න්‍යෂ්ටික බලය අපට සුදුසුද???

මාගේ විද්‍යා බ්ලොගයේ සටහන් කරන ලද “න්‍යෂ්ටික බලය අපට සුදුසුද” සටහන මෙහිද නැවත බ්ලොග් කරමි.

මුලින්ම සඳහන් කළයුත්තේ මා මේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවීම සඳහා මෙම සටහල ලියන බවත්, මේ මොහොතේ ඒගැන නිගමනයකට පැමිණ නැති බවත්ය.

මේ පිළිබඳව ලිපි දෙකක් ඇල්කෙමියා විසින් ලියා තිබූ බැවින් එම ලිපි 2ට ඌන පූර්ණයක් ලෙස මෙය ලිවීමට අදහස් කරමි. එබැවින් ඔබ එමලිපි මෙතැනින් (http://ariyananda.wordpress.com/) කියවා ඉන් පසු මේ ලිපිය කියවන්න යැයි ඉල්ලා සිටිමි.

ලංකාවේ න්‍යෂ්ටික බලය සඳහා පාවිච් කිරීමට බලා පොරොතු වෙනුයෙ ‍තෝරියම්-232 සමස්ථානිකය භාවිතා කරමින්ය. එමනිසා ඒගැන අවධානයක් යොමුකිරීමට බලාපොරොත්තුවෙමි.

1. ලංකාවෙ බහුලව පවතින තෝරියනයිට්වලින් (මුලින්ම සොයාගෙන් ඇත්තේ ආනන්ද කුමාරස්වාමි විසිනි) තෝරියම් නිස්සාරණය කර ගැනීම මුලික පියවරයි. මේ සඳහා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතාකර අධික උෂ්ණත්වයකට රත්කරන ක්‍රියාවලියක් දැනට භාවිතාවේ. යුරේනියම් භාවිතයේදී මෙවැනි රත් කිරීම මගින් නිසාරණය කිරීමේ මුලික පියවරක් නොමැත.

2. ‍තෝරියම් ඩයොක්සයිඩ් (‍ThO2 – තෝරියනයිට්වල අඩංගු ප්‍රධාන සංයෝගය) විඛණ්ඩනීය තත්වයට ගෙන ඒම සඳහා යුරේනියම් සමස්ථානිකයක් සමග මුලික පියවරකදී ප්‍රතික්‍රියා කළයුතුවේ.

3. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය (nuclear reactor) සඳහාද යුරේනියම් අවශ්‍යවේ.

4. තෝරියම් 232 හි වාසි

  1. න්‍යෂ්ටික අපද්‍රව්‍යවල විකිරණශීලීත්වය පවතින කාලසීමාව ඉතා අඩුය (නමුත් මේවා විකිරණශීලී අපද්‍රව්‍යබව මතකතබා ගතයුතුය)
  2. දැනට පවත්නා තාක්ෂණය අනුව ‍තෝරියම් භාවිතා කොට න්‍යෂ්ටික ආයුධ නිපද විය නොහැක. ‍තෝරියම් 232 -> යුරේනියම් 232, 233 සමස්ථානික සෑදුවද, ඒවා අධික උණුසුමකින් පවතින බැවින් ආයුධ නිපදවීමට යොදා ගත නොහැක
  3. යුරේනියම්වලට සාපේක්ෂව ‍තෝරියම් නිදි අධික වශයෙන් පවති

5. අවාසි

  1. කලින් සඳහන්කල පරිදි විඛණ්ඩනීයතත්වයට ගෙනඒමට යුරේනියම්-235 භාවිතා කිරීමට සිදුවන බැවින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම කෙටිකාලීන විකිරිණශීලිත්වයකින් යුතුයැයි සිතීම වැරදියි
  2. එයට අමතරම සමහර දීර්ඝ ජීව කාලයක් සහිත ඇක්ටිනයිඩ් සමස්ථානිකද මෙම අපද්‍රව්‍යවල තිබේ
  3. ඉන්දියාවේ ඇති විශාල ‍තෝරියම් නිදි නිසා ඔවුන් ‍තෝරියම් පිළිඹඳ විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වුවද න්‍යෂ්ටික ආයුධ සඳහා යොදාගත නොහැකි බැවින්, ලොව පුරා ‍තෝරියම් පර්යේෂණවලට වියදම්කරන මුදල් ප්‍රමාණය ඉතා අඩුය (විද්‍යාත්මක පර්යේෂණ සඳහා මුදල් වෙන්කිරීමේ දුක්ඛදායී තත්වය එයයි)

කෙසේවෙතත් ඉන්දියාවේ කාල්පාක්කම්හි ගොඩනාගගෙන යන ‍තෝරියම්, යුරේනිය සහ ප්ලුටොනියම් භාවිතාකරන මූලාකෘතික විදුලිබලාගාරයක් 2011දී ආරම්භවීමට නියමිත. 2020 වනවිට තවත් එවැනි බලාගාර 6ක් සැදීමට ඉන්දියාව තීරණය කර ඇත. ඔවුන් මේවන විටත් ‍තෝරියම් ටොන් 1ක් පමණ විකිරණය කොට නිපදවා ඇත. කාම්පාක්කම්හි ‍තෝරියම් ඔක්සයිඩ් නැවත සැකසුම් යන්ත්‍රාගරයක්ද ඉඳිකිරීමට නියමිතය.

මගේ නිරීක්ෂණ
1.ඉහත සඳහන්කල සෑම පියවරකදීම (උදාහරණයක් ලෙස, ‍තෝරියම් නිස්සාරණයකරන පියවරේදී අධික උෂ්ණත්වයකට රත් කිරීම) බලශක්තිය පාවිච්චිකිරීම අවශ්‍යවේ. එමනිසා අවසාන පිරිවැය සාඵල්‍යතා විශ්ලේෂණයට (cost effectiveness analysis) එම සෑම පියවරක්ම අදාළ කර ගතයුතුය

2. අපේ රටේ තිබෙන සෑම ඛනිජද්‍රව්‍යක්ම (මිනිරන්, ෆොස්ෆේට්, මැණික්) හාරා පිටරට යැවීම පමණක් සිදුකරන නිසා ‍තෝරියම් නිස්සාරණයකරන කර්මාන්තශාලාවක් මුලින් ඉඳිකිරීම සුදුසුයැයි මට සිතේ. එහි ක්‍රියාකාරිත්වය අනුව දෙවැනිපියවර ලෙස විදුලිබලාගාරය ඉඳිකළ හැක. මෙමගින් න්‍යෂ්ටික ද්‍රවයගැන අවබෝධයක්ද සේවකයින්ට ලබාගත හැක

3. නිස්සාරණය සඳහා අවශ්‍යවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතීතයේ පරන්තන්හී නිපදවන ලදී. මෙම කර්මාන්තශාලාව අභාවයටගියෙ යුද්ධයට පෙරය. එමනිසා පිරිවැය අඩුකර ගැනීම සඳහා එම කර්මාන්තශාලාව නැවත ආරම්භකිරීම කළයුතුයැයි මම සිතමි

4. න්‍යෂ්ටික අනතුරු වළක්වා ගැනීම සහ චර්නෝබිල් වැනි (http://www.chernobyl.info/index.php) අනතුරක් ලංකාවට දරා ගත හැකිද යන්නද විශ්ලේෂණයට ඇතුළත්විය යුතුය. ශ්‍රිලංකාව දූපතක් බැවින් සහ නිරිතදිගින් සහ ඊශානදිගින් හමනා සුළඟින් කොයිතරම් කාලයක්තුල කුමන ප්‍රදේශ සීමාවක් අනතුරකට ලක්වෙයිද යන්නද විශ්ලේෂණය කළයුතුය. චර්නෝබිල් වැනි අනතුරු සිදුවීමේ හැකියාව අවමවුවද සර්ව අශුභවාදී විශ්ලේෂණයක්ද නොකරසිටීමේ අනතුර ලෙහෙසියෙන් ඉවතලා හැක්කක් නොවේ

5. මෙයට අමතරව න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, එම කර්තව්‍යන්ගේ ආරක්ෂාව පිළිබඳවද විශ්ලේෂණයක් කළයුතුය. ඒ සඳහා වැයවන පිරිවැයද මෙම බලශක්ති ප්‍රවාහයේ පිරිවැයට එක්කල යුතුය

දේශපාලන, විද්‍යාත්මක සහ පාරිසරික ක්‍රියාකාරීන්ගේ බලපෑම්වලින් තොරව කරනලද ස්වාධීන විශ්ලේෂණාත්මක අගැයීමක් සම්පූර්ණයෙන් කියවා බලන තුරු මගේ තීරණය අත්හි‍ටුවා තැබීමය මම තීරණය කළෙමි. කෙසේවෙතත් විද්‍යාත්මක දෑගැන කිසිම සංවාදයක් සිදු නොවන රටක මෙමගින් හෝ විද්‍යාත්මක සංවාදයක් ඇතිවීමගැන මම සතු‍ටුවෙමි. බලශක්ති නිපදවීමගැන හදාරන ඉංජිනේරු සිසුන්ට හෝ බලශක්ති ඉංජිනේරුවන්හට තමන්ගේ විශ්ලෙෂණයන් ඉදිරිපත්කිරීමට ආරධනා කරමි.

Advertisements

ප්‍රතිචාර 8

Filed under අධ්‍යාපනය, දේශපාලනික, බල ශක්ති, විද්‍යා, සමාජීය, සිංහල

8 responses to “න්‍යෂ්ටික බලය අපට සුදුසුද???

  1. හොඳ ලිපියක්, ඒත් මට ගැටලුවක් !!

    න්‍යෂ්ටික බලාගාරයක් පවතින විට ඒ වටා සැලකිය යුතු දුරකට විකිරණ, ශරීරයට අහිතකරද්‍රව්‍ය පිටවන බව මා අසා තිබේ. එම නිසා න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකරන්න ලංකාවෙ භූමිප්‍රමාණය ඉඩ ඇතිද ?

    • @ ගීත් – මං අහල තියන විදිහට මේක කොහෙදෝ දූපතක හදන්න ඉන්නේ. තව විකිරණ block වෙන බැම්මකුත් ඉදිකරනවලු.

    • මෙය නිවැරදියැයි මම සිතන්නේ නැහැ. එසේවුවහොත් එම බලාගාරවල ‍රැකියා කිරීමට නොහැකිවේ. යම් විකිරණ ප්‍රමාණයක් සාමන්‍ය පරිසරයේ තිබේ. එම ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් බලාගාර අවට තිබිය හැක නමුත් පරිසරයට හෝ ජීවීන්ට හානිකර ප්‍රමාණයක් ඇතැයි නොසිතමි. කෙසේ වෙතත් සොයා බලා මා වැරදියිනම් නැවත ලියන්නම්.
      හොඳ ශක්ති ප්‍රභවයක්ද යන්න නිගමනය කළහැක්කේ, සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුය. උදා: කාබන් අපද්‍රව්‍ය නිකුත් නොකළාට, නිකුත්කරන අපද්‍රව්‍ය අති භයානක දෑ වේ.

      තාම හදන තැන තීරණය කර ඇතැයි මම නොසිතමි. මේ පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් සකසමින් පවතියි.

  2. R

    Muditha, I worked at the Atomic Energy Authority (AEA) for awhile, and at that time they were planning to build an Industrial Irradiator to process food and stuff.

    So we are getting our hands dirty, but IMO it’s not enough. To build a nuclear power station, you need competent people who know what they’re doing. And frankly that’s not going to happen in the government sector unless a huge reform happens. If you want to get something done in SL you need to privatize it, but you know.. it’s nuclear power and that’s not going to happen.

  3. පින්ග්කිරීම: න්‍යෂ්ඨික බලාගාරයක පැවැත්ම කෙරෙහි ශ්‍රී ලාංකික ආකල්ප බලපාන අයුරු. « ඇල්කෙමියාගේ රසායනාගාරය | Al

  4. R – I agree. I think ඇල්කෙමියා is also talking about this problem in the 3rd part of his series. I wonder How India did it. After all they are not much different I think. May be I am wrong.

  5. පින්ග්කිරීම: ජපානයේ න්‍යෂ්ටික බලාගාරයට මොකද වුනේ | Nadee's Thoughts | නදීගේ සිතුවිලි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )