොගයන් කියවීමටවත් ඒ තරම් ඉස්පාසුවක් නොතිබිණි. ඉදිරි වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේදීද, ශ්‍රි ලංකා නැනෝ ටෙක්නොලොජි ආයතනයේදීද ‍රැකියාවකිරීමට බලාපොරොත්තුවෙමි. කොයිතරම් කාලයකටද යන්න තීරණය කිරීම කාලයාට සහ රටක් ලෙස ශ්‍රි ලංකාවටද භාරකරමි.

ප්‍රතිචාර 9

Filed under මගේ අත්දැකීම්, සිංහල

AIDS මාරන්තිකයි – මැකුවොත් හිරේ

මාතෘකාව උපුටා ගත්තේ 1993 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ විද්‍යා සිසුවෙකුගේ අතේ තිබු ෆයිල් කවරයකිනි.

දෙසැම්බර් පළමුවැනිදා ලෝක ඒඩ්ස් දිනයයි. ඒඩ්ස්ගැන අහඹුලෙස ‍තෝරාගත් දත්තයන්, සබැඳියාවන් සහ විඩියෝ කිහිපයක් සටහන් කරමි.

ඔබටද හැකිතාක් ඒඩ්ස්ගැන දැනුවත්කිරීම, සහයෝගයදීම සහ වලක්වාගැනීම කිරීමට උත්සාහකරනු ඇතැයි බලාපොරොත්තුවෙමි.

ඒඩ්ස් යනු – Acquired Immune Deficiency Syndrome – නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහසාධකය

ඒඩ්ස්ගැන වැරදි මතවාදගැන මෙතැනින් කියවිය හැක. – http://en.wikipedia.org/wiki/HIV_and_AIDS_misconceptions

සිංහල විකිපීඩියාවේ ඒඩ්ස් ගැන පි‍ටුව – http://si.wikipedia.org/wiki/ඒඩ්ස්

එම පි‍ටුවට අනුව ඒඩ්ස් රෝගියෙකුට ඇති අයිතිවාසිකම්

  • ජිවත් විමට ඇති අයිතිවාසිකම.
  • නීතීය ඉදිරියේ සමාන ආරක්‍ෂාව හා වෙනසකට භාඡනය නොවිමේ අයිතිවාසිකම.
  • නිදහස හා පුද්ගලයකුගේ ආරක්‍ෂාව.
  • නිදහසේ ගමන් කිරිමට ඇති අයිතිවාසිකම.
  • රහස්‍යය භාවය පිළිබද අයිතිවාසිකම.
  • වැඩ කිරිමට ඇති අයිතිවාසිකම.
  • විවාහ විමට හා විවාහ ජිවිතයක් ගත කිරිමට ඇති අයිතිවාසිකම.
  • ආශ්‍රය කිරිමට ඇති අයිතිවාසිකම.
  • අධ්‍යාපනයට ඇති අයිතිවාසිකම.
  • ප්‍රමානවත් ජිවන තත්වයක් ගත කිරිමට ඇති අයිතිවාසිකම.
  • සමාජ ආරක්‍ෂාව ,පහසුකම් සහ සුබ සාධනයන් සදහා ඇති අයිතිවාසිකම.
  • විද්‍යාත්මක වර්ධනයන් සහ එහි වාසිය බෙදා ගැනිමට ඇති අයිතිවාසිකම.
  • පොදු සංස්කෘතික ජිවිතයකට අනුගතවිමේ අයිතිවාසිකම.
  • වධහිංසාව ,කෲර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලින් නිදහස් විම සහ දඬුවම් වලින් තොරවිමේ අයිතිවාසිකම.

දෙසැම්බර් පළමුවැනිදා දිනමිණ පත්තරයේ ඒඩ්ස්ගැන මෙසේ සඳහන්ව තිබිණි – http://www.dinamina.lk/2010/12/01/_art.asp?fn=n1012015

ලෝක ඒඩ්ස් දත්තයන් මෙතැනින් ලබාගත හැකිය. – http://www.avert.org/worldstats.htm

ලංකාවේ ඒඩ්ස්ගැන සිංහලෙන් කෙරුණු සාකච්ඡාවක් මෙතැනින් දැකිය හැක.

අමතර තවත් විඩියෝ

මෙම පහතින් ඇති පලවෙනි විඩියෝව ඉතාමත් හොඳයැයි මට සිතිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Filed under අධ්‍යාපනය, විද්‍යා, සමාජීය, සිංහල, සෞඛ්‍ය

වන් ලයිනර්ස් – දෙසැම්බර් 1, 2010

කාලවේලාව මද බැවින් පසුගිය දිනවල කියවූ බොහෝදෑ ගැන ලිවීමට නොහැකිවිය. එබැවින් මා කියැවු ලිපිවල සබැඳියාවන් ඔබට කියැවීමට මෙහි සඳහන් කරමි.

1. අපල නැති කිරීමට ලංකාවේ දලඇතුන් මරා දැමූවද ඉන්දියානු දන්ත වෛද්‍යවරුන් ඇතෙකුගේ දලයක තිබූ අසීරුතාවයක් නැතිකිරීමට දන්ත මූල පිරවීමක් කර ඇත. අපි ඉන්දියාවට වඩා ශිෂ්ට රටක්යැයි මා අසා ඇත.

2. ගැසට් නිවේදනයට අනුව සමහර අමාත්‍යාංශවලට කිසිම කාර්‍යභාරයක් නොමැත. මිනිසුන් සතු‍ටුකිරීමට අපේ මුදල් සෑහෙන ප්‍රමාණයක් නහස්තිවී යන හැඩක් පෙනේ. ඇමති මංඩලය විශාලවීමගැන මා එතරම් තැකීමක් නොකළද වැඩක් නොකිරීමට මුදල් නහස්තිකිරීම නිසා පඩිවැඩිවීමක් ලැබියයුතු මිනිසුන්ට එය ලබාදිය නොහැකිවීම කනගා‍ටුදායකය.

3. එක්සත් ජාතික පක්ෂය ඔවුන්ට වඩා හොඳින් ධනවාදී අයවැයක් සමාජවාදින් සහිත පෙරමුණු ආංඩුවකින් ඉදිරිපත් කිරීමගැන දුකට කියනකතා මේදිනවල ප්‍රවෘත්ති සාකච්ඡාවලින් ඇසේ. තිස්ස අත්තනායක මහතා මේ කියන ප්‍රතිශත ගණන්කිරීම් ඉගෙණගන්නට ඇත්තේ කාගෙන්ද?

4. විකි ලීක්ස් හී ජුලියන් අශාන්ජ් ඇමෙරිකාවගැන හෙළිකරනවිට ලංකාවේ දේශප්‍රේමීන් ඔහුව වීරයෙකු ලෙස සලකති. ඉදිරිදිනවලදී ලංකාවට සම්බන්ධ ලියකියවිලි 3600 හෙළිකළ පසුත් ඔහුට එසේ සලකාවිද?

5. ජනාධිපතිතුමාගෙන් අහලාතමයි සුසන්තිකා ආයෙත් දුවන්න හදන්නේ. මංජු එක්ක කතාකළානම් ආයෙත් මෙඩල් එකක් ගහන්නත් පුළුවන්වෙයි කියලා හිතෙනවා. කොහොමවුණත් නොදැනුවත්ව හරි තහනම් උත්තේජක පාවිච්චිකළානම් වරද පිලි අරගෙන පදක්කම සුදුස්සාට බාරදෙන්න කාලය හරි මංජු.

6. විශ්ව විද්‍යාල සිසුන් දේපල හානිකිරීමවැනි අමනකම් කිරීමට මා විරුද්ධවුවද හූවක් කියන්නවත් තරම් නිදහසක් නැතිනම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නවතාදමා ටියුෂන් කඩටිකක් දාන එක සුදුසුයි. ඒදවස්වල ‍රැජිනට සරම උස්සා පස්ස පෙන්වූනිසා විජේවර්ධන ශාලාවේ සිටි පිරිමි සිසුන් සහ හිල්ඩාවේ සිටි ගැහැණු සිසුන් මාරු කරලා තිබුණා බොහෝ කාලයක් යනතුරු. ඒවාගේ දෙයක් කලොතින් එල්ලා මරන්න තමයි දැන්නම් වෙන්නේ.

7. පරිසරයගැන කතාකළේ හෙල උරුමයේ චම්පික ඇමතිතුමා. විදුලි ඒකකයක් අඩුවට හදන්නකියලා පරිසරය විශාලලෙස කෙලෙසන ගල අඟුරු බලාගාරය ආරම්භකළේත් එතුමාමයි. ඒවුනාට ජනවාරියේ සිට විදුලි බිල වැඩිවෙනවාලු. රට පුරාම න්‍යෂ්ටික බලාගාර ආරම්භකළ ඉන්දියාව එකපාරටම අපිට ගල් අඟුරු බලාගාර නයට හදලා දෙන්නේ ඇයි කියලා කාටද කියන්න පුළුවන්?

එක් ප්‍රතිචාරයක්

Filed under දේශපාලනික, සමාජීය, සිංහල

ජනපතිතුමාගේ කථාව ක්‍රියාවට නැගෙයිනම්..

මීට කලින් ලියු දාගැබ් මහ වැව් බැන්දේ ඒලියන්ස්ලාය පුතේ ලිපියෙන් මා අදහස් කළේ අපගේ නායකතුමන්ලා හට අපගේ මිනිසුන්ගේ හැකියාවන්ගැන විශ්වාසයක් ඇතිව කටයුතු කිරීමට මතක්කර දියයුතු බවයි. මහින්ද රාජපක්ෂ මහතා දෙවනවර පදවි ප්‍රාප්තියේදී කල සම්පූර්ණ කතාවටම මා ඇහුම්කන්දී නොමැතිවුවත් ඉන් කොටසකට ඇහුන් කන්දීමට අවස්ථාවක් ලැබිණි. එය පහත වීඩියෝවෙනි.

“මිත‍්‍රවරුනි,

ඉදිරියේ තිබෙන්නේ අපි හැමෝටම බොහෝ සෙයින් රට වෙනුවෙන් වැඩ කිරීමට සිදුවන කාලයක්. මේ සියලු රැකියා රටට  ඕනෑ. ජාතියට  ඕනෑ. සියලු රැකියා වඩා ඵලදායීවත්, වඩා ආදායම් උපයන ආකාරයට ගෞරවනීය තත්ත්වයකට පත්වන එක තමයි අපේ බලාපොරොත්තුව. අපේ ශ‍්‍රමය කුලී ශ‍්‍රමය, වහල් ශ‍්‍රමය නොවෙයි. එය ශ‍්‍රම සම්පතක් බවට පත්කර ගන්න  ඕනෑ. ඒ ශ‍්‍රමය දියුණු කිරීමෙන් තමයි මගේ මව්බිම ආසියාවේ ආශ්චර්ය බවට පත්කරන්න පුළුවන්. (සම්පූර්ණ කතාව කියවීමට ක්ලික් කරන්න)

ජනාදිපති මහින්ද රාජපක්ශ මහතා කියූ සමහර දෑ මා ලියු ඉහත ලිපියේ ලියූ දෑ සමග සම්පුර්ණයෙන්ම වාගේ එකඟ වෙන බැවින්, ඒ වෙනුයෙන් මගේ ස්තූතිය එතුමාවෙත පුද කරමි.

දේශපාලඥයින්ගේ කථාවල ප්‍රතිඵල බොහෝවිටෙක සමාන්‍ය ජනතාවට ඒ ආකාරයටම ලැබෙන්නේ නැත. ඒ සඳහා උදාහරණ අපේ රටෙන් පමණක් නොව මුළුලෝකයෙන්ම සොයා ගත හැක.

නමුත් අපේ රටේ මිනිසුන්ගේ ඇති මුට්ටි ඇල්ලීමේ ප්‍රවණතාවය නිසා සහ අප දේශපාලඥයින්ගේ ඇති තම හිතවාදීන් පමණක් ‍රැකගැනීමේ සහ ඔවුනට පමණක් සැලකීමේ සංස්කෘතිය වෙනස්වනතුරු එතුමාගේ කථාවෙන් 10%කවත් ප්‍රතිඵල දැකගැනීමේ හැකියාවක් අපගේ ජනතාවට ලැබේද යන්න ඉතාමත් සැක සහිතය. 2010 වසරේ සිදුවූ සියල්ල සලකා බැලුවහොත් මෙම කතාව පුස්ස්ක්යැයි යමෙකුට සිතිය හැක. නමුත් ජනාධිපති පදවිට නැවත පත්වී සිටි නිසා ජනවාරියේ සිට නොවැම්බර් දක්වා කාලය අලුතින් යමක් පටන් ගැනීමට යොදවා නොගත්තාවිය හැක. දැන් උත්සවාකාරයෙන් නව ආරම්භයක් නැවතත් ලැබී ඇත.

යුද්ධයකට රටක් එකමුතු කරනවාක්මෙන් සංවර්ධනය වැනිදෙයකට රටක වැසියන් එකමුතු කිරීම අපහසු දෙයකි. යුද්ධයේදී සතුරෙකු සිටියි. සතුරා අන්‍ය ජාතියක, අන්‍ය ආගමක වීම හෝ සතුරා සාමන්‍ය ජනජීවිතයට හානිකර ලෙස හැසිරීම එවැනි එකමුතුකිරීමක් සිදුකිරීම පහසු කරයි (කොටි සංවිධානය මෙම සුදුසුකම් දෙකම සපුරාලූ අතර 1989 ජවිපෙ ඉන් එකක් සපුරාලුයේය). සංවර්ධනයේදි විවිධාකර මාර්ග ගතහැකි බැවින් සහ උමං දෘෂ්ටිය ඇති දේශපාලඥයින්ද ඔවුනට උපදෙස්දෙන පඬිවරුන්ද ඔවුනොවුන් අතර ඇතිවන මත ගැ‍ටුම්ද රටක් ලෙස ඒකරාශී කිරීම අසිරුවීමට හේතුවන කාරණා කිහිපයකි. නමුත් එම හේතූන්ට වඩා බොහෝ සෙයින් බලපාන්නේ දේශපාලඥයින්ගේ කතා සහ සැබැවින් සිදුවන දේ අතර ඇතිවෙනසින් මතුවන කුහකත්වයයි. සමහර විටෙක කුහකත්වය මතුවන්නේ දේශපාලඥයින්ගේම වරදින් නොවේ. ලංකා රාජ්‍ය සේවයේ සංකීර්ණත්වය මෙයට මුලිකම හේතුවකි. උදාහරණයක් ලෙස: අධ්‍යාපන ඇමතිතුමා එක විදියක බයිලක් කියද්දී ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ගුරුතුමා සහ සිසුවා අතර සිදුවේ.

රාජ්‍ය සේවය තුළ සුදුස්සන් සහ සැබැවින්ම යම්දෙයක් කළහැකි අය ඇතිවුවද විවිධ ආණ්ඩු යටතේ (මේ ආණ්ඩුවද ඇතුළුව) රාජකාරිය කිරීමට දේශපාලන බලයතුළින්ම පැමිණියවුන් ඇත. මොවුන් බොහෝවිටෙක් කිසිම දෙයක් කිරීමට නොදන්නවා මෙන්ම කිසිම දෙයක් කිරීමට උවමනාවක් නැති අයද වෙති. රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණයකට ලක්කළ නොහැක්කේ හැමවිටම් විරුදධ පක්ෂ විසින් එය අතකොලුවක් කරගන්නා බැවිනි. එසේම මේ රජයද රාජ්‍ය සේවය නඟාසි‍ටුවන බව කියයි. ජනාධිපතිතුමාට සැබැවින්ම ඔහු කී දේ කිරීමට උවමනාවක් ඇත්නම් ඒ සඳහා හරහට සිටිනුයේ ඔහු විසින්ම ගොඩ නගනවායැයි කියන රාජ්‍ය සේවයම විය හැක. ඒ සඳහා එකම පිළිතුර මුට්ටි අල්ලන්නන් පි‍ටුදැක සුදුස්සන්හට සුදුසු තැන් ලබාදීමම පමණි. නමුත් මුට්ටි අල්ලන්නන් මීපැණිමෙන් දැනෙන්නේ දේශපාලඥයින්ගේ කිල්ලෝට හිස් නැති බැවිනි.

විපක්ෂ ගැනද යමක් කිව යුතුය. ජවිපේ සමග ඡන්දය ඉල්ලු සරත් ෆොන්සේකා මහතා බේරා ගැනීමගැන කතාකරන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එම පක්ෂයේ සියල්ලන්ම රූපවාහිනී ඉදිරිපිටකරන එකම ප්‍රකාශය එයයි. අසු නමයේදී මිනිසුන්ට වදදුන්නද ඔවුන්ගේ නාමයෙන් මරා පුළුස්සා දැමු මා සමග ක්‍රිකට් ක්‍රිඩාකල මගේ යහළුවන්ගේ දැවෙන සුසානය ඉදිරිපිටින් ගොස් උසස් පෙළ ලියු හැටි මට තාම මතකය. ජවිපේට ඒවා අමතකය. ඔවුන් රටේ නැවතත් ඔවුන්ගේ නාමයෙන් මියයන්නට පිරිසක් තැනීමට තැතකයි. මෙම පක්ෂ දෙකම බොහෝදෑ කියයි. ඔවුනට අනුව මේ ආංඩුව තරම් වැරදිකරනලද ආංඩුවක් නොමැත. නමුත් ඔවුන් ආංඩුකළ කාලවලදි සිදුවූ දේ කළේ පිටසක්වලින් පැමිණියයන් ලෙස විපක්ෂය හැසිරේ. කිසිම විකල්ප යොජනාවක් හෝ අදහසක් රට ඉදිරියේ නොගෙනෙන විපක්ෂයේ පක්ෂ අදහස්වලින්ද බංකොලොත්වී ඇතැයි මට සිතේ.

ජනාධිපතිතුමා කියුදැ ඉ‍ටුකිරීමට ඔහු උත්සාහකරනු ඇතැයි මම අපේක්ෂාකරනුයේ අප රටවාසීන්ගේ උන්නතිය සඳහායි. නමුත් මා වැඩිකලක් එම ආකල්පයේ ‍රැඳිනොසින්නටද තීරණය කර ඇත්තේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය තවමත් මතකයේ ඇති බැවිනි. නමුත් ඉදිරි අවුරුදු කිහිපය තුළ ඔබතුමා කීදේ කරනබවක් පෙනෙයිනම් මගේ සහයෝගය නැවතවරක් පළකරමි. දැනට කියුදේ කිරීමට ධෛර්යය සහ ශක්තිය පමණක් ප්‍රාර්ථනාකරමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Filed under එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දේශපාලනික, මහින්ද රාජපක්ශ, ශ්‍රි ලංකා රාජ්‍ය සේවය, සිංහල

දාගැබ් මහ වැව් බැන්දේ ඒලියන්ස්ලාය පුතේ

1990 ගණන්වලදී අපේ ආර්ථිකය මංසන්ධියක් පසු කළායැයි මට සිතේ. එතෙක් කෘෂිකාර්මික ආර්ථිකයක්ව තිබු ශ්‍රි ලංකාව සේවා ආර්ථිකයක් බවට පත්වීම 90 දශකයේදී සිදුවිය. ඇඟලුම් කර්මාන්තයේ නිෂ්පාදන අපේ රට තුළ ප්‍රධාන අපනයනය බවට පත්විණි. ලංකාවේ සිට ඇමරිකාවට පැමිණ දෙවැනි දිනයේදීම පොත් බැගයක් ගැනීමට ‍ටුසොන් නගරයේ වොල්මාර්ට් එකෙදී මගේ සිතගත් බැගය නිෂ්පාදනය කර තිබුණේ ශ්‍රි ලංකාවෙදී බව දු‍ටු මගේ ඇ‍ඟෙහි හිරිගඩු පිපිණි. ඒ මා සිතතුළ ඇතිවූ යම් ආඩම්බරකමටයැයි මට සිතේ. එතැන් පටන් ඇදුම් කඩයකට ගොඩවෙන හැමවිටම විවිධාකාර ඇඳුම් මසා ඇත්තේ ලංකාවේද යන්න සොයා බලන්නට මම අමතක නොකළෙමි. ඒම ලේබල් දු‍ටුවිට සිතෙහි යම් දුකක්ද ඇතිවූයේ සන්නාලියන්ගේ දුක්ගැන මා යම් දුරකට දැන සිටි බැවිනි. මගේ නැදෑවන අක්කලා කිහිපදෙනෙක්ම ඇඟලුම් කර්මාන්තයේ නියැලී සිටි අයය.

ජනාධිපතිව සිටිකාලයේදී ආර්. ප්‍රේමදාස මහතා කෙරෙහි මාගේ සිතේ පැහැදීමක් නොතිබිණි. නමුත් නැවත හැරී බලන විට මගේ ජීවිතකාලය තුළ සිටි නායකයින් අතරින් රාමුවට පිටතින් සිතූ එකම නායකයා ඔහුයැයි මට සිතේ. ඒතැන් පටන් සිටි හැම නායකයාම ඔහුගේ ආකෘතිය විවිධාකාර නම් යොදා පාවිච්චිකරන අයුරු පෙනේ. පරණ රාමුවෙන් පිටතට පැමිණි නව නායකයින් ප්‍රේමදාස රාමුවේ හිරවී ඇත.

ඕනැම කර්මාන්තයක් වැඩි ලාභ තකා පිරිවැය අඩුකර ගැනීමට ලාභදායි කම්කරුවන් සොයායැම නිතර අසන්නට ලැබෙන දෙයකි. එය දැන් අපේ ඇඟලුම් කර්මාණතයට සිදුවන්නේ අසල්වැසි බංගලාදේශය වැනි රටවලින් ලාභ ශ්‍රමය සොයා ගත හැකි බැවිනි. ඇගලුම් කර්මාන්තය තුළ විශාලලෙස ‍රැකියා කපාහැරීම් පසුගිය වසර කිහිපය තුළ සිදුවී ඇති බව පාර්ලිමේන්තුවතුළදීම පසුගිය දිනක කථාවිනි.

කෙසේවෙතත් අපි දැන් සංචාරක කර්මාන්තයට සූදානම් වෙමින් සිටියි. නගර අලංකාරය සහ කැසීනෝ ව්‍යාපාරය දියුණුකිරීම පටන් ගෙන ඇත. සංචාරක කර්මාන්තය යනු සංකීර්ණ කර්මාන්තයකි. එයට දේශීය මෙන්ම විදේශිකයන්ද, හුදු විනෝදය තකා මෙන්ම අධ්‍යාපනය තකා සැරි සරන්නෝද අයත්වෙති. අපේ රට සැරසෙන්නේ මින් එක කොටසකට පමණක්යැයි මට සිතේ. එම කොටස දැනට තායිලන්තයට සිදුකර ඇති දේ අපේ රටට සිදු කරන්නට වැඩිකල් ගත නොවනු ඇත. රටේ වැඩිදෙනෙකු වෙළඳපොළ මත සියල්ල තීරණය විය යුතුය යන මතයේ සිටිති. සමහරක් දැ එසේ විය යුතුවුවද සමහරක් දැ එසේ නොවිය යුතුය. එය වෙනත් මාතෘකාවකි.

මේ දිනවල කඩුල්ල බැලූවිට මා ඉතාමත් ආශාවෙන් ගිය තැනක්වන පොළොන්නරුවෙහි පින්තූර දක්නට ලැබේ. ඒවා දු‍ටු මා අතීතයේ අතරමං විණි. අපගේ මුතුන් මිත්තන් මෙවැනි නිර්මාණ කරන්නට ඇත්තේ කිහිපවතාවක් සාදා කඩා බිඳදමා නැවත ගොඩනැගීමෙන් විය නොහැක. වාරිමාර්ග ව්‍යාපෘති, කළා කෘති, දැවැන්ත පිළිම සහ ගොඩනැගිලි සාර්ථක ලෙස ඉඳිකීරීමට, ඒවා සැලසුම් කිරීමට සහ වහල් සේවය යොදවා හෝ ඒවා ගොඩනැගීමට නායකත්වක්දීමට හැකි මිනිසුන් (හෝ පිට සක්වලින් පැමිණයියයන්) අපේ රටෙහි සිට ඇත.

එවැනි මිනිසුන් සිටිනවායැයි විශ්වාසය තිබු නායකයින් විශාල ව්‍යාපෘතිවලට අනුබල දී ඇත. අද අපට එවැනි නායකයින් නොමැත. අද මහා ව්‍යාපෘතිවලය චීන සැලසුම්කරුවන්, ඉන්ජිනේරුවන්, කම්කරුවන් පැමිණේ. රුසියාවෙන් පැමිණ තෙල් හාරනු ලැබේ. රටේ ඇති මිනිරන්වැනි ස්වාභවික සම්පත් හාරා කැබලිකොට පිටරටට විකිනනු ලැබේ.

ග්‍රැෆීන්

ග්‍රැෆයිට් සහ කාබන් නැනෝ ටියුබ්ස්

මිනිරන් (ඉංග්‍රිසියෙන් ග්‍රැෆයිට්) සෑදී ඇත්තේ මෙවර භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම්ලද ග්‍රැෆීන් නම් රසායනික ද්‍රව්‍යයේ ස්තර එකමත එක තබා තැනෙන ත්‍රිමාණ ආකෘතියකිනි. වෙනත් වචනවලින් කියතොත්, මිනිරන්වලින් ග්‍රැෆීන් ස්තර වෙන්කළ හැක. ග්‍රැෆීන් රෝල්කර කාබන් නැනෝටියුබ්ස්ද, ග්‍රැෆීන් ගුලිකර ෆුලරීන්ද (බකියි බෝල්ස්ද) තැනිය හැක. මා මෙහි ලියා ඇතිපරිදි එය ලෙහෙසියෙන් කළනොහැකිවුවද ඒවා කිරීමට හැකියාව ඇති ශ්‍රි ලාංකිකයින් ඇත. වසර කිහිපයකට ඉහතදී කරනලද සමීක්ෂණයකින් 2009 වසරේදී ඩොලර් මිලියන 200ක්වන කාබන් නැනෝටියුබ් සඳහා ඇති ඉල්ලුම 2020දී ඩොලර් බිලියන 9ත් පසුකර යන බව කියැවේ. නමුත් එවැනිදේ අපගේ වෙළඳපොළ පඬිවරුන්හට පෙනෙන්නේ නැත. ඔවුනට අනුව ඇමෙරිකාව වැනි බටහිර රටවලින් ශ්‍රි ලාංකිකයින් නැවත පැමිණෙන්නේ ඇමෙරිකානු ආර්ථිකය කඩාවැටී ඔවුනට රක්ෂා නැතිවීම නිසාය.

පසුගිය වසර 15තුළ විද්‍යා උපාධිධාරීන් 30000ක්වත් අඩුම තරමින් අප රටෙහි බිහිවී ඇත. ඔවුනව මෙවැනි කර්මාන්තයකට යොමුකරගැනීමට අපහසුතාවයක් නැත. අපගේ විශ්ව විද්‍යාල තුළ විෂය නිර්දේශය “අලුත් වෙළඳපොළට හැඩගැසිය යුතුය”යන මතය දරනා පඬිවරුන්හට මේ දේය කිවහැකිය. ග්‍රැෆයිට් සහ දියමන්තිගැන ඉගෙනගෙන ඇත්නම් (සාමාන්‍යයෙන් උසස්පෙළට සහ විද්‍යා උපාධියේ පළමු වසරතුළදී මෙය ඉගෙන ගනු ලැබේ) ඉතිරිය තේරුම් ගැනීම අපහසුනොවේ. විශ්ව විද්‍යාලයක් යනු කුඩා දරුවන්හට හෝ හැට පැන්න නාකීන්හට කුක්කු පොවන තනපටක් නොවේ. විද්‍යා උපාධියක් හරිහැටි හදාරා ඇමරිකාවට, එංගලන්තයට, සහ අනෙකුත් රටවල් විශාල ගණනකට පැමිණ පශ්චාත් උපාධි හැදැරීමේ හැකියාවක් ඇත්නම් ලංකාවේ විශ්වවිද්‍යාලයෙන් ඔබහට සිදුවිය යුතු සේවාව ඉ‍ටුවී ඇත. විෂය නිර්දේශ වෙනස්විය යුතුනැත යන්න මින් අදහස් නොකරමි. වෙනස්විය යුත්තේ විශ්වවිද්‍යාලයට නොගිය නමුත් විශ්ව විද්‍යාල පාගාදමන්නට තැත්කරන්නන්ගේ උවමනාවටවත්, ගම්බදින් පැමිණෙන උපාධීධාරින් හට ‍රැකියාදීමට අකමැති ඉතා කුඩා කොටසක්වන කොළඹ ප්‍රභූ පෙළැන්තියටවත් ඇති උවමනාවට නොවේ.

එවැන්නන් පතුරවන මත්වාදයන්හී පැටලී සිටින විශ්ව විද්‍යාලවලින් බිහිවන්නද, සැබවින්ම රටේ සියල්ලන්ගේම උන්නතිය ගැන සිතන (අධ්‍යාපන ඇමතිතුමා කියන පරිදි වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට නොගිය) අයද, ඉතාකුඩා පිරිසකගේ උවමනාවන් මත වෙළඳ පොළ හැසිරවීමට ආණ්ඩුව පොළඹවන්නන් දෙස බලාසිටින කාලය අවසන්කළයුතුය. නව අදහස් ගලා ඒමට ඉඩදීමට සහ ප්‍රේමදාස රාමුවෙන් පිටතට ආණ්ඩුව පැන්නවීමට උත්සාහකළයුතුය. ජංගී මැසීම නවත්වා, ජංගි ගලවා දෙකට නැමෙන්නට සිදුකරන කාලයක් ගෙන එන නායකයින්ටද, අපගේ මිනිසුන්හට ඇත්තේ අග්ගලා ගුළිකිරීමේ සහ ගංජා සුරුට්‍ටු රෝල් කිරීමේ හැකියාවන් පමණක්යැයි සිතන නායකයින්ටද අතීතය මතක්කොටදී රට වෙනතකට ගෙනයාමට කාලය පැමිණ ඇත.

පින්තූර

http://www.hanwhananotech.com සහ http://www.lbl.gov/Science-Articles/Archive/sabl/2007/Nov/gap.html

ප්‍රතිචාර 12

Filed under අධ්‍යාපනය, ආර්. ප්‍රේමදාස, ආර්ථිකය, ඇඟලුම් කර්මාන්තය, කාබන් නැනෝටියුබ්ස්, ග්‍රැෆයිට්, ග්‍රැෆීන්, දේශපාලනික, මිනිරන්, විද්‍යා, විශ්ව විද්‍යාල, සංචාරක කර්මාන්තය, සමාජීය, සිංහල

මගේ කතාවෙන් බිඳක්

බ්ලොග් ලියන සහොදරවරුන් දෙදෙනෙක් මම මගේ තාත්තාගැන ලියන්නේ නැත්තේ ඇයි කියා අසාතිබුණා. ඒවාගෙම පහත ලිපිය කියවූ තවත් සහෘදයෙක් මම මගේ තාත්තාගැන ආඩම්බරවියයුතුයි කියා මට ලියා තිබුණා. මගේ තාත්තාගේ තිබෙන හැකියාවන්ගෙන් කාලක්වත් මට නැහැ කියා කියන්න මම පසුබට වෙන්නේ නැහැ.

මම ඔහුගැන ඉතාමත් ආඩම්බරයි නමුත් මගේ චරිතයේ හැටියට මම මගේ තාත්තා වගේම බොහෝදේ පිටතට නොපෙන්වන කෙනෙක්. ඔහු ළඟදී අසනීපවුණා. මේ නිසාම ලංකාදීප පත්තරේ දෙවරක්ම ඔහුගැන ලියා තිබුණා. මේ පසුගිය ඉරිදා ලංකාදීපයේ (2010-10-31) තිබුණු ලිපියක්.

————

Here is the link : http://www.lankadeepa.lk/Section/sandella/2010/10/31/02.htm

සුගතපාල සෙනරත් යාපා ගේ කතාව

මං පාසල් යන කාලයේදීම මගේ අම්මයි තාත්තයි දෙන්නම නැතිවුණා’ මේ නිසා බොහෝම පසුගාමී කොල්ලෙක් විදියටයි මං දවස ගතකළේ’ පාසලේ මට පෙම්වතියකුත් සිටියා’ නමුත් මගේ මේ පසුගාමීකම නිසාම ඇය මාව අත්හැරලා බොහෝම කාර්යය ශූර කොල්ලෙක් යාළුකර ගත්තා’ මෙන්න මේ මගේ ආදර කතාව තමයි පසුකලෙක මං ‘හන්තානේ කතාව’ නමින් චිත‍්‍රපටයකට නැඟුවේ”

‘හන්තානේ කතාව’ චිත‍්‍රපටයේ නිර්මාතෘ සුගතපාල සෙනරත් යාපාගේ පාසල් ජීවිතයේ මිහිරිම වේදනාවේ මතක සටහනකි ඒ’ හන්තානේ කතාව’ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීමත් සමගම මෙරට නව රැල්ලක සිනමාවේ පුරෝගාමියා ලෙසට පිළිගැණුනු ඒ ජ්‍යෙෂ්ඨ සිනමාකරුවාවයි මෙවර සැඳැල්ල කතාබහට එක්කර ගන්නේ’ ඔහු ප‍්‍රථමයෙන්ම සඳහන් කළේ ඔහුගේ කලා දිවියේ ආරම්භයයි’

”මගේ කලා ජීවිතය ආරම්භය පැල්මඬුල්ල මධ්‍ය මහා විද්‍යාලය’ ඒ ඉස්කෝලේ ඉගෙන ගන්නා කාලයේදී මං රඟපෑමට යොමුවුණා’ අද ප‍්‍රවීණ රංගන ශිල්පීන් වන රාජා සුමනපාල හා නිශ්ශංක දිද්දෙනිය සමගත් එදා පාසල් වේදිකාවේ මං රඟපෑවා’ මේ දෙන්නා හිටියේ මට ඉහළ පන්තිවල”

ඔබ කලාකරුවෙකු වීමට පවුල් පසුබිමත් බලපෑවාද?

ඔව්’ ‘හතර මහා නිධානය’” හතර කේන්දරේ’ වැනි චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය කළ” ‘සුන්දර බිරිඳ’” ‘සමාජෙ අපි ඔක්කොම සමානයි’ ආදී චිත‍්‍රපට වල රඟපෑ ඇල්’ එම්’ පෙරේරා කලාකරුවා මගේ ඥාති සහෝදරයෙක්’ ඇමතිවරයෙකුව සිටි චිත‍්‍රපට නළු වී’ ටී’ ජී’ කරුණාරත්න සහ කවියෙකු” නළුවෙකු වූ කිංස්ලි දිසානායකත් මගේ ඥාතීන්’ ඇත්තම කියනවා නම් ඒ ඥාතීන්ගෙන් නළු උණ බෝවුණ නිසා තමයි මටත් නළුවෙක් වෙන්න හිතුනේ

ඊළඟට?

මට රැකියාවක් ලැබුණා වෙන්නප්පුවේ ‘ශ්‍රී ලංකා’ සිනමා ශාලාවේ’ රාජකාරිය ටිකට් කවුන්ටරයේ’ මට ලැබුණු හොඳම රැුකියාවයි කියලා හිතාගෙන රාජකාරියෙන් පස්සේ චිත‍්‍රපට බැලූවා’ සිංහල” දෙමළ” හින්දි” ඉංගී‍්‍රසි චිත‍්‍රපට බැලූවා විතරක් නෙවෙයි ප්‍රොජෙක්ටරයෙන් රූප රාමු පෙළගැසෙන්නේ කොහොමද කියලත් හොඳට සොයා බැලූවා’ මේ අතරේදී තමයි මට කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපිකාර රැකියාව ලැබුනේ’

කොහොමද ඒ යුගයේ තොරතුරු?

මගේ මේසයට යාබද මේසයේ සිටියේ ජී’ඞී’එල්’ පෙරේරා නම් මහත්මයෙක්’ ඔහුත් කලාවට පිස්සු වැටුණු කෙනෙක්’ අපේ කතා බහෙන් පසුව තමයි ජී’ඞී’එල්’ පෙරේරාගේ ‘කලා පෙළ’ නමින් සංවිධානය බිහි වුණේ’ මෙහි ලේකම් සහ භාණ්ඩාගාරික මම’

එයින් බිහිකෙරුණු නිර්මාණ?

‘සාමා’” ‘මෙහෙව් ලෝකෙක’ ආදී නාට්‍ය වේදිකාවට ගෙන ආවා’ ලැබුණු ආදායමෙන් රුපියල් 250 ක් මං ළඟ තිබුණා’ මේ මුදලත් යොදවලා ‘සාමා’ නාට්‍ය චිත‍්‍රපටයකට නඟමු කියලා මං යෝජනා කළා’ ඒ අනුවයි අපි සමූපකාර ක‍්‍රමයට ‘සාමා’ චිත‍්‍රපටය නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ’ අධ්‍යක්‍ෂවරයා ජී ඞී එල් පෙරේරා’

ඔබගේ දායකත්වය කොහොමද?

එක අංශයක් කියලා නැහැ’ ‘සාමා’ චිත‍්‍රපටයේ එන ‘වනන්තරේ ගල් අරඹේ විමානෙක’ ගීතය මගේ රචනයක්’ ගායනය කළේ තී‍්‍ර සිස්ටර්ස් සාමාජික මල්ලිකා පෙරේරා’ ඇගේ ප‍්‍රථම ගීතය’ සංගීතය ජයතිස්ස අලහකෝන්’ දෙනවක හාමිනේ” ලියෝනි කොතලාවල” ධම්ම ජාගොඩ” එල්සන් දිවිතුරුගම’ පී’ඞී’ මයිල්ලෑව” බුද්ධි වික‍්‍රම සිනමාවට හඳුන්වා දුන්නේ එම චිත‍්‍රපටයෙන්’

ඔබත් සිනමාවට ශිල්පීන් පිරිසක් හඳුන්වා දුන්නා නේද?

ඔව්’ ඒ මගේ ‘හන්තානේ කතාව’ චිත‍්‍රපටයෙන්’ නළු නිළියන් තෝරාගැනීමේ පරීක්‍ෂණයට 4200 ක් විතර ඇවිත් හිටියා’ ඒ අතරින් විජය කුමාරණතුංග” කලන්” සමන්ති ඇතුළු පිරිසක් තෝරා ගත්තා’ විජය කොණ්ඩය දිගට වවලා තිබුණා’ ඔහුගේ චරිතයේ හැටියට කොණ්ඩය කැපුවා’ කලන් හරිම දඟයෙක්’ ඔහුට හොඳ අනාගතයක් තියෙන බව මට දැනුණා’ විජය ධර්ම ශ්‍රී මහත්තය මට විශාල සහයෝගයක් දුන්නා’ සමූපකාර ක‍්‍රමයට 1968 දී මේ චිත‍්‍රපටයේ වැඩ පටන් ගත්තා’

ඊළඟට මොකද කළේ?

චිත‍්‍රපටයේ වැඩකටයුතු අවසන් කළායින් පසු විදේශීය තානාපති කාර්යාල වල පුස්තකාල වලට ගිහින් සිනමාවට සම්බන්ධ පොත් කියවන්න පටන් ගත්තා’ ඒ දැනුම ලබනකොට සිනමාවට භාෂාවක් තියෙන බව අවබෝධ වුණා’ හන්තානේ කතාවටත් වඩා යමක් කළ හැකියි කියා හිතුණා’ ඒ අනුව තමයි මං ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත‍්‍රපටය නිර්මාණය කළේ’

ඒ ගැන කෙටි විස්තරයක් කිව්වොත්?

චරිත දෙකයි රඟපෑවේ’ සමන් බොකලවල සහ ගාමිණී ගනේගොඩ’ මේ දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ’ දෙබස් එක වචනයක්වත් නැහැ’ හඬට තිබුනේ සංගීතය සහ පරිසරයේ ශබ්ද පමණයි’ කාලය විනාඩි 17 යි’ කළු සුදු’ හන්තානේ චිත‍්‍රපටය සමග ප‍්‍රදර්ශනය කළා’

‘මිනිසා සහ කපුටා’ කෙටි චිත‍්‍රපටය සම්මානයට පාත‍්‍ර වුනේ කොහොමද?

ඒ කාලේ චිත‍්‍රපට සංස්ථාවක් තිබුණෙත් නැති නිසා ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත‍්‍රපට තරගයකට යවන්න කවුරුත් උනන්දු වුනේ නැහැ’ කලා මණ්ඩලයේ සභාපතිවරයාව සිටි චාර්ල්ස් අබේසේකර මහත්මයාට මං මේ කෙටි චිත‍්‍රපටය පෙන්නුවා’ ඊට පස්සෙ මේ ගැන පැහැදිලා එතුමා මේ චිත‍්‍රපටය අරගෙන ගියා ඉන්දියාවේ 4 වැනි ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලට ඉදිරිපත් කරන්න’

එදා පැවති ඒ සම්මාන උළෙල ගැන කෙටි විස්තරයක් කළොත්?

රටවල් 40 කින් නිර්මාණ 114 ක් ඉදිරිපත් කර තිබුණා’ ඒ උළෙලේ සභාපතිවරයාව සිටියේ භාරතයේ මහා සිනමාකරු සත්‍යජිත් රායි’ මෙතුමාගේ තීරණයට අනුව රජත සම්මානය මට හිමිවුණා’ භාරතයේ මිර්නාල් සෙන්ට හිමිවුනේ තුන්වැනි ස්ථානය’

සම්මානය ගන්න ඉන්දියාවට ගියාද?

ඒ වනවිට මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ තනතුරක් දරමින් සිටියේ’ ඒ නිසාද දන්නෙ නැහැ ඉන්දියාවට යන්න අවසර දුන්නේ නැහැ’ පැවති රජයේ යූ’බී’ වන්නිනායක මුදල් ඇමතිතුමාට කරුණු පැහැදි කර දීලා ඉන්දියාවට යන්න අවසර ලබා ගත්තා’

සම්මානයත් දෝතින් අරගෙන ගුවන් තොටුපොලෙන් මව් රටට ගොඩ බහිනකොට සුගතපාල සෙනරත් යාපා කියන සම්මානනීය සිනමාකරුවා පිළිගන්න රතු පළස් එලා තිබුණාද?

මොන පිස්සුද? රජය වෙනුවෙන් වත්” සිනමා කර්මාන්තය වෙනුවෙන් වත් කවුරුත් ඇවිත් හිටියෙ නැහැ’ මාව පිළිගන්න ඇවිත් හිිටියේ අපේ ගෙදර අය විතරයි’

ගෙදර අය කිව්වෙ?

මගේ බිරිඳ හේමලතා සහ ඥාතීන්’

හේමලතා කොහොමද හමුවුනේ? (මගේ අම්මාගේ නම සෝමලතා, හේමලතා කියන්නේ අම්මගේ අක්කග ලිපිය ලියු කෙනාට ඇහුන හැටි වෙන්න ඇති)

හන්තානේ කතාව චිත‍්‍රපටය කරන කාලේ මං නතරවෙලා හිටියේ ගණේමුල්ලෙ අපේ අක්කලාගේ ගෙදර’ මේ ගෙදර ඉස්සරහින් උදේ හවස ගියා ගලහිටියාව සෙන්ට‍්‍රල් එකේ ඉගෙන ගන්න ගැහැනු ළමයෙක්’ අපේ අක්කගෙ දුවත් එක්ක තමයි ගියේ’ මමත් එයාගෙ මුහුණු බලනවා’ එයත් බලනවා’ හිනාවෙනවා’ එච්චරයි’ හැබැයි මං නම අහගත්තා’ නම සෝමලතා කිව්වා’

ඊට පසුව එයා ඇතුල් වුණා හෙද විද්‍යාලයට නර්ස් කෙනෙක් වෙන්න’ ඔය අතරේ මං අසනීපවෙලා රෝහලේ නතර වුණා’ අනේ ඊට පස්සෙත් හේමලතා හැමදාම ආවා මාව බලන්න රෝහලට’ මෙන්න මේ කරුණාවන්තකමට මං කැමති වුණා’

”මං කැමතියි ඔයාව කසාද බඳින්න”

”අම්මලාගෙන් අහන්න’”

ඔන්න ඔහොම තමයි හේමලතාගෙයි

සුගතපාලගෙයි විවාහය තීන්දු වුනේ’

හොඳයි ආදරණීය හේමලතා සමග රජත මයුර සම්මානය රැගෙන ගෙදර ගියාම කොහොමද සිංහල සිනමා කර්මාන්තයෙන් ලැබුණු ප‍්‍රතිචාර?

‘සුගතපාල ලිපිකාරයෙක්” ලිපිකාරයො දන්නවද සිනමාව”’’ ඉහළ පෙලේ අධ්‍යක්‍ෂවරයෙක් එහෙම කිව්වා’ ‘හන්තානේ කතාව බලන්න ටිකට් එකක් ගන්නවට වඩා හොඳයි ඒ සල්ලි වලින් බල්ලන්ට සුදු ආප්ප අරන් දෙන එක”’ මහා සිනමාකරුවන්ට කඬේ ගිය පත්තරකාරයෝ මගේ මූණටම කියන්න පටන් ගත්තා’ නවකයෙකුට නැගී සිටින්නට විචාරයක් කෙරුනේ නැහැ’

ඊට පස්සෙ?

‘පෙම්බර මධූ’ සහ ‘ඉන්දුට මල් මිටක්’ යන චිත‍්‍රපට නිර්මාණය කළා’ පෙම්බර මධූ චිත‍්‍රපටයට සුඛාන්තය සහ දුඛාන්තය කියැවෙන අවසානයන් දෙකක් තිබුණා’ දර්ශනයෙන් දර්ශනයට මාරු කරමින් ඒවා තිරගත කළා’ මා හිතන විදියට චිත‍්‍රපටයකට අවසානයන් දෙකක් ඇතුළත් කළ ලෝකයේ එකම චිත‍්‍රපටයත් පෙම්බර මධූ’

ඊළඟට?

රජයේ චිත‍්‍රපට අංශයට බැඳිලා රජයේ වැඩ පිළිවෙල් ඇතුළත් වාර්තා චිත‍්‍රපට හැදුවා’ ඒවා නිර්මාණශීලීව කළ නිසා ජාත්‍යන්තර සම්මානයට පවා පාත‍්‍ර වුණා’ මෙහෙම සම්මාන ගන්නකොට ඊළඟට පත්වුණු ආණ්ඩු කල්පනා කළා ඒ ඒ ආණ්ඩු වලට මං කඬේ ගියා කියලා’ ඒ නිසා රජයේ සේවයේ යෙදී සිටියදී පෞද්ගලික චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය කිරීම මට තහනම් කළා’

දැන් මොකද කරන්නේ?

අතීත පීඩනය නිසාද දන්නෙ නැහැ මගේ වම් අතත්” වම් පාදයත් පණ නැතුව ගියා’ දැන් නම් තරමක් සුවයි’ බිරිඳත්” සුභානි ගංගා දුවත් මාව හොඳින් බලා ගන්නවා’ මුදිත දර්ශන පුතා රැුකියාව කරන්නේ ඇමෙරිකාවේ’ ඒ වෙනුවට අපේ බෑනා ඒ’ රොහාන් පියදාස මගේම පුතෙක් විදියට මට කරන සත්කාරයට පිං දෙන්න  ඕනෑ’

ඔබේ හිතවතුන් ආවද ඔබව බලන්න?

කුරේ” කරුණාරත්න” නිශ්ශංක ධර්මරත්න” හයසින්ත් විජේරත්න ආවා මාව බලන්න’ එච්චරයි’

දුරකථනය : 0112 958196

කතාබහ: අමරදාස සිල්වා

—–

මම පාසැලේ පළවැනි පංතියේ ඉන්නකාලෙත් ඔහු කම්කරු දෙපාර්තමෙන්තුවේ ලිපිකරුවෙක්. පාසැල් ඇරිලා මාව ඉස්කෝලෙන් අරගෙන ඔහුගේ කන්‍තෝරුවට ගිහින් ඉන්නවා මට තාම මතකයි. ඔහුගේ මෙම පසුබිම මට බලපාපු හැටි වෙනදිනයකදී ලියන්නම්.

ප්‍රතිචාර 10

Filed under මගේ අත්දැකීම්, සිංහල