ආගමික අන්තවාදීන් අඟහරු වෙත යැවිය යුතුය

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කුඩා පල්ලියක පාදිලිවරයෙකුවන ටෙරී ජෝන්ස් (පල්ලිවල විශාලත්වය මනිනුයේ ඒයට සහභාගීවන මිනිසුන්ගේ ගණන අනුවය. මොහුගෙ පල්ලියට සාමන්‍යයෙන් 50 දෙනෙක් පමණ අයිතිය) 2010 සැප්තැම්බර් 11 දින කුරානයේ පිටපතක් පුළුස්සා දැමීමට සැරසෙ. දැනට ඔහු එම අදහස අතහැර දාමා ඇතැයි කීවද ඔහුව නොමග යැවීමක් කර ඇතැයිද කියයි.

2001 සැප්තැම්බර් 11දා මුලු ලොවම වෙනස්වී යැයි මට සිතේ. නිව් යොර්ක් නගරයේ සාමාන්‍ය ලෙස තම ජීවිතය ගෙන ගිය මිනිසුන්, ගැහැනුන්, ළමුන් 3000ක් පමණ නැවත ගෙදර පැමිණියෙ නැත. මෙම සිදුවීම වන විට මම ඇමරිකාවට පැමිණ එතරම් කාලයක් නොවූ බැවින් ලෝ පුරා ඇති ඇමරිකන් විරෝධය ගැන වැටහීමක් තිබිණි. කෙසේවුවත් මගේ ජීවිතය තුළ ලංකාවෙ බෝම්බ පිපිරුම් 7ක් සිදු වද්දී ඒවාට සැතපුමක් හෝ ඊට අඩු දුරක් ඇතුළත හිඳ ඇති බැවින් ඒවැනි සිදුවීම නිසා කිසිම සම්බන්ධයක් නැති මිනිසුන්ගේ වද විඳීම ගැනද මට අවබෝධයක් තිබුණි.

ටෙරී ජෝන්ස් මෙම කුරාණයෙ පිටපත ගිනිතැබීමට උත්සාහ කරන්නේ ඔහුට සැතපුම් 1000 කටත් වඩා දුරින් පිහිටි නිව් යොර්ක් නගරයේ ලෝක වෙළද මධ්‍යස්ථාන කුලුණු තිබු තැනට නුදුරින් ඉස්ලාමික ප්‍රජා ශාලාවක් ඉඳි කිරීමට විරෝධය දැක්වීම සඳහායි. මෙම ඉඳිකීරිමයට නිව් යොර්ක් නගරයේ නගරාධිපති සහ උසාවිය මගින් අවසරදී ඇත. මෙම පාදිලිතුමාට මේ ව්‍යාපෘතියට සැබැවින්ම විරෝධය පල කිරීමට උවමනාව තිබුණානම් මුලු ආගමකටම නිග්‍රහ කර ලොව පුරා මුස්ලිම් ජනතාව කුපිත කරවීමට අවශ්‍ය නැත. මා කලින් ලියා ඇති පරිදි මිනිසුන්හට තමාට කැමති ආගමක් ඇදහීමේ හෝ ආගමක් නො-ඇදහීමේ අයිතියට මම ගරු කරමි. එබැවින් මෙසේ මුලු ආගමකටම නිග්‍රහ කිරීම ගැන මාගේ ඇත්තේ ඉතාමත් අප්‍රසාදයකි.

ලොව පුරා මුස්ලිම් ජනතාව මේ සඳහා දක්වන ප්‍රතිචාරයද මම අනුමත් නොකරමි. ඔවුන්ව අවුස්සන මුස්ලිම් අන්තගාමින් ඇමෙරිකානු කොඩි ගිනි තියති. ඇමෙරිකානු රජය සහ ජනාධිපති ටෙරී ජෝන්ස්ගේ මෙම සිද්ධිය හෙළා දකිමින් එයින් වැළකෙන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත. මා සිතන ආකාරයට මෙරටේ මිනිසුන්ගෙන් වැඩි පිරිසක් මෙවැනි දේ හෙළා දකි. පසුගිය කාලයේ ලංකාවෙ කොඩියක් ගිනි තැබු කැනෙඩියානු වි.විද්‍යාලයක් උප කුලපතිතුමාට මා ඊ මෙලයක් යවමින් අසා සිටියේ ඔහුගෙ වි.විද්‍යාලයෙන් වෛරය වපුරන පුරවැසියන් බිහිවනු දක්නට කැමතිද කියාය. එතුමා මා වෙත එවූ පිළිතුරෙහි සඳහන් වූයේ ඒවැනි හැසිරීම රටාවන් එම වි.විද්‍යාලයේ සාර ධර්ම පද්ධතියට නොගැපලෙන බවයි. රටක කොඩියක් ගිනි තැබීම එම රටෙහි මිනිසුන් හට කරන නිග්‍රහයක් ලෙස සාමාන්‍යයෙන් පිළිගැනේ. නමුත් එවැනි දේ කරන මිනිසුන්ගේ සාර ධර්ම පද්ධතිය ගැන සාකච්ඡා කල යුතුයැයි මට සිතේ.

ආගම් වැනි කණ්ඩායම් වලට බෙදී වැඩ කරන මිනිසුන් එම කණ්ඩායම් තුළ තම අවකාශයට ඇලී සිටීමට හැමවිටම උත්සාහ කරති. ආගාමික කාණ්ඩයද එසේමය. තම අවකාශයට පිට කාණ්ඩයකින් ඇඟිලි ගැසීම වලට ඔවුන් ඉඩ නොතබති. එසේම අනික් කාණ්ඩයන් වලින් තම කණ්ඩායම විශාල කර ගැනීමට ඔවුන් උත්සාහ කරති. ඉතා කුඩා සංඛයාවක් උපතින්ම ලැබියයුතු ආගම්ද ඇත. කෙසේ වෙතත එක් ආගමක යම් වෙනස් වීමක් සිදු කිරීමට අනිකුත් කණ්ඩායමකට අයිතිය/අවස්ථාව ලබා දෙන්නේ නැත. පසුගිය දිනවල සත්ව හිංසනයට විරුද්ධව බෞද්ධ ස්වාමින් වහන්සේලා සත්‍යග්‍රහ කරන විටද මට මෙසෙ සිතුණි. මෙම වෙනස්වීම (සිදුවිය යුතුම දෙයක් වුවද) සිදුවිය යුත්තේ එම කෝවිලට අයත් බැතිමතුන්ගේ තුලින්මය. ඒ සඳහා අපි කල යුතුවන්නේ එම බැතිමතුන් දැනුවත් කිරීමය. යම් දේශපාලන වාසි තකා ජනතාව උසි ගන්වන කණ්ඩායම් වලට අනුව ක්‍රියා කිරීම මෙවැනි දෑ සඳහා පිළිතුරක් නොවේ.

ප. ලි.: සැප්තැම්බර් මස 11 දා මා ඉපදුණු දිනයයි. එබැවින් මෙම මෝඩ මිනිසුන් නටන නාඩගම් වලට මම මාගේ පෞද්ගලික විරෝධය තරයේ සටහන් කරමි.

Advertisements

ප්‍රතිචාර 8

Filed under ආගමික, මගේ අත්දැකීම්, සමාජීය, සිංහල

8 responses to “ආගමික අන්තවාදීන් අඟහරු වෙත යැවිය යුතුය

  1. revenge

    ඉස්ලාම් යනු නූතන යේ ලෝකයට ඇති විශාලම විනාශයයි.
    සිහිබුද්ධියෙන් කුරාණය කියෙව්වොත් ඔබටත් එය තේරේවි

    • සිහි නැතුවවුවද කුරානය කියවීමට මගේ අදහසක් නොමැත. මීට වසර කිහිපයකට පෙර ලොවට ඇති විශාලම විනාශය යුදෙව් ආගම බව මෙල් ගිබ්සන් කියා තිබුණි. එයද මම විශ්වාස නොකරමි. ලොවට ඇති විනාශය අන්තගාමීන්ය.

      ඔබ ඉස්ලාම් භක්තිකයෙකු නොවේ නම් ඔබ කල යුත්තේ ඔබට පුළුවන් හැටියට ඔබට තෙරෙනෙ දැ පිළිබඳ දැනුවත් කිරීමයි නමුත් අපහාස කිරීම ටෙරී ජෝන්ස් කරන දෙයමය. ඔබ ඉස්ලාම් භක්තිකයෙකු නම් ඔබ නරකයැයි සිතන දේ වෙනස් කිරීමට කල යුතු දැ කරන්න. අවසාන ඡේදයෙන් මා අදහස් කළේ එයයි.

      කාලයත් සමග සියලු දේ වෙනස්වේ. 2010 දී එයට අවුරුදු 1500 කට ඉහතදී ලියවූ දෙයක් අගැයීමට ලක් කල යුත්තේ ඉතිහාසය ගැන අවබෝධයක් ඇතිවය. එසේ නොකළහොත් ආදී මුතුන් මිත්තන් ගේ සත්ව ඝාතනයද වැරදි ලෙස පෙනිය හැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )