මගේ කතාවෙන් බිඳක්

බ්ලොග් ලියන සහොදරවරුන් දෙදෙනෙක් මම මගේ තාත්තාගැන ලියන්නේ නැත්තේ ඇයි කියා අසාතිබුණා. ඒවාගෙම පහත ලිපිය කියවූ තවත් සහෘදයෙක් මම මගේ තාත්තාගැන ආඩම්බරවියයුතුයි කියා මට ලියා තිබුණා. මගේ තාත්තාගේ තිබෙන හැකියාවන්ගෙන් කාලක්වත් මට නැහැ කියා කියන්න මම පසුබට වෙන්නේ නැහැ.

මම ඔහුගැන ඉතාමත් ආඩම්බරයි නමුත් මගේ චරිතයේ හැටියට මම මගේ තාත්තා වගේම බොහෝදේ පිටතට නොපෙන්වන කෙනෙක්. ඔහු ළඟදී අසනීපවුණා. මේ නිසාම ලංකාදීප පත්තරේ දෙවරක්ම ඔහුගැන ලියා තිබුණා. මේ පසුගිය ඉරිදා ලංකාදීපයේ (2010-10-31) තිබුණු ලිපියක්.

————

Here is the link : http://www.lankadeepa.lk/Section/sandella/2010/10/31/02.htm

සුගතපාල සෙනරත් යාපා ගේ කතාව

මං පාසල් යන කාලයේදීම මගේ අම්මයි තාත්තයි දෙන්නම නැතිවුණා’ මේ නිසා බොහෝම පසුගාමී කොල්ලෙක් විදියටයි මං දවස ගතකළේ’ පාසලේ මට පෙම්වතියකුත් සිටියා’ නමුත් මගේ මේ පසුගාමීකම නිසාම ඇය මාව අත්හැරලා බොහෝම කාර්යය ශූර කොල්ලෙක් යාළුකර ගත්තා’ මෙන්න මේ මගේ ආදර කතාව තමයි පසුකලෙක මං ‘හන්තානේ කතාව’ නමින් චිත‍්‍රපටයකට නැඟුවේ”

‘හන්තානේ කතාව’ චිත‍්‍රපටයේ නිර්මාතෘ සුගතපාල සෙනරත් යාපාගේ පාසල් ජීවිතයේ මිහිරිම වේදනාවේ මතක සටහනකි ඒ’ හන්තානේ කතාව’ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීමත් සමගම මෙරට නව රැල්ලක සිනමාවේ පුරෝගාමියා ලෙසට පිළිගැණුනු ඒ ජ්‍යෙෂ්ඨ සිනමාකරුවාවයි මෙවර සැඳැල්ල කතාබහට එක්කර ගන්නේ’ ඔහු ප‍්‍රථමයෙන්ම සඳහන් කළේ ඔහුගේ කලා දිවියේ ආරම්භයයි’

”මගේ කලා ජීවිතය ආරම්භය පැල්මඬුල්ල මධ්‍ය මහා විද්‍යාලය’ ඒ ඉස්කෝලේ ඉගෙන ගන්නා කාලයේදී මං රඟපෑමට යොමුවුණා’ අද ප‍්‍රවීණ රංගන ශිල්පීන් වන රාජා සුමනපාල හා නිශ්ශංක දිද්දෙනිය සමගත් එදා පාසල් වේදිකාවේ මං රඟපෑවා’ මේ දෙන්නා හිටියේ මට ඉහළ පන්තිවල”

ඔබ කලාකරුවෙකු වීමට පවුල් පසුබිමත් බලපෑවාද?

ඔව්’ ‘හතර මහා නිධානය’” හතර කේන්දරේ’ වැනි චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය කළ” ‘සුන්දර බිරිඳ’” ‘සමාජෙ අපි ඔක්කොම සමානයි’ ආදී චිත‍්‍රපට වල රඟපෑ ඇල්’ එම්’ පෙරේරා කලාකරුවා මගේ ඥාති සහෝදරයෙක්’ ඇමතිවරයෙකුව සිටි චිත‍්‍රපට නළු වී’ ටී’ ජී’ කරුණාරත්න සහ කවියෙකු” නළුවෙකු වූ කිංස්ලි දිසානායකත් මගේ ඥාතීන්’ ඇත්තම කියනවා නම් ඒ ඥාතීන්ගෙන් නළු උණ බෝවුණ නිසා තමයි මටත් නළුවෙක් වෙන්න හිතුනේ

ඊළඟට?

මට රැකියාවක් ලැබුණා වෙන්නප්පුවේ ‘ශ්‍රී ලංකා’ සිනමා ශාලාවේ’ රාජකාරිය ටිකට් කවුන්ටරයේ’ මට ලැබුණු හොඳම රැුකියාවයි කියලා හිතාගෙන රාජකාරියෙන් පස්සේ චිත‍්‍රපට බැලූවා’ සිංහල” දෙමළ” හින්දි” ඉංගී‍්‍රසි චිත‍්‍රපට බැලූවා විතරක් නෙවෙයි ප්‍රොජෙක්ටරයෙන් රූප රාමු පෙළගැසෙන්නේ කොහොමද කියලත් හොඳට සොයා බැලූවා’ මේ අතරේදී තමයි මට කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපිකාර රැකියාව ලැබුනේ’

කොහොමද ඒ යුගයේ තොරතුරු?

මගේ මේසයට යාබද මේසයේ සිටියේ ජී’ඞී’එල්’ පෙරේරා නම් මහත්මයෙක්’ ඔහුත් කලාවට පිස්සු වැටුණු කෙනෙක්’ අපේ කතා බහෙන් පසුව තමයි ජී’ඞී’එල්’ පෙරේරාගේ ‘කලා පෙළ’ නමින් සංවිධානය බිහි වුණේ’ මෙහි ලේකම් සහ භාණ්ඩාගාරික මම’

එයින් බිහිකෙරුණු නිර්මාණ?

‘සාමා’” ‘මෙහෙව් ලෝකෙක’ ආදී නාට්‍ය වේදිකාවට ගෙන ආවා’ ලැබුණු ආදායමෙන් රුපියල් 250 ක් මං ළඟ තිබුණා’ මේ මුදලත් යොදවලා ‘සාමා’ නාට්‍ය චිත‍්‍රපටයකට නඟමු කියලා මං යෝජනා කළා’ ඒ අනුවයි අපි සමූපකාර ක‍්‍රමයට ‘සාමා’ චිත‍්‍රපටය නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ’ අධ්‍යක්‍ෂවරයා ජී ඞී එල් පෙරේරා’

ඔබගේ දායකත්වය කොහොමද?

එක අංශයක් කියලා නැහැ’ ‘සාමා’ චිත‍්‍රපටයේ එන ‘වනන්තරේ ගල් අරඹේ විමානෙක’ ගීතය මගේ රචනයක්’ ගායනය කළේ තී‍්‍ර සිස්ටර්ස් සාමාජික මල්ලිකා පෙරේරා’ ඇගේ ප‍්‍රථම ගීතය’ සංගීතය ජයතිස්ස අලහකෝන්’ දෙනවක හාමිනේ” ලියෝනි කොතලාවල” ධම්ම ජාගොඩ” එල්සන් දිවිතුරුගම’ පී’ඞී’ මයිල්ලෑව” බුද්ධි වික‍්‍රම සිනමාවට හඳුන්වා දුන්නේ එම චිත‍්‍රපටයෙන්’

ඔබත් සිනමාවට ශිල්පීන් පිරිසක් හඳුන්වා දුන්නා නේද?

ඔව්’ ඒ මගේ ‘හන්තානේ කතාව’ චිත‍්‍රපටයෙන්’ නළු නිළියන් තෝරාගැනීමේ පරීක්‍ෂණයට 4200 ක් විතර ඇවිත් හිටියා’ ඒ අතරින් විජය කුමාරණතුංග” කලන්” සමන්ති ඇතුළු පිරිසක් තෝරා ගත්තා’ විජය කොණ්ඩය දිගට වවලා තිබුණා’ ඔහුගේ චරිතයේ හැටියට කොණ්ඩය කැපුවා’ කලන් හරිම දඟයෙක්’ ඔහුට හොඳ අනාගතයක් තියෙන බව මට දැනුණා’ විජය ධර්ම ශ්‍රී මහත්තය මට විශාල සහයෝගයක් දුන්නා’ සමූපකාර ක‍්‍රමයට 1968 දී මේ චිත‍්‍රපටයේ වැඩ පටන් ගත්තා’

ඊළඟට මොකද කළේ?

චිත‍්‍රපටයේ වැඩකටයුතු අවසන් කළායින් පසු විදේශීය තානාපති කාර්යාල වල පුස්තකාල වලට ගිහින් සිනමාවට සම්බන්ධ පොත් කියවන්න පටන් ගත්තා’ ඒ දැනුම ලබනකොට සිනමාවට භාෂාවක් තියෙන බව අවබෝධ වුණා’ හන්තානේ කතාවටත් වඩා යමක් කළ හැකියි කියා හිතුණා’ ඒ අනුව තමයි මං ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත‍්‍රපටය නිර්මාණය කළේ’

ඒ ගැන කෙටි විස්තරයක් කිව්වොත්?

චරිත දෙකයි රඟපෑවේ’ සමන් බොකලවල සහ ගාමිණී ගනේගොඩ’ මේ දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ’ දෙබස් එක වචනයක්වත් නැහැ’ හඬට තිබුනේ සංගීතය සහ පරිසරයේ ශබ්ද පමණයි’ කාලය විනාඩි 17 යි’ කළු සුදු’ හන්තානේ චිත‍්‍රපටය සමග ප‍්‍රදර්ශනය කළා’

‘මිනිසා සහ කපුටා’ කෙටි චිත‍්‍රපටය සම්මානයට පාත‍්‍ර වුනේ කොහොමද?

ඒ කාලේ චිත‍්‍රපට සංස්ථාවක් තිබුණෙත් නැති නිසා ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත‍්‍රපට තරගයකට යවන්න කවුරුත් උනන්දු වුනේ නැහැ’ කලා මණ්ඩලයේ සභාපතිවරයාව සිටි චාර්ල්ස් අබේසේකර මහත්මයාට මං මේ කෙටි චිත‍්‍රපටය පෙන්නුවා’ ඊට පස්සෙ මේ ගැන පැහැදිලා එතුමා මේ චිත‍්‍රපටය අරගෙන ගියා ඉන්දියාවේ 4 වැනි ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලට ඉදිරිපත් කරන්න’

එදා පැවති ඒ සම්මාන උළෙල ගැන කෙටි විස්තරයක් කළොත්?

රටවල් 40 කින් නිර්මාණ 114 ක් ඉදිරිපත් කර තිබුණා’ ඒ උළෙලේ සභාපතිවරයාව සිටියේ භාරතයේ මහා සිනමාකරු සත්‍යජිත් රායි’ මෙතුමාගේ තීරණයට අනුව රජත සම්මානය මට හිමිවුණා’ භාරතයේ මිර්නාල් සෙන්ට හිමිවුනේ තුන්වැනි ස්ථානය’

සම්මානය ගන්න ඉන්දියාවට ගියාද?

ඒ වනවිට මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ තනතුරක් දරමින් සිටියේ’ ඒ නිසාද දන්නෙ නැහැ ඉන්දියාවට යන්න අවසර දුන්නේ නැහැ’ පැවති රජයේ යූ’බී’ වන්නිනායක මුදල් ඇමතිතුමාට කරුණු පැහැදි කර දීලා ඉන්දියාවට යන්න අවසර ලබා ගත්තා’

සම්මානයත් දෝතින් අරගෙන ගුවන් තොටුපොලෙන් මව් රටට ගොඩ බහිනකොට සුගතපාල සෙනරත් යාපා කියන සම්මානනීය සිනමාකරුවා පිළිගන්න රතු පළස් එලා තිබුණාද?

මොන පිස්සුද? රජය වෙනුවෙන් වත්” සිනමා කර්මාන්තය වෙනුවෙන් වත් කවුරුත් ඇවිත් හිටියෙ නැහැ’ මාව පිළිගන්න ඇවිත් හිිටියේ අපේ ගෙදර අය විතරයි’

ගෙදර අය කිව්වෙ?

මගේ බිරිඳ හේමලතා සහ ඥාතීන්’

හේමලතා කොහොමද හමුවුනේ? (මගේ අම්මාගේ නම සෝමලතා, හේමලතා කියන්නේ අම්මගේ අක්කග ලිපිය ලියු කෙනාට ඇහුන හැටි වෙන්න ඇති)

හන්තානේ කතාව චිත‍්‍රපටය කරන කාලේ මං නතරවෙලා හිටියේ ගණේමුල්ලෙ අපේ අක්කලාගේ ගෙදර’ මේ ගෙදර ඉස්සරහින් උදේ හවස ගියා ගලහිටියාව සෙන්ට‍්‍රල් එකේ ඉගෙන ගන්න ගැහැනු ළමයෙක්’ අපේ අක්කගෙ දුවත් එක්ක තමයි ගියේ’ මමත් එයාගෙ මුහුණු බලනවා’ එයත් බලනවා’ හිනාවෙනවා’ එච්චරයි’ හැබැයි මං නම අහගත්තා’ නම සෝමලතා කිව්වා’

ඊට පසුව එයා ඇතුල් වුණා හෙද විද්‍යාලයට නර්ස් කෙනෙක් වෙන්න’ ඔය අතරේ මං අසනීපවෙලා රෝහලේ නතර වුණා’ අනේ ඊට පස්සෙත් හේමලතා හැමදාම ආවා මාව බලන්න රෝහලට’ මෙන්න මේ කරුණාවන්තකමට මං කැමති වුණා’

”මං කැමතියි ඔයාව කසාද බඳින්න”

”අම්මලාගෙන් අහන්න’”

ඔන්න ඔහොම තමයි හේමලතාගෙයි

සුගතපාලගෙයි විවාහය තීන්දු වුනේ’

හොඳයි ආදරණීය හේමලතා සමග රජත මයුර සම්මානය රැගෙන ගෙදර ගියාම කොහොමද සිංහල සිනමා කර්මාන්තයෙන් ලැබුණු ප‍්‍රතිචාර?

‘සුගතපාල ලිපිකාරයෙක්” ලිපිකාරයො දන්නවද සිනමාව”’’ ඉහළ පෙලේ අධ්‍යක්‍ෂවරයෙක් එහෙම කිව්වා’ ‘හන්තානේ කතාව බලන්න ටිකට් එකක් ගන්නවට වඩා හොඳයි ඒ සල්ලි වලින් බල්ලන්ට සුදු ආප්ප අරන් දෙන එක”’ මහා සිනමාකරුවන්ට කඬේ ගිය පත්තරකාරයෝ මගේ මූණටම කියන්න පටන් ගත්තා’ නවකයෙකුට නැගී සිටින්නට විචාරයක් කෙරුනේ නැහැ’

ඊට පස්සෙ?

‘පෙම්බර මධූ’ සහ ‘ඉන්දුට මල් මිටක්’ යන චිත‍්‍රපට නිර්මාණය කළා’ පෙම්බර මධූ චිත‍්‍රපටයට සුඛාන්තය සහ දුඛාන්තය කියැවෙන අවසානයන් දෙකක් තිබුණා’ දර්ශනයෙන් දර්ශනයට මාරු කරමින් ඒවා තිරගත කළා’ මා හිතන විදියට චිත‍්‍රපටයකට අවසානයන් දෙකක් ඇතුළත් කළ ලෝකයේ එකම චිත‍්‍රපටයත් පෙම්බර මධූ’

ඊළඟට?

රජයේ චිත‍්‍රපට අංශයට බැඳිලා රජයේ වැඩ පිළිවෙල් ඇතුළත් වාර්තා චිත‍්‍රපට හැදුවා’ ඒවා නිර්මාණශීලීව කළ නිසා ජාත්‍යන්තර සම්මානයට පවා පාත‍්‍ර වුණා’ මෙහෙම සම්මාන ගන්නකොට ඊළඟට පත්වුණු ආණ්ඩු කල්පනා කළා ඒ ඒ ආණ්ඩු වලට මං කඬේ ගියා කියලා’ ඒ නිසා රජයේ සේවයේ යෙදී සිටියදී පෞද්ගලික චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය කිරීම මට තහනම් කළා’

දැන් මොකද කරන්නේ?

අතීත පීඩනය නිසාද දන්නෙ නැහැ මගේ වම් අතත්” වම් පාදයත් පණ නැතුව ගියා’ දැන් නම් තරමක් සුවයි’ බිරිඳත්” සුභානි ගංගා දුවත් මාව හොඳින් බලා ගන්නවා’ මුදිත දර්ශන පුතා රැුකියාව කරන්නේ ඇමෙරිකාවේ’ ඒ වෙනුවට අපේ බෑනා ඒ’ රොහාන් පියදාස මගේම පුතෙක් විදියට මට කරන සත්කාරයට පිං දෙන්න  ඕනෑ’

ඔබේ හිතවතුන් ආවද ඔබව බලන්න?

කුරේ” කරුණාරත්න” නිශ්ශංක ධර්මරත්න” හයසින්ත් විජේරත්න ආවා මාව බලන්න’ එච්චරයි’

දුරකථනය : 0112 958196

කතාබහ: අමරදාස සිල්වා

—–

මම පාසැලේ පළවැනි පංතියේ ඉන්නකාලෙත් ඔහු කම්කරු දෙපාර්තමෙන්තුවේ ලිපිකරුවෙක්. පාසැල් ඇරිලා මාව ඉස්කෝලෙන් අරගෙන ඔහුගේ කන්‍තෝරුවට ගිහින් ඉන්නවා මට තාම මතකයි. ඔහුගේ මෙම පසුබිම මට බලපාපු හැටි වෙනදිනයකදී ලියන්නම්.

Advertisements

ප්‍රතිචාර 10

Filed under මගේ අත්දැකීම්, සිංහල

10 responses to “මගේ කතාවෙන් බිඳක්

  1. සුපර් ස්ටාර්ලාට රතු පාවඩ එලන මේ රටේ, ඔබේ පියා වැනි කලාකරුවන්ට නිසි සැලකිල්ලක් නොලැබීම පුදුමයක් නොවෙයි. ඒ ගැන කණගාටුයි. ඔහුව හොඳින් රැකබලාගන්න. ඔබේ පියාණන්ට ඉක්මන් සුවය ලැබේවායි පතනවා..

  2. සමීර කියපු දේ හරියටම හරි. ගොම රිටි මතු වෙලා මැණික් ගල් යට යන යුගයක් මේක…. ඒ නිසා ඒ ගැන කම්පා වෙලා වැඩක් නැහැ කරන්න තියෙන දේ කරනවා ඇරෙන්න…..
    අපටත් දවසක හඳ පායාවි… ඒත් ඒ වෙනකොට පෙරහැර ගිහින් හමාරයි. බොහොමයක් කලා කරුවොන්ට සම්මාන උපහාර පිදෙන්නේ ඒ ගොල්ලෝ නැති කාළෙට… මේ ක්‍රමය වෙනස් කරන්න/වෙනස් වෙන්න ඕන වුනත් අද කාළයේ වානිජමය සමාජ ක්‍රමය ඊට ඉඩ දෙන්නේ නැහැ….
    ඔබේ පියාට ඉක්මන් සුව සහ දීර්ඝායුෂ පතනවා….

  3. මුදිත අයියා…තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා….තාත්තා ගැන ඔයත් ලිපියක් ලියුවොත් හොඳයි නේද… :)..ඒක වටින වැඩක් වෙයි කියල හිතනවා..

  4. arunishapiro

    “මිනිසා සහ කපුටා” ඉතා ආශාවෙන් රසවිඳි, අදත් මතකයේ රැඳී තියෙන්නක්. “හන්තානේ කතාව”ත් දැකලා තියනවා, හැබැයි ඒක එච්චරම මතකයේ නැහැ. ඔබගේ තාත්තාට නිරෝගී සුව පතමි!

  5. cwellage

    හන්තානේ කතාව චිත්‍රපටයෙ මම අහල තියෙනේ හන්තානට පායන සඳ කියන සින්දුව විතරයි හැබයි ඒ චිත්‍රපටය අනිවර්යෙන්ම ලස්සන වෙන ඔනේ ඔබෙ පියාගෙ අත්දැකීමක් නිසා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )