Category Archives: සනත් ජයසූරිය

නික්ම යන්නට සිතේ (I want to give up)

1994 දි චන්ද්‍රිකාට ඡන්දය දුන්නේ අපේ රටෙ අනාගතය වෙනුවෙන්ය. එහි අවසානය කෙසේද යන්න ඔබ සැවොම දනි. මාගේ ජීවිතයේ දුන් එකම ඡන්දයද එයයි. ඉන් පසු ජීවිතය මා තැන් තැන්වල ගෙනයාම නිසා ඡන්දය දීමට නොහැකිවිය. දඹුල්ලේ මැච් වල ටොස් එක පැරදීම වගේ එසේ ඡන්දය දීමට නොහැකිවීම වාසනාවක්දැයි මට සිතේ. 2010 ජනාධිපති ඡන්දයේ මුල් කොටසේ මම ලංකාවේ සිටියෙමි. එදිනවල දු‍ටු ඉතා නිහීන ඡන්ද දූෂණ නිසා මම කලකිරීමට පත්විණි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා අතීතයේ කර ඇතිදේ ගැන සලකා බලා ඉතා කුඩා අවස්ථාවක් මගේ සිතේ ඔහුට දිනි.

බොහොවිටක මාගේ යහළුවන් සමග කතාකරන විට මා රටේ සිදුවන වැරදිදැ වලට අතිශයෙන්ම විරුද්ධ වෙමි. අසාධාරණයන් දු‍ටුවිට මම බොහොවිට කතා කරමි. විශාල පිරිසක් නිශ්ශබ්දව අසාධාරණකම් විදිනා විට මම එතැන්හි හෝ ඒවා ගැන කතාකරමි. එවැනි දැ කොට විවිධාකාර අපහසුතාවන්ටද මුහුණ දී ඇත.

බ්ලොග අවකාශයේ සිටින්නේ ලාංකිකයින් ගෙන් 3% කටත් වඩා අඩු පිරිසකි. ඉදිරියේදී මෙය වැඩිවිය හැක. කෙසේවෙතත් 1978 සහ 1982දි සිදුවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලදීද ලාංකිකයින් මෙසේ නිහඬව සිටියේය. ඒවායේ පළ භුක්ති විදීනා කල නොයෙකුත් දේශපාලඥයින්ගේ මුෂාවන්ට මුළා විය. මාද ඒවැන්නෙකි. අගක් මුලක් නොදැන දේවල් සිදුවන්නේ ඇයිදැයි නොදැන් ගතකළ, කලබලවු කාලයක් මටද තිබී ඇත.

1978දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවාදයේදි ආචාර්ය ඇන්.ඇම් පෙරෙරා මහතාකළ කතාවක් මා මින් ඉහතදී සටහන් කළෙමි. එය කියවීමෙන් පසු ඔහුගේ බුද්ධිමත් භාවය ගැන ඉතා ඇල්මක් මා සිතෙහි ඇතිවිය.

Fast Forward to 2010

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු 143න් (කතානායක හැර) 128ක්ම ශ්‍රි.ළ.නි.පාක්ෂිකයින්ය. එම පක්ෂය තුළ 2017 දීවත් නැවත අලුත් නායකයෙකු නැති බව ඔවුන් දැන්ම තීරණය කොට ඇත. පසුපෙළ නායකයින් හැදී වැඩීමට සහ මතුවීමට නොදුන් පක්ෂවල අනාගතය ඔවුන්ගේ දෑස් ඉදිරිපිට ඇත. මොවු අතරින් නායකත්වය ගැන පෙරුම් පුරන මිනිසුන් නැතැයි මම නොසිතමි. නමුත් කථා කරන්නට කොන්දක් නැති එවැන්නවුන් අදත් 2017දීවත් මට අවශ්‍ය නැත.

ඉතුරු සුලු පක්ෂවල මන්ත්‍රිවරුන් කිවූදෑ ගැන සඳහන් කිරීමද පලක් නොවන තරම්ය. විමල් වීරවංශ මහතා ජනාධිපති ක්‍රමයක වෙනස් කම් විය යුතුය විධායක අගමැති විය යුතුය කියනා අතරම විධායක ජනාධිපති ධූරයට අතිමහත් බලයක් ලබාදීමට අත ඔසවන බව කියයි. මීට දින කිහිපයකට ඉහතදී ජනාධිපති ධූරය අධිකරණයට යටත් විය යුතුයි කිවු චම්පික රණවක මහතා ඇතුළු පිරිස ඉහත කී පරිදි ජනාධිපතිට අසීමිත බලයක් ලබාදීමට එකඟය.

වාමංශික පක්ෂ වෙනුයෙන් කතාකළ වාසුදේව මහතා මීට දින කිහිපයක ඉහතදී “කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා” යැයි කියනු දු‍ටුවෙමි. ප්‍රශ්නය කාගේ කොන්දද යන්නයි. සමසමාජයේ තීරණය ඇන් ඇම් ගේ නැදෑයා විසින්ම ඔහුගෙ වලට කරන අගෞරවයකි. කොමියුනිස්ට් පක්ෂයද එදා කීවේ වෙනත් කතාවකි. දිනේෂ් ගුණවර්ධන මහතා මන්ත්‍රිවරුන්ට පත් වීමේ සීමාවක් නැති නිසා මෙය හොඳ අදහසක් බව කියයි. ඇත්තටම ඔබවැනි මන්ත්‍රිවරුන් පත්වීමට සීමාවක් පැනවිය යුතුයි කියා මට එවේලේ සිතිණි. ලිබරල් යැයි නමට පමණක් කියනා මිනිසුන් ගැන කථා කිරීමද පලක් නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සහ ඉතිහාසය දන්නවායැයි සිතිය හැකි මහාචාර්යවරයෙක් මහනායකවරුන්ට මේ ගැන කියා දුන්නේය. මහානායකතුමන්ලාට අහිංසක ඒකාධිපතියෙකු අවශ්‍ය. අහිංසක සහ ඒකාධිපති එකට නොයන බව ඒතුමාණන්වහන්සේට නොතේරෙන හැඩයි. මහාචාර්යවරයා ළමයින්ට මොනවා උගන්නන්නට ඇත්දැයි මට සිතා ගත නොහැක.

විපක්ෂයේ මන්ත්‍රිවරු ජනතාවට එකක් කියා ඡන්දය ලබාගෙන දැන් එම ජනතාව පාවාදී ඇත්තේ මොනවාටදැයි නොතේරේ. විවිධාකර තැන්වල ඒ සඳහා හේතු දක්වා ඇත. මෙම පාවදීම් අප්‍රේල් මාසයේ සිටම ලැහැස්තිවූ ඒවා බව කලින් බ්ලොග සටහනකදී ලිවූවෙමි. සමහරුන් තම නායකත්වය ගැන ඇති අමනාපයට ඡන්දය නොදේ. සමහරුන් බලපෑම් නිසා යැයි කියති. බලපෑම් කිරීමට යම් ආකාරය හුණු ඔවුනගේ කිල්ලෝටවල ඇතැයි මට සිතේ. පබා ලක්ෂ 60ක් නයවූ ආකාරය ගැන බ්ලොග සටහනක් මා කලින් සටහන් කර ඇත. දැන් එම ගණන අඩුවී ඇත්ද? ඒ.ජා.පය සැදු සන්ධානයෙන් මන්ත්‍රිවරුන් සියල්ලක්ම පාහේ ඔවුන් අත්හැර ගොසින්ය. මේ සියල්ලටම වඩා විරොධතාවය දක්වමින් ඔවුන් කරන ප්‍රකාශ විහිළු සහගතය. ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන බුද්ධිය නැංවීමට මේ සියලු දේශපාලඥයින් විපක්ෂයේ සිටියෙදීවත් තැත් නොකරන්නේ ඔවුන්ව රවටා ඊළඟ වතාවේදි බලයට පැමිණීමට අවශ්‍ය නිසාවෙන් යැයි මම සිතමි.

රටේ සිදුවූ දැ ගැන අමතකර මාගේ වැඩ කටයුතු කිරීමට 90වේ අග භාගයේදී සහ 2000හේ මුල භාගයේදී මම පුරුදුවූයෙමි. මෙය එක්තරා දුරකට ලාංකික පුවත් අන්තර්ජාලය ඔස්සේ ලබා ගත නොහැකිවීමද හේතුවක් විණි. කෙසේ වෙතත ටැබූ සබ්ජෙක්ට්ස් හී කියනා ආකාරයට “මේ වාතාවරණය තුළ ශ්‍රී ලාංකීය පුරවැසියකුට කොමියුනිස්ට් රුසියාවේ පුරවසියකු හැසිරුණු ආකාරයෙන් බැහැර, ඊට වඩා අර්ථාන්විත, සමාජයට ඵලදායී හැසිරීමක් ගැන සිතිය නොහැකිය. නිදහස මරා දැමූ පමණින් සා ගින්න නොමැරෙන නිසා කොමියුනිස්ට් රටක වැසියෝ ඉබේම අඩ-මිනිස්, අඩ-රොබෝ, අඩ-වහල් චර්යාවකට පුරුදු වෙති. මේ අඩ-මිනිසුන්ට ස්ව මතයක් කියා දෙයක් නැත්තේය. ඔවුහු සමාජ ප්‍රගමණය සඳහා නොව, කුස පුරවා ගැනීම පිණිස පමණක් නීරස රැකියා කරති. (කොමියුනිස්ට් යුගයේ රුසියාවේ උගතුන්ට විද්‍යා විෂයයක් සම්බන්ධයෙන් කළ පර්යේෂණ පත්‍රිකාවක් වුව කොමියුනිස්ට් තෛලයෙන් තෙම්පරාදු කිරීමට සිදුවූ අතර, ඔවුහුද දැන දැනම එබඳු කිසිවකුත් නොකියවන, හිස් හෑලි ලිවූහ.) දේශපාලනය කතා නොකරන ඔව්හු කඩ පිළෙක ඇති දෙයකින් මැසිවිලි නොනඟා කුස අඩෙකින් හෝ පුරවා ගනිති. ඔත්තු සේවාවන්හි උකුසු ඇසට ලක් නොවීමට හැසිරීම පාලනය කොට කුරුබිලි වල කල් ගෙවති. ආදරය කෙසේ වෙතත් ජීව විද්‍යාත්මක අවශ්‍යතා සපුරා ගනු පිණිස තමන් කැමැති හෝ පක්ෂයෙන් තෝරාදෙන හෝ සහකාරියන්, සහකරුවන් සමඟ රමණයේ යෙදෙති. උත්තුංග කලා නිර්මාණ නැති කමින් ඉතිං ඊට පස්සෙ, අමන්දා, බඹර වළල්ල, අපේ යාළු පුංචි භූතයා වැනි මිනිස් රූප තිරයේ වැනෙනවා මිසෙක අන් හරයක් නැති ටෙලිද බලිද නරඹති. මේ සාමාන්‍ය ජනතාවට වඩා යම් තරමෙකින් කපට වන්නෝ පවත්නා ආණ්ඩුවෙහි ගුණ වැයීම රැකියාව කොට ගෙන ප්‍රතිලාභද, වරප්‍රසාදද ලබති. අනෙක්හු ඔවුනට ඊර්ෂ්‍යා කරති. මෙවන් සමාජයක කවර හෝ ආකාරයෙක ඉදිරි ගමනෙක් නොවේ. (මෙම කොටස ටැබු සබ්ජෙක්ට්ගෙන් උපුටා ගතිමි.)” – මම ජීවත්වූයෙමි.

නැවතත් එවන් කාලයක් පැමිණ ඇතැයි මට සිතේ. මෙම බ්ලොග සටහන් කියවන කෙනෙකුද නැත, එසේ කියවූවද ඔවුන් තම අයිතීන් වෙනුයෙන් කතා කරන්නේද නැත. ජීවිතයෙන් භාගයක් උත්සාහ කළෙමි ඉතිරි භාගය මමද ඔබ වැන්නේක් වී ජිවත් විය යුතුයැයි මම සිතමි. ඉදිරි මාස කිහිපය තුළ ලංකාවෙ ‍රැකියාවක් සඳහා පැමිණීමට මම ලැහැස්තිවෙමින් සිටිමි. ඇමෙරිකාවේ සිටින මාගේ ශ්‍රි ලාංකික මිතුරන් සියල්ලන්ම කියන්නේ “උඹ කටවහගෙන වැඩ කරපන්” කියාය. ටැබූගේ සටහනේ ඇති ආකාරය ගැනයි. අපිට වෙන අසාධාරණයන් ගැන අපි කතා නොකළොත් කවුරුන් කතා කරන්න දැයි මට සිතේ. නමුත් ඉදිරියෙදී අර්ධ රොබෝ ජීවතයක් ගත කල යුතුයැයි මම සිතමින් සිටිමි.

පිංතුරය
http://www.lankatruth.com/

Advertisements

ප්‍රතිචාර 6

Filed under අධ්‍යාපනය, ආගමික, ක්‍රිකට්, දේශපාලනික, මගේ අත්දැකීම්, සනත් ජයසූරිය, සමාජීය, සිංහල

ඔබේ මන්ත්‍රිතුමා, ඔබේ මන්ත්‍රීතුමිය

සනත් ජයසූරිය වුශ්ටශයර් ප්‍රාන්ත කන්ඩායම සමග ආයෙත් ක්‍රිකට් ගහන්න ගිහින් (http://www.cricinfo.com/worcestershire/content/story/460865.html). උපේක්ශා ස්වර්ණමාලි තමන්ගේ ණය ගෙවන්න චිත්‍රපටි වල රඟපාන්න ඉන්නේ

ඔබේ මන්ත්‍රිතුමා වෙන රටකට සල්ලිවලට ක්‍රිකට් ගහන්න යන කොටයි, ඔබේ මන්ත්‍රීතුමිය වැඩ පැත්තක දාලා චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය වල රඟපාන්න යන කොටයි ඔබ කථා නොකරනවානම්, ඔබගේ විරෝධය ප්‍රකාශ නොකරනවානම්,

ඔබගේ වෛද්‍යවරයා රෝහල අතපසු කොට පෞද්ගලික වෛද්‍ය ශාලාවක සල්ලිවලට බෙහෙත් කරනකොටයි

ඔබගේ ගුරුතුමා ඔබගේ පාසැල හෝ ඔබගේ විශ්ව විද්‍යාලය අත්පසු කොට ටියුශන් කඩයක උගන්වන කොටයි

දුක සිතෙන්නටත්, කෑගසන්නටත්, විරොධය පාන්නටත් ඔබට අයිතියක් තිබේද?

ප්‍රතිචාර 2

Filed under ක්‍රිකට්, දේශපාලනික, සනත් ජයසූරිය, සමාජීය, සිංහල

ජයසූරියගේ ක්‍රිකට් ගැන විතරක් කථාකරන්නේ ඇයි?

කලිනුත් සනත් ජයසූරිය ගැන ලියුවා (සනත් ජයසූරිය සහ සරත් ෆොන්සේකා). ඔහුගේ පසුබිම සහ ඔහු ක්‍රීඩා කරනු බලා මා සතුටට පත්වූ වාර ගනන කියලා නිමකරන්නට නම බැහැ. අපි වර්ල්ඩ් කප් එක දිනුව අවුරුදේ ගහපු හයේ ඒවාට වඩා අර්ධ අවසාන තරඟයේදී බින්දුවට දැවිලා ගියත් විකට් තුනක් අරගෙන් මැච් එක දිනන්න හවුල් උනා. මගේ වි.වි. අවසාන වසරේ එක ප්‍රශ්ණ පත්තරයක් හෙට කියලා තියාගෙනත් විද්‍යා පීඨ භොජනාගාරයේ එම තරඟය බැලු හැටි තාමත් මතකයි.

මම හිතන්නේ ජයසූරිය ක්‍රිකට් වලින් සමුගත යුත්තේ ක්‍රිකට් බැරි නිසා නොවේ. ඒක වෙනම සාකච්චාවක්.

අපේ රටේ මිනිසුන් විශාල සංඛ්‍යාවක් සනත්ට චන්දේ දුන්නේ රටට වැඩ කරන්න මිසක් ක්‍රිකට් ගගහා ඉන්නනම් නොවන බව මට විශ්වාසයි. රස්සාවල් දෙකක් තියෙන මිනිහෙක් ඒ දෙකේම වැඩ අතපසු නොකර කලයුතු නොවේද? සාමාන්‍ය මිනිසෙක් එක රස්සාවක් පමනක් කර කර අනික මඟ හැර සිටියහොත් කුමක් වෙයිද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාධ තියෙනවා. සනත් ඒවා ක්‍රිකට් ගහනකොටත් පාවිච්චි කරනවද? ඔහුගේ ක්‍රිකට් සවාරීවලට අපේ රටේ මිනිසුන්ගේ මුදල් පාවිච්චි කරලා, පාර්ලිමේන්තු වැඩ කරන්න කන්ඩායමකුත් යනවද? නැතිනම් පාර්ලිමේන්තුව ඔහු අමතක කරලද? 2011 ලෝක ශූරතාවටත් ක්‍රිකට් ගහන්න ආසයි කියලා තිබුන නිසා මෙසේ එක රස්සාවක වරප්‍රසාධ පාවිච්චි කරමින්, අනික් රස්සාව විතරක් කරන එක තව අවුරුද්දක් තිස්සෙම කරන්නද යන්නේ? මැද පිලිවෙතට නොනවතින ප්‍රශ්ණ මාලාවක්.

මොනවා වුනත්, කුමන හේතුවක් මත වුනත්, කවුරුන් හෝ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නොසලකාහරිනවානම් මැද පිලිවෙතත් එදාට පැත්තක් ගන්නවා. එනම් එවැනිදේ කරන මිනිසුන්ට විරුද්ධ පැත්තයි.

ප්‍රතිචාර 5

Filed under ක්‍රිකට්, දේශපාලනික, මගේ අත්දැකීම්, සනත් ජයසූරිය, සමාජීය, සිංහල