සුභ අනාගතයක සලකුණු

විද්‍යා විෂයන් පමණක් හදාරා ජිවිතය ජය ගත් නිසා ආර්ථිකය හා දේශපාලනය මට වැඩිය තේරුම නැති බවක් කිවහොත් එය නිවැරදිය. කෙසේ වෙතත් අලුත් ජනාධිපති සහ අලුත් ආණ්ඩුව ජනතාවට සුබ අනාගතයක් ලබා දෙන පොරුන්දුවදී මාස හතරක් ගත්වී ඇත. පසුගිය මාස හතර තුළ මා දු‍ටු බ්ලොග සටහන් සහ පුවත් වාර්තා වල සබැඳියාවන් ‍රැසක් මෙහි සටහන් කරන්නේ සුබ අනාගතය ගැන නිගමනය ඔබටම ගැනීමට ඉඩ තබමිනි.

අප්‍රේල්

මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම මහතාට අනුව නාවලපිටියේ ඡන්ද පොළවල්වල් ළඟ චණ්ඩින් ‍රැඳී සිටිය බව මේ පුවතින් කියැවුණා – http://www.dailymirror.lk/index.php/news/3207-hakeem-claims-thugs-near-booths.html

අල් ජසීරා රූපවාහිනි සාකච්ඡාවකදී ගොඨාභය රාජපක්ෂ මහතා ව්‍යවස්ථා සංශෝධන ළඟදීම ගෙන එන බවත් ජනාධිපතිතුමා තවත් බලය අපේක්ෂා කරනවා යන්න බොරුවක් බවත් කියා තිබුණා. – http://www.dailymirror.lk/index.php/news/3300-constitutional-changes-soon.html

මර්වින් සිල්වා මහතා මාධ්‍ය නියොජය ඇමති ලෙස පත්වූවා. – http://www.dailymirror.lk/index.php/news/3308-mervyn-gets-media.html

අභ්‍යන්තර අනාථවූවන් මාස 6කින් නැවත පදිංචිකර අවසන් කරන බව අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා කියා තිබුණා – http://www.dailymirror.lk/index.php/news/3411-resettlement-in-six-months.html

ජනාධිපතිධූරයට 3න්වෙනි වතාවටත් ඉල්ලීමේ හැකියාව ඇති සහ 17ත් වැන් සංශොධනයට වඩා හොඳ බලතල ඇති ව්‍යවතාවක් පැමිණෙන බවත් ඒ සඳහා අවශ්‍යවන මන්ත්‍රි ඡන්ද 7 ඒවනවිටත් ඇති බවත් මෙම පුවතේ සඳහන්වූවා. – http://www.dailymirror.lk/index.php/news/3382-three-terms-for-the-president.html

මැයි

මර්දනකාරි ත්‍රස්තවාදි මර්දන පනත තවදුරටත් ක්‍රියාකරීව පවත්වාගෙන් යාමට බලා පොරොත්තුවන බව ජී. එල් පීරිස් මහතා කියා තිබුණා. – http://www.dailymirror.lk/index.php/news/3498-anti-terror-law-to-remain.html

මර්වින් සිල්වා මහතා මාධ්‍ය නියෝජ්‍ය ඇමතිධූරයෙන් ඉලලා අස් වුණා –  http://www.dailymirror.lk/index.php/news/3549-mervyn-resigns-from-media.html

රුපියල් 200 – 325 ත් අතර ගණනකින් ගැස් මිල ඉහළ ගියා –  http://www.dailymirror.lk/index.php/news/3579-domestic-gas-prices-up.html

ජූනි

වාහන මත අයකරන බදු 75%කින් පමණ අඩු කිරීමක් කළා. එනිසා රජයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් අලුත් වාහන ගෙන්වන්නට පටන් ගත්තා – http://w3lanka.blogspot.com/2010/06/sri-lanka-government-advantaged-due-to.html

http://lasanthapolegoda.blogspot.com/2010/06/1.html

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=902&Itemid=56

කිරිපිටි මිල රු 19 – 48ත් අතර ගණනකින් ඉහළ ගියා – http://www.dailymirror.lk/index.php/news/4474-milk-prices-go-up.html

සිග‍රැට් සහ මද්‍යසාර සඳහා අයකරන් බදු වැඩි කිරීම නිසා ඒවායෙ මිලද ඉහළ ගියා. – http://www.dailymirror.lk/index.php/news/4604-alcohol-prices-up.html

ජී.පී.එස් ප්ලස් සහනය නැතිවීමෙන් සිදුවිය හැකිදේ සඳහා ලංකාවට සැලසුමක් ඇතිබව ජි.එල් පීරිස් ඇමතිතුමා කියා තිබුණා. – http://www.dailymirror.lk/index.php/news/4600-lanka-has-backup-for-gsp.html

පාං මිලද ඉහළ ගියා – http://www.dailymirror.lk/index.php/news/4580-bread-prices-go-up-too.html

රාජ්‍ය අංශයේ පඩි වැඩිකිරීම් ලබන අවුරුදේ සිට පමණක් බව අය වැයේදී කියවුණා. – http://www.dailymirror.lk/index.php/news/4716-wage-hike-from-2011.html

http://lankarednews.blogspot.com/2010/05/blog-post_4329.html

රු 85ත් – 117ත් අතර ගණනකින් ගැස් මිල අඩුවූවා. නමුත් අප්‍රේල් වල තිබු ගණනට වඩා මිල වැඩියි. මෙම අතරතුර වාසිය කාටද කියා මටනම් තේරෙන්නෙ නැහැ – http://www.dailymirror.lk/index.php/news/4748-gas-prices-reduced.html

ජූලි

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මුල්වීමෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය වටලා මාරන්තික උපවාසයක් පැවැත්වුණා.

http://gadflyzone.wordpress.com/2010/07/15/%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83-%E0%B7%84%E0%B7%8F-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1-%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94/

2009 වසරේ සිට ඉතා තදින් පැවති ඩෙංගු වසංගතය පිළිබඳ අලුතෙන් විශාල අවධානයක් ඇතිවූවා. ඩෙංගු සතියක්ද ලෙස අගෝස්තුවේ 3නි සතිය නියමකරා.

ජංගම දුරකථන ගාස්තු වල අවමය රුපියල් 2කට සිමා කිරීම ගැන මෙවැනි බ්ලොග් සටහනක් දක්න්ට ලැබුණා. – http://chain-inbox.blogspot.com/2010/07/fwd-2.html

අගෝස්තු

මර්වින් සිල්වා ඇමතිතුමා ඩෙංගු තහනම් කළා. ඉන්පසුව සමෘධි නිලධාරියෙකු ගස් බැඳීමෙන් එතුමාගේ නිලය අහිමිවූවා. ඒ වෙනුයෙන් පරික්ෂණයක් පවත්වා අවසානයි.

පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙක් ඔවුන්ට චන්දයදුන් අය පාවාදෙමින් ආණ්ඩු පක්ෂයට එකතුවූවා. මේ පිළිබඳ ආණ්ඩුව අප්‍රේල් මාසයේ සිට දැනගෙන සිටියත් ඔවුන්ට නාමයෝජනා අවස්ථාවදුන් විපක්ෂය බොරුවට කැගසා තිබුණා.

ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසයද ආණ්ඩුවට සහයදීමට ඉදිරිපත්වීම නිසා පාර්ලිමේන්තුවෙ 2/3 බලය ආණ්ඩුවට ලැබුණා. ඔවුන් විසින් මුලින්ම ඉදිරිපත් කරන්නට යන්නේ ජනාධිපතිතුමාට දෙවතාවකට වඩා ඉල්ලීමට හැකියාවක් ලබාදීමත්, 17ත් වැනි සංශෝධනයේ අඩුවන බලතල නැවත ලබාදීමත් යන කරුණුය.

ජී. එස්. පී. ප්ලස් සහනය නැතිවීම කෙලෙස බලපායිද නොදන්නා නිසා ඊළඟ මාස හය තුළ පඩි වැඩි කිරීම සහ අලුතෙන් ‍රැකියා ලබාදීම් නවතා දැමීමටද ඇඟැලුම් කර්මාන්තකරුවන් තීරණය කර ඇති බවට පුවතක් අගෝස්තු 23දා ෆයිනැන්සල් ටයිම්ස් හී දුට්වෙමි. – http://www.ft.lk සහ

http://www.sundaytimes.lk/100815/News/nws_44.html

1978 ව්‍යවස්ථාව සහ සංශෝධන 16 එකම අයෙකුගේ සහ එක පක්ෂයක බලය පවත්වාගැනීම සඳහා සිදුවූවක් බව බොහො අයගේ පිළිගැනිමයි. නමුත් විපක්ෂයේ සහයද ඇතිව එක් තැනකට එකතුවී ඇති බලය අඩු කිරීමට ගෙන ආ 17ත් වැනි සංශෝධනය තවමත් රටේ ක්‍රියාත්මක වී නැත. 18 වැනි සංශෝධනය මගින් එම 17ත් වැනි සංශෝධනයේ ඇති දැ නැවත ජනාධිපතිට ලබාදීමටත් දෙවතාවකට වඩා ජනාධිපති ධූරයට ඉල්ලීමට හැකියාව ලබාදීමට තීරණය කර ඇත. මෙයින් වාසි ලැබෙන්නේ 2දෙනෙකුට පමණි (මහින්ද සහ චන්ද්‍රිකා). රටේ අප වෙනුවෙන් ගෙන එන මෙම 18 වැනි සංශෝධනය අපට වාසි දායක වන්නේ කෙසේදැයි පහදා දිය හැකි කෙනෙකුට ආරාධනා.

මට නම් තාම සුබ නැත. ඔබට කොහොමද?

Advertisements

ප්‍රතිචාර 3

Filed under දේශපාලනික, සමාජීය, සිංහල

3 responses to “සුභ අනාගතයක සලකුණු

  1. මටත් තාම සුභ නැත. සුභ වන පාටක්වත් පේන්න නැත !

  2. හැකි ඉක්මනින් වෙන රටකට පනින්නයි මගේ අයිඩියා එක 😀

  3. ```Outsider```

    මේ දවස්වල අතමිට හිඟයි. ලාබෙට තියෙන වහ බෝතලේක නම කියනවද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )