විශ්ව විද්‍යාල සිසුන් මරා දැමීම සහ වීරයන් බිහිකිරීම

තවත් සරසවි සිසුවෙකු මිය ගොස් ඇත. දැන් මෙය ජේ.වී.පීලාට ඉමහත් ජයකි. එසේම ආන්ඩුවට විවිධාකාර හේතු පෙන්වමින් සත්‍ය වසන් කිරීමට තවත් අවස්ථාවකි. මේ ගැන දැන්ම සිට සමහර මාධ්‍ය ආයතන ක්‍රියාකරන වග ඇට මැස්සා ලියා තිබිණි. මගෙ වි.වි. ජීවිතයේ ලද අත්දැකීම් දෙකක් මෙහි ලියමි.

මුලින්ම අ.පො.ස. (සා.පෙ) දක්වා මමත් සමග දුම්රියෙන් පාසැල් ගිය කන්ඩායමේ රාගම ප්‍රදේශයේ සිට කොළඹට විදුහල් ගිය (විවිධ පාසැල් වලට) කිහිපදෙනෙක් සිටි බව මතක් කලයුතුය. ඒ දිනවල උ.පෙ. කිරීමට ජීව විද්‍යා විශය කලේ තවත් එක් අයෙක් පමනය. එම නිසා උ.පෙ. කල වසර 2 සහ ඉන් පසුත් ඔහු සමග ඉතා දැඩි මිත්‍රකමක් තිබිණි. කෙසේ වෙතත් උ.පෙ. කරණ කාලෙයේදී වෙනත් අයෙක් සමග මිත්‍ර වීම මගේ පරණ දුම්රිය මිතුරන් අනුමත නොකල බැවින් එම කන්ඩායමෙ ඉතුරු තිදෙනාගෙන් වෙන්ව ඇතිකර ගත් අලුත් මිතුරා සමග දුම්රිය ගමන් සිදු කරන්නට විය. කාලය ගතවූ කල, මෙම මිතුරන් 4 දෙනාගෙන් එක් අයෙක් පොලීසියටද, දෙදෙනෙක් යුධ හමුදාවටද, අනිකා නාවික හමුදාවටද බැඳුනි. වි.විද්‍යාල ප්‍රවේශය ලැබූයේ මා පමනක්ය.

පේරාදෙණිය වි.වි. හිල්ඩා ශාලාවේ 121 කාමරයේ මා සමග නාවාතැන් ලැබූයේ රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් වි.වි. ප්‍රවේශය ලැබූ දෙදෙනෙක්ය. එක් අයෙක් මල්දෙණිය කංකානම්ලාගේ පියරත්නය. ඔහු පලමු වසර අවසානයේදී සත්ව විද්‍යාව පිලිබඳ විශේෂ උපාධියක් කිරීමට සුදුසුකම් ලැබුයේය. වසර 4 අවසානයේ ඔහු මොළය ඉදීමීමේ රෝගයට (encephalitis) හේතුකාරක වන මදුරුවන් ගැන පශ්චාත් උපාධි පර්යේශණ සඳහා සම්බන්ධවිණි.

කෙසේ වෙත්ත වි.වි. ජීවිතයේදි ජනතා විමුක්ති පෙරමුණට නැමී සිටින (හිටියොත් දෙකට නැමි දෙවියොත් පු_ අරී කියලා කියනවනේ) වි.වි. ශිශ්‍ය බල මන්ඩලයේ සමහර ක්‍රියා මාර්ගයන් ගැන පිලිකුලක් ඇතිවිණි. 1976දි පොලිස් වෙඩි උන්ඩයකින් මිය ගිය වීරසූරිය සිසුවා එවිට පැවති උද්ගෝශණයට සම්බන්ද නොවූ නමුත් ඒ අසලින් ඇවිදගෙන ගිය අයෙක් බව දැන ගන්නට ලැබිණි. කෙසේ වෙතත් එල්ලෙන්නට වැල් නැතිව තිබූ ජ.වි.පෙ. විසින් ඔහුව වීරයෙකු බවට පත් කෙරුණි. පොලිසියේ මහත්වරුන්හට කිසියම් විනීතකමක් ඇත්නම් මෙවැනි අවි අත නැති මිනිසුන් හට වෙඩි තැබීම් වැනිදැ සිදුනොවන බව කිව යුතු නොවේ. නමුත් සහෝදර සිසුවෙකුගෙ මරණය තම දේශපාලන ආයුධය කරගන්නා ජ.වි.පෙ. වැනි කන්ඩායම් එම සිසුවාගේ ජීවිතය ගැන තඹ දොයිතුවක් තරම් නොසිතන බව ඉතාමත් පැහැදිලිය. 1989 කාලයේ පේරාදණිය වි.වි. තුල සියලූම සිසුන්ගේ හැදුනුම් පත් එකතු කිරිණි. එයට ටික දිනකට පසු පොලිසීයෙන් හැදුනුම් පත් ඇති අයට ගෙදර යාමට අවස්ථාව ලබා දුණි. සියලූම ජේ.වී.පී. කාරයින් ගෙදර ගිය අතර හැදුනුම් පත් නැති සිසුන් මුදවා ගැනීමට දෙමාපියන් හට පැමිනීමට සිදුවිය.  ජේ.වී.පී. කාරයින් සහෝදර සිසුන් ගැන සිතන්නේ තම ගැලවීම සඳහා පමනක් බව පෙන්වීමට උදාහරණ අනන්තවත් ඇත. ශිශ්‍ය සංගමය විසින් මෙවර මිය ගිය සිසුවාගේ මරණය පිලිබඳව ඇති එක පෝස්ටරයකට මගේ සිත ඇදිණි. “ප්‍රජාතන්ත්‍රවාදයට වින කටින ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරදවමු”. ශිශ්‍ය සංගම් වලින් ඇසීමට එක ප්‍රශ්නයක් ඇත. ඔබලාගේ ‍රැස්වීම් වල කොයිතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්වාද? තමන් ගූ හැලියක බැසගෙන් ඉන්නා කල අනෙකාට ගඳයි කීම ඔබලාගේ ක්‍රියා පටිපාටියයි. පැරණි පොතක මෙසේ ලියැවිණි- “ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට”.

මගේ හතරවෙනි වසරේදී සිසුන්ගේ උද්ගෝශණයකට නුවර හා පේරාදෙණි පොලිසි විසින් පහර දුනි. මෙනිසාවෙන් ඊට පසුදින එම පහර දීමට විරොධය ප්‍රකාෂ කිරීමට (පොලිසියෙන් පහර දීම කිසිම විටෙක අනුමත නොකරමි) මුලු වි.විද්‍යාලයම පංති වර්ජනයක යෙදිනි. පංති නොගිය නිසා එදින නුවර ගොස්, පොලිසිය ඉදිරිපිටින් ඇවිදයන විට මා සමග එකට සා.පෙ. කල මිතුරා හමුවිණි. ඔහු විසින් මෙහෙවන ලද සිසුන් හට පහර දීම ගැන ඔහු උදම් ඇනීය. මම ඔහු හට කිව යුතු දේ කිවීමී. මෙහිදී තවත් දෙයක් කිවයුතුය. බොහොවිට පොලිසියෙන් පහර දෙන බව ශිශ්‍ය සංගම් නියොජිතයින් කල් ඇතිව දැන ගනියි. එයට හේතුව මා මෙන්ම එකට පාසැල් ගිය මිතුරන් ඔවුනටද සිටින බැවිණි. නමුත් සිසුන් නොමග යවා ඔවුන්ව ගුටිකන තත්වයට පත් කරන්නේ සිසු සංගම් විසින්මය.

වි.විද්‍යාලයෙන් පිටවී වසර 5ක් පමණ යන තුරුත් පියරත්න මදුරුවන් එකතු කිරීමට අනුරාධපුරයේ යමින් සිටියේය. කෙසේ වෙතත් මේ අතර තුර ඔහු විවාහ වී කුඩා දරු සිඟිතියක්ද ලභා සිටියේය. මදුරුවන් එකතු කිරීමට එරෙහිවූ මදුරුවන් පියරත්නටද මොලේ ඉදිමිමේ රෝගය ලභා දුන්නේ මේ අතරතුරය. පේරාදෙනිය රෝහලෙන් ඔහු පැන ගොස් ඒ ලඟ තිබූ වාහනයකය බලෙන් ගොඩවීමට උත්සාහකර තිබේ. ඔහු ගැන මිනිසෙක් ලෙස දන්නා බැවින් මෙවැනි හැසීරිම්කට හේතුව රෝගය උත්සන්නවී ඇතිවූ විකාර තත්වයක් බව මහේ හැඟීමයි. කෙසේ වෙතත් වාහන හිමියා ඔහුව පේරාදෙණිය පොලිසියට භාරදී ඇත. මෙය දු‍ටු ඔහු දන්නා කෙනෙකු වි.වි. ගුරුවරු මාර්ගයෙන් පොලිසියටද ඔහුගේ භාර්‍යාවටද දැනුම්දී ඇත. බිරිඳ පොලිසියට යන විට පොලිසියෙ මහත්වරුන් බිත්තිවලින් පියරත්නගේ ලේ සොදමින් සිටියහ. ජිවීතයේ බොහො අසීරුතා පරදවමින් කන්තලේ ඉපිද, රුවන්වැල්ලට පාසැල්ගොස්, ඉංග්‍රිසි භාශාවෙන් සත්ව විද්‍යාව පිලිබඳ විශෙෂ උපාධියක් හදාරා, අපේ රටේ මිනිසුන් හට උවදුරක්වූ තවත් මදුරුවන් විසින් පතුරවන රෝගයක් වැලැක්වීමට මං සෙවු මා මිතුරු පියරත්න සොයුරාගෙ ජීවිතය උ.පෙ. සමත් නැති පොලිස් මහත්වරුන් අවසන් කලේ එසේය. ඔවුනට අනුව පියරත්න ඔහුගේ ඔලුව බිත්තියෙ ගසාගෙන් මිය ගොස් ඇත. එහිදි යම් කෙනෙකු වරදක් කලා නම් එම මිනිසුන් අදත් නිදැල්ලේය.

ජේ.වී.පී. කාරයින්ගෙ බොරු වීරයෙකු නොවු නුඹ මට වීරයෙකි. Meet me in another life brother!

Advertisements

ප්‍රතිචාර 5

Filed under අධ්‍යාපනය, මගේ අත්දැකීම්, සමාජීය, සිංහල

5 responses to “විශ්ව විද්‍යාල සිසුන් මරා දැමීම සහ වීරයන් බිහිකිරීම

  1. මටනම් විශ්ව විද්‍යාලයකට යන්න බැරිවුනා,ඒ නිසා මම දුක් වුන කාලයක් තිබ්බා,ඒත් තාම 21 නිසා වෙනත් ක්‍රම වලින් ඉදිරියට ඉගෙන ගන්නවා.රුහුණු වි.වි. අයියා නැතිවුන එක ගැන දුක සිතුනේ ඔහුගේ මව කියපූ කතාව අහලා.කාට කාටත් මේ අයියා හොඳ විකුණුම් භාණ්ඩයක් වුවත් ඔහු නැති දුක දැනෙන්නේ ඔහුගේ හිතවතුන්ට පමණි. උ/පෙළ සමත්වන විශාල සිසුන් ගණනාවකින් වි.වි. යාමට හැකි වන්නේ ඉතාමත් අඩු පිරිසකටය.එවැනි බුද්ධිමත් පිරිසක් අතරින් යම් පිරිසක් මේ අකාරයට ජවිපෙ අතකොළු වී සිටීමට හේතුව මා හට තාමත් තෙරුම් ගත නොහැක……

    • ඔබගේ පිලිතුර අගයකරන කාරණා කිහිපයක් ඇත. වි.විද්‍යාලයට නොගිය බොහෝ දෙනා එය ගැන ලියනදේ කියවූ විට වි.වි. ගැන ඔවුන්ගේ පිලිකුල පෙන්වයි. ඔබ එසේ කොට නැත. නමුත් ඔබ කියනා පරිදි වි.වි. වලට ඇතුලුවන සියලූම දෙනා බුද්ධිමතුන් නොවේ. කෙසේ වෙතත් ජ.වි.පෙ. ග්‍රහණයට වි.වි. සිසුන් නතුවීමට රටේ තිබෙන තත්වය සහ අධ්‍යාපන ක්‍රමය යන දෙකම වග කියන්නන් ඕනේ. කුමන ආන්ඩුව කෙසේ කීවත් වි.වි. වලට සපයන පහසුකම් ඉතා අඩුයි. මේ ගැන කලිනුත් ලියා තිබෙනවා. අපේ රටෙ උසස් අධ්‍යාපනය සඳහා ආන්ඩුව විසින් ආයෝජනය කරණ මුදල් ප්‍රමාණය වෙනත් රටවල් වලට වඩා අඩුයි. එමනිසා වි.වි.වල ඇති සිසුන්ට බලපාන අඩුලුහුඬු කම් ගැන කථාකොට සිසුන් ඇවිසීමට ඉතා පහසුයි. දෙවනුව අපේ රටෙ මිනිසුන් යමේක් උස් හඬින් මොන බොරුවක් කියූවත් ඒ ගැන සොයා බලා අවබෝධකර ගන්න උත්සාහ කරණවා අඩුයි. අධ්‍යාපන ක්‍රමයම ප්‍රශ්ණ නොකර විචාරාත්මක නොවන ලෙස ඉගෙන ගන්නට පුරුදුකරන විධියට සකස් කොට තිබෙනවා. එම ගතිගුණය සිසුන්ගේ සාමන්‍ය ජීවිතයටද බලපානවා. ඉඳලා හිටලා යම්දේ ප්‍රශ්ණකරන අය මතුවූවත් ඔවුන්ට පහරදීම්, මඩ ගැසීම් මගීන් පාලනය කරගන්නට ජ.වි.පේ. සොහොයුරන් දන්නවා. වි.විද්‍යාලය යනු සමාජයේ හරස්කඩක්. එහි සෑම ජාතියකම මිනිසුන් සිටිනවා. කපටි සහ දෙපැත්ත කන මිනිසුන් මෙන්ම කිසිම දෙයකට කථා නොකර ඔනැදෙයක් වෙච්චාවෙ කියන මිනිසුන් ද බහුලයි. ඉදිරි දිනයකදී මේවා ගැන තවත් ලියන්නම්.

  2. පට්ට … මම හිතුවෙ නැ මම වගෙ තව අය ඇති කියලා… මගෙ එකෙත් ලිපි ටිකක් තියෙනව කැලනිය ගැන ලියපු කියවල බලන්න…

    • වි.විද්‍යාල ගැන විවේචනය කරන බොහො අය, ඒවායේ වැරදි කියා ඇතිමුත් ඒ පිලිබඳව කිසිම දෙයක් කරන්නේ නැත. මට හැකි අයුරින්, ඇමති, ජනාධිපති වැනි අයට ලිපි ලිවීමද, මගේ ගුරුවරුන් සම්ග එක්ව වි.විද්‍යාල අධ්‍යාපනය දියුණුවල කළ හැකි දෑ මම කරමි. එයට අමතරව මට පෙනෙන හැටියට සිසුන් වූ/වන අපහට ඇති වගකීමද නැවත මතක් කරදීමට උත්සාහ කරමි.

  3. hataputa

    වි.විද්‍යාල වලට යන උදවිය හැමෝම බුද්දිමත් නම් නෙහෙ. එක අමුතුවෙන් කියන්ඩ ඕනේ දෙයක් නෙවේ. එකට වරද වි.විද්‍යාල වත් ඒවායේ ඉන්න ගුරු වරු වත් නොවේ, වරද කරු අපෙ අද්යාපන ක්‍රමයය්. A/ල වලට A3 ගන්න එවුන් බුද්දිමත් නම් අද ලංකාව බුද්දීමතුන්ගේ පාරාදීසයක්. මුළු අද්යාපන ක්‍රමයම වෙනස් කල දවසට එපේ රටෙත් බුද්දිමතුන් කරලියට පමිනෙය්. මේවා වෙනස් කරන්ඩ පුළුවන් රජයේ මැදිහත්වීමකින් මිසක් වෙන විකල්පයක් මම දකින්නේ නෙහෙ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )