විද්‍යාව අතහැර දැනුම සොයා තනිමග යන දර්ශනවාදීන්ටයි

දර්ශනවාදය මිනිසාගේ ආරම්භයතරමට පැරණියැයි සිතිය හැක. ආරම්භයේ පටන්ම දර්ශනවාදය මිනිසාත් විශ්වයත් අතර ඇති සම්බන්ධය සොයායැමට වෙරදරයි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස දේවවාදී ආගම් සහ විවිධාකාර ස්වාභාවික විද්‍යාවන් ආරම්භවිය. පැරණි දර්ශනවාදීන්වන ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ වැන්නවුන්ගෙන් විද්‍යාවට සිදුවූ සේවයද නොසලකාහැරිය නොහැක. මධ්‍යකාලීන යුගය දක්වා විද්‍යාවත් දර්ශනවාදයත් අතර එතරම් වෙනසක් නොතිබිණි.

17 වැනි සියවසේදී යුරෝපයේ පැවති සමාජය පල්ලියවිසින් බුද්ධිශෝධනය කරනලද්දක් බැවින් එහි ස්වාභිමාණය නිසා ආගම සහ විද්‍යාව අතර ආරවුල් ඇතිවිය. ප්ලේටො සහ ඇරිස්ටෝටල්ට අනුව පෘථිවිය කෙන්ද්‍රකරගත් ග්‍රහලෝක පද්ධතියක් එකල තිබු ආගම්වලට එකතුවීතිබිණි. ගැලිලියෝ විද්‍යාත්මක නිරීක්ෂණ තුළින් එය වැරදිබව වටහාගැනීම සහ සුර්‍යා කෙන්ද්‍රකරගත් ග්‍රහ මණ්ඩලයක් ඉදිර්පත්කිරීම මෙම ආරවුලේ මුලාරම්භයවේ. ආගම සමග මෙන්ම විද්‍යාව සහ දර්ශනවාදය අතර ආරවුලක ආරම්භයද තරමක්දුරට මෙයවිය හැක. එතැන්පටන් විද්‍යාවතුළ සිදුවූ වේගවත් දියුණුවනිසා විද්‍යාවත් දර්ශනවාදයත් අතර කැපීපෙනෙන වෙනස්කම් ඇතිවිණි.

දේවාගම්වාදය මෙන් නොව දර්ශනවාදයත් විද්‍යාවත් දැනුම ලබාගැනීමට තාර්කිකමය මගක් භාවිතාකරති. නමුත් මේසඳහා භාවිතාකරන ක්‍රමවේදයන් හාත්පසින්ම වෙනස්ය. දර්ශනවාදය පුද්ගලබද්ධ ආකෘතියක් භාවිතාකරමින් දැනුම සෙවීමට ප්‍රමුකතාවයක්දේ. මෙහිදී විශ්වයතුළ හා සමාජයතුළ තනිපුද්ගලයෙකුගේ වැදගත්කම උකහාදැක්වීමක් සිදුවේ. එමනිසාම දර්ශනවාදින් සහජාවබොධයෙන් ලැබෙන නිගමනයකට පැමිණ ඒය සනාථකිරීමට තර්කානුකූලව කරුණු ඉදිරිපත්කරයි. ඔවුහු බොහොවිට ලෝකය මෙසේ වියයුතුය යන මතය ඉදිරිපත්කරති.

විද්‍යාව යමක් කෙසේ වියයුතුද යන්නවෙනුවට යමක් සිදුවූයේ/සිදුවන්නේ කුමනාකාරයටද යන්න පෙන්නුම්කරදේ. ඒසඳහා විද්‍යාත්මක සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත්කරයි. නිගමනයකට පැමිණෙන්නේ පර්යේෂණාත්මක සාක්ෂි පදනම්කරගෙනය. විෂයානුබද්ධ ආකෘතියක් භාවිතාකරමින් යථාර්ථවාදී ලෝකයක විවිධාකාරදේ අතර ඇති සහසම්බන්ධතාවයන් පෙන්නුම්කරදේ. විද්‍යාව ඉතාමත් තර්කානුකූලය, ඉතාමත් පිළිවෙළකින් යුක්තය එසේම මානව ශිෂ්ටාචාරට ඉදියට ගෙනයාමට දැවැන්ත මෙහෙවරක් ඉ‍ටුකර ඇත.

අර්තානුකූල දැනුම සෙවීම සඳහාද, විද්‍යාවේ සහ දර්ශනවාදයේ දෙකෙහිම ඉදිරි පැවැත්ම සඳහාද සහජීවනයකින් කටයුතු කළයුතුවේ. දැන් සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍රයන් දෙකක්වන විද්‍යාවත් දර්ශනවාදයත්, අතීතයෙදී එකිනෙකාගෙන් ඉගෙනගෙන ඇත. නව විද්‍යාත්මක සොයාගැනීම්මත පදනම්වෙමින් නව දර්ශනයන් බිහිවී ඇත. පරිණාමවාදය, හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතා මූලධර්මය එවැනි නිදසුන්ය.

ආදරය වැනි හැගීම ඇතිවන්නේ එන්ඩො‍ෆින් නමැති රසායනිකයන් නිසායැයි විද්‍යාඥයින් නොකියනමුත් එවැනි රසායනිකයින් පිටියුටරි ග්‍රන්ථිය මගින් එවැනි හැඟීම ඇතිවූ කලෙක නිකුත්වන බව කියති. එබැවින් අණු මගින් සියල්ල තේරුම් ගත නොහැකිද/හැකිද යන්න රසායන විද්‍යාඥයින් නොකියති. එනමුත් යම්දෙයක් සිදුවීමට මූලිකවන අණුවක් ඇතිනම් එය කුමක්දැයි සොයාගනිති. එසේම එම අණු කෘත්‍රිමව ශරීරයට ඇතුළුකිරීම මගින් ස්වභාවිකව ඇතිවන හැගීමට සමාන හැඟීමක් ශරිරයතුළ ඇතිකළ හැකිබව ඔවුහූ දනිති.

විද්‍යාව එතුළින් සොයාගත හැකි සියල්ල සොයා නිමකොට නැත. එබැවින් සැමවිටම විද්‍යාවේ අසම්පුර්ණතා පවති. මීට වසර 50කට පෙර සාමන්‍ය මිනිසුන්හට මහසයුරේ මැදසිට හෝ කාන්තාරයක මැදසිට දුරකථන ඇමතුමක් ලබාගැනීම හිනෙකින්වත් සිතිය නොහැක්කක්විය. නමුත් අද එය වෙනස්වී ඇත. සමහර විද්‍යාත්මක සොයාගැනීම් සඳහා පර්යේෂණ සැලසුම්කිරීම මෙන්ම ඒවා සාර්ථකව ක්‍රියාත්මකකිරීමද ඉතාමත් අපහසුබවද මෙහිදී සඳහන් කළයුතුය.

විද්‍යාව එහි ගමන ඉදිරියට ‍රැගෙන යන අතරතුර දර්ශනවාදය 18 වැනි සියවසේ සිරවී ඇත. නවීන විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් කාලීන ප්‍රශ්න විසඳීමට හෝ සිදුවිය යුත්තේමෙයයැයි කීමට අලුත් දර්ශනයක් බිහිවී නොමැත. තාමත් ධනවාදය, සමාජවාදය කරපින්නාගෙන යන දර්ශනවාදීන් සාමය සහ නිදහස පතුරුවන්නට යන්නේ සමාගම්වල සිරකූඩුවල සිටය. බදුගැන කතාකරමින් ඡන්දය ඉල්ලන හෝ ඡන්දයදෙන කී දෙනෙකු ඇඩම් ස්මිත් හෝ කාර්ල් මාක්ස් කියවා ඇත්ද? කියවා තිබුණා නම් ඔවුන්ව පහසුවෙන් ‍රැවටිය හැකිවේද? ඇති නැති පරතරය වැඩිවන ලෝකයක, බලය සහ ධනය ඇති සුළුතරයක් විසින් පාලනයවන මානසිකත්වයෙන් මිදී නව විද්‍යා සහ තාක්ෂණික දැනුම භාවිතාකර අලුත් දර්ශනයක් ගොඩ නගා එතුළින් ළොවහි ප්‍රශ්න දකින්නට කාලය පැමිණ ඇතිබව දර්ශනවාදින්හට නොපෙනෙන්නේ ඇයි? ජෝන් රෝව්ල්ස් මේ සඳහා දරාඇති උත්සාහය ඉන් ඉදිරියට ගෙනයාමට අලුත් දර්ශනවාදීන්ට හැකිවේද?

ප.ළි.: විද්‍යාවතුළින් නොව දර්ශනයතුළින්ම පමණක් විශ්වයේ සැලැස්ම තේරුම් ගැනීමට හැකිද කියා කිවූ ඇය විද්‍යාව යන වචනය කොතරම් භාවිතා කොට ඇත්ද? එහි අරමුණ කුමක්විය හැකිද? විද්‍යාවතුළින් මෙය කළනොහැකිය යනමතයකට එල්බගෙන සිටීමටවඩා විද්‍යාවෙන් ඇතිකළ ඇතිකරන නව දැනුම උපයෝගීකර ගෙන විශ්වයේ සැලැස්ම් තේරුම්ගැනීමට උත්සාහ නොකිරීමට හේතුව දර්ශනවාදීන් පටන්ගන්නේ නිගමනයට පැමිණීමෙන් පසුව නිසාම වියහැකිය.

Advertisements

ප්‍රතිචාර 6

Filed under අධ්‍යාපනය, ආගමික, දර්ශනවාදය, පරිණාමවාදය, රසායනික, විද්‍යා, සමාජීය, සිංහල

6 responses to “විද්‍යාව අතහැර දැනුම සොයා තනිමග යන දර්ශනවාදීන්ටයි

  1. නවීන විද්‍යාව විවේචනය කරන යුගයේ මහාචාර්යවරයා – නලින් ද සිල්වා !!!!!

    මෙයා කියන කිසිම දෙයක් මට තේරෙන්නෑ. දැනට ප්‍රචලිත විද්‍යාවේ අඩුපාඩු තියනවනම් එවා විද්‍යාඥයන් එක්ක සාකච්ඡා කරල නිවැරදි කිරීමට උත්සාහ කරනවා වෙනුවට ඒක “පර සුද්දගෙ විද්‍යාව” කියල පැත්තකින් තියල, අපේ ක්‍රමයට අලුත් විද්‍යාවක් හදන්නයි පොර යන්නෙ.

    1980 සිට අවු 20ක් පුරාවට “නැගෙනහිර විද්‍යාව” කොච්චරක් දුරට දියුණු වෙලාද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මේ අලුත් විද්‍යාවට අනුව බුදු පිළිම වලින් බුදු රැස් විහිදෙන එක පැහැදිලි කරල තියෙන්නෙ මෙහෙමයි — කොටි එක්ක යුද්ධ කරන්න පටන් ගත්ත එකට බුදුන් වහන්සේගේ එකඟතාවය පල කරන්න සිමෙන්ති වලින් සෑදු පිළිම වලින් රැස් විහිදේ.

    මේක බලන්නකෝ

    හුක්කි හුක්කි හූ…………

  2. @ නුවන්

    ඔබගේ ප්‍රතිචාරය දෙවරක් සටහන්වී තිබූබවින් එකක් මකා දමමි.

    විඩියෝව බැලුවෙමි. ලිපියේ කියා ඇති ආකාරයට විද්‍යාවේදී නිගමනයකට පැමිණ එය සනාථ කිරීමට කරුණු ඉදිරිපත් කිරීමක් නොකෙරේ. ඒබව මතක තබාගෙන් නැවතත් වීඩියෝව බලන්න. එවිට පිළිතුර පැහැදිලිවේවි.

    නැගෙනහිර විද්‍යාව ගැනද කිවයුතුදෑ ඇත. එය කලකදී බටහිර විද්‍යාවට වඩා දියුණුවී තිබුණායැයි මමද විශ්වාසකරමි. දිනෙක් ඒගැනත් ලියන්නම්. නමුත් අවසාන වසර 30 ඇතුළත එහි පිරිහීම අධ්‍යාපනයේ වරදනම්, මෙම කථිකයා තමාවෙතද එම ඇඟිල්ල දික් කර ඇති බව මට සිතේ.

    • නවීන විද්‍යාවෙ අඩුපාඩු තියනව කියල මමත් පිලිගන්නව. 6 වෙනි ඡේදයත් සම්පූර්ණ ඇත්ත. මේකට හෙතුව ක්‍රිස්තියානුවන් සහ යුදෙව්වන් මනස සහ ජීවය ගැන ගැඹුරින් හිතන්න පුරුදු වෙලා නැති එකයි. ඒ කොටස කල යුත්තේ අපයි. නමුත් ඒ වෙනම විද්‍යාවක් හදාගෙන නොවෙයි.

      විද්‍යාව කියන්නෙ සියලු මනුෂ්‍ය වර්ගයා එකතු වෙලා ගොඩනගාගත යුතු දැනුම් සම්භාරයක් මිසක් නැගෙනහිර/බටහිර කියල බෙදාගන්න ඕනෙ එකක් නෙමෙයි. කලයුත්තේ වර්තමාන විද්‍යාවට පරස්පර මතයක් තමා තුල තියනවනම් එම මතය ඉදිරිපත් කරල එය “පර්යේෂණාත්මක සාක්ෂි පදනම්කරගෙ” උප්පු කර පෙන්වල “universal විද්‍යාව” දියුණු කිරීමට උපකාර කරන එකයි.

      උදා :- බුදු රැස් විහිදීම සම්බන්ධයෙන් නලින් මහත්තයට කරන්න තිබ්බෙ මෙයයි – තලේබාන් වැනි තවත් ත්‍රස්ථවාදී කණ්ඩායමකට එරෙහිව යුද්ධයක් පටන්ගන්න කියල බුදු පිළිම වලින් තවත් ආශ්චර්යයක් දකින්න පුළුවන්ද කියල සොයා බලන එක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )