ටෙන්ඩර් පටි පාටි, චන්ද සහ 4×400

2010 සැප්තැම්බරයේ අවසන් දිනයේ පුවත් පත්වල පළවූ පුවත් කිහිපයක් මෙසේය.

සරත් ෆොන්සේකා වැලිකඩට, ඡන්ද දෙකට වියදම අධ්‍යාපන අයවැයට වඩා වැඩියි සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලට සහභාගීමට සිටි 4×400 කණ්ඩායම ගුවන් තො‍ටුපළේදී අධිකරණ නියෝගයකින් නවතී.

මා සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ලෙස රට වෙනුයෙන් කල සේවයට හැර ඉන් පසු ඔහු කල අන් දේ ගැන පැහැදීමක් නොමැත. එසේම කොයි කවූරුන් වුවද වරදක් කළා නම් දඬුවම් ලැබිය සහ විඳිය යුතුය යන මතයද දරමි. කෙසේ වෙතත් මෙම මුලුකාලය තුළම නිතීය මගින් ඔහුට සාධාරණයක් විය යුතුයි සහ විය හැකිය යන සිතුවිල්ලෙන් බලා සිටියෙමි. දැන් එම කාලයේ පළවැනි කොටස අවසන් වී ඇත. ඔහුගේ ජෙනරල් ධූරය, පදක්කම් ඔහුට අහිමි විය. දැන් ඔහුව සිර ගත කිරීමට නියමවී ඇත. රටේ නීතිය ගැන සහ යුද හමුදා නීතිය ගැන මට ඇත්තේ පුවත් පත්වල සහ රූපවාහිනී නාලිකා වල කෑ මොර දෙන්නන් කියනා දේ පමණකි. SF ටෙන්ඩර් පටිපාටියට පිටින් අවස්ථා 4කදී යුද හමුදාවට භාණ්ඩ ලබා ගැනීම නිසා එම චෝදනා 4ට වරද කරුවී සිරගත කොට ඇත.

මට ඇති ප්‍රශ්න මෙවාය.
1. ටෙන්ඩර් පටිපාටියට පිටින් ගත් බඩුවලට මුදල් ගෙවීමට අත්සන් තබා ඇත්තේ කවුද?

2. මෙම බඩු කුමන අවස්ථාවක කොයිතරම් හදිසියකදි ගෙන්වන ලද ඒවාද?

3. තනි මිනිසෙකුට රජයේ හමුදාවකට ඔහුට ඔනෑ ලෙස භාණ්ඩ ලබා ගත හැකිද?

4.එසේ නොහැකිනම් අනිත් අය හිර භාරයට ගන්නේ කවදාද?

5. ඡන්දය දිනවල ඔක්ලහෝමා ප්‍රාන්තයෙන් පැමිණ කැගැසූ උපුල් ඉලංගම්ගේ කියූ දේවල්වලට SF වැරදි කරුවෙකු නොවුයේ මන්ද?

6. උපුල් ඉලංගම්ගේ කියූදේ බොරුනම් රට, රජය සහ මහජනතාව නොමග යැවීම නිසා ඔහු හිර භාරයට නොගන්නේ ඇයි?

7. හයි කෝර්ප් සමග කිසිම ගනුදෙනුවක් රජය නොකළ බව මීට දින කිහිපයකට ඉහතදී කියා තිබූ නිසා දනුණ තිලකරත්නට නඩු පවරා ඇත්තේ ඇයි?

8. මෙයට අමතරව SF ගේ මැර කල්ලිය විසින් ලසන්ත වික්‍රමතුංග මහතා මරා දමන ලදැයි පාර්ලිමේන්තුව තුළ රජයේ සහ විපක්ෂ මන්ත්‍රි වරුන් කරන/කල චෝදනා සොයා නොබලන්නේ ඇයි?

ඡන්ද දෙකට වියදම අධ්‍යාපන අයවැයට වඩා වැඩියි

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වෙනුයෙන් කල වියදම 2009 වසරේ අධ්‍යාපනය සඳහා කල වියදමට වඩා වැඩි බව මෙම පුවතින් කියැවිණි

http://www.dailymirror.lk/print/index.php/news/front-page-news/22913.html

එය රුපියල් බිලියන 4.6 කි (4,600,000,000). මෙම පුවත සැබැවක් නම් ඒ ගැන තව දුරටත් කථා කල යුතුද? අද පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කියන කරනා දේ බැලුවහොත් එම මුදල් ඉගැන්වීමට භාවිතා කළා නම් අනාගතයවත් හොඳ විය හැකිව තිබුණා.

4×400 කණ්ඩායම

http://www.sundaytimes.lk/sport-news/625-4×400-men-relay-team-prevented-from-attending-commonwealth-games

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවන කණ්ඩායම ගුවන් තො‍ටුපළේදී නතර කිරීමට එම කණ්ඩායමට තේරී නමුත් ඉන් කපා හරින ලද ශාලිත තරංග රාමනායක නමැතෙකු විසින් ගොනුකළ පැමිණිල්ලක් නිසා කොළඹ දිස්ත්‍රික්ක විනිසුරුවරයෙකු නියම කර තිබුණා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ 3දා අරම්භවන අතර නඩුව 4දා තෙක් විභාග නොකෙරේ.

අපගේ ක්‍රිඩා කටයුතු මෙන්ම උසාවි කටයුතුවලද ඇති පිරිහීම ගැන කුමක් කියන්නද?

රටේ සංවර්ධනයට ලැබී ඇති හොඳම අවස්ථාව මෙය බව අපි කවුත් පිළිගන්නවා. නමුත් සුදුස්සාට සුදුසු තැන නොලැබේ නම්, රටේ සාධාරණ නීතිය ක්‍රියාත්මක නොවේ නම්, මුදල් අනවශ්‍යදැ සඳහා නාස්ති කෙරෙ නම්, ඒ ගැන කථා නොකර සංවර්ධනය වූ කල ඔබට යහපතක් වේ යැයි සිතනවා නම් එය අනුවණ කමකි. නමුත් මේ මොහොතේ මොළය කල්පනා නොකළොත් එය අවබෝධවන විට පරක්කු වැඩිවනු නියතය.

Advertisements

එක් ප්‍රතිචාරයක්

Filed under ක්‍රීඩා, දේශපාලනික, සමාජීය, සරත් ෆොන්සේකා, සිංහල

One response to “ටෙන්ඩර් පටි පාටි, චන්ද සහ 4×400

  1. namal rajapaksha

    ඇයි බල්ලන්ට විතරද ලංකාවේ රජ කරන්න පුළුවන්.. සිංහයන්ට බැරිද? බල්ලට ගිට රට….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )