ගමෙ බයියන්ට මොන (Math) මැත්ද

අධ්‍යාපන ඇමතිතුමා මාතලෙ සාන්ත ‍තෝමස් විද්‍යාලයේ සිසුන් අමතමින් පසුගිය දිනෙක මෙසේ පැවසුවේය. “කළා අංශය කරන්ටත් ගණිතය සමත් වෙන්ට ඕනේ”, “දැන් මගේ ප්‍රශ්නේ උසස් පෙලට ගිහිල්ලා නටනකොටත් 2 වැඩිකිරීම 2ක් හතරයි කිය කියාද නැ‍ටුවෙ?”, “ඒනිසා අතිමහත් බහුතරයක්වන ගම්බද දරුවන්ට ගණිත විශය නැතුව කළා අංශය කරන්ඩ ඉඩ කඩක් ලභා දෙන්න පුලුවන්නම් ඒ සඳහා අවශ්‍ය ඉඩ කඩ විවෘත කරලා දෙන්න කියලා මම අධ්‍යාපනඥයින්ගේ කමි‍ටුවට මේ ප්‍රශ්නේ යොමුකරලා තියෙනවා”, සාමාන්‍ය පෙල පරීක්ෂනයේදී මෙ කුඩා දරුවෙක්  ලකුණු 35ට වඩා අඩුවෙන් අරන් තිබෙනවානම් තමන්ගේ සාමාන්‍ය පෙල සහතිකයේ W අකුරක් යොදනවා, දුර්වලයි, 35ට වඩා එකක් ගත්ත 34 ගත්තත් දුර්වලයි ගණිතයට ලකුණු 2ක් ගත්ත කෙනත් දුර්වලයි. චිත්‍ර කළාව, නර්ථනය, සංගීතය වැනි අංශ හදාරලා ඒ තුල ඉදිරියට ගමන්කරන දරුවන්ට භාදකයක් වෙනවනම් ගනිත කඩුල්ල අපි ඒ කඩුල්ල ඉවත් කරනවා.මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්ට අනුමැතිය ලභා ගත්තා මීට පස්සේ සාමාන්‍ය පෙල ශ්‍රේණි ගතකිරීමෙදී 35ට පල්ලෙහා ඔක්කෝම W වෙනුවට නියර් පාස් එකකුත් දීලා මේ ශිශ්‍ය ශිශ්‍යාවන් විශාල ප්‍රමාණයකට උසස් පෙලට ප්‍රවේශ වීමේ වරම් ලභා දෙන්ඩ” (2010 ජූලි 6 දා දෙරණ රාත්‍රි පුවත් ඇසුරින්)

ගණිතය අමාරු විශයක් බව විවාදයක් නොමැත. පහත වගුවේ ඇති පරිදි 2006 වසරෙදී සා.පෙල (එම වසරේ ගණිතය විශය සමත්වූ ප්‍රතිශතය මුලු දිවයිනේම ඉතා අඩුය – 42.63%) සමත්වු සිසුන්ගේ ප්‍රතිශතයන් බැලූවිට මෙය සිසුන්ගේ ප්‍රශ්නයක්ට වඩා ගුරුවරුන් සහ පහසුකම් ප්‍රශ්නයක් බව පැහැදිලිය. ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව විශයයන් 3ටම කොළඹ අධ්‍යාපන බලප්‍රදේශය සහ මාතලේ අධ්‍යාපන බල ප්‍රදේශය අතර විශාල පරතරයක් ඇත. නමුත් සමාජ අධ්‍යනය සඳහා එම පරතරය ඉතා අඩුය. ඇමතිතුමා කියන ආකාරයට ගම්බද ලමුන්ට ගණිතය බැරිවන්නේ උන් මෝඩ නිසාද? ගණිතය බැරි නිසා උන් කළා විශයයන් කලයුත්තේ ගමේ නිසාද?

සමත් % ගණිතය විද්‍යාව ඉංග්‍රීසි සමාජ අධ්‍යනය
කොළඹ අධ්යාපන බල ප්‍රදේශය 66.04 87.74 79.97 86.15
මාතලේ අධ්යාපන බල ප්‍රදේශය 44.81 49.41 41.64 79.30

වගුව: විභාග දෙපාර්තමේන්තුවේ දත්ත ඇසුරින්

ප්‍රශ්න පත්තරයකින් 35% ලකුණු ගන්නා කල 65%ක්ම ලකුණු නොගත් බව අධ්‍යාපන ඇමතිතුමාට අමතක්වූවාද? එතුමාගේ තර්කයට අනුව 75ට වඩා එක ලකුනක් ගත්තත් A 100% ගත්තත් A. වෙනසක් නැත. මෙයට අමතරව 2006 දී මාතලේ අධ්‍යාපන බල ප්‍රදේශයේම ඇති මාතලේ විද්‍යා විද්‍යාලයේ 84% ක ප්‍රමාණයක් ගණිතය විශයය සමත්වී ඇත. එය එම වසරේ කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ ප්‍රතිශතයට සමානය. මේ අනුව ඇමතිතුමා දකින ආකාරයට ගමේ නිසා එම සිසුන්ගේ විශේෂ වෙනස්කම්  තිබෙන බවක්නම් පෙනෙන්නට නැත.

අද ලෝකයේ ජීවත්වන උගත් අයෙකුට ගණිතය ගැන දැනුම ඉතාමත් අවශ්‍යය. උදාහරණයක් ලෙස අධ්‍යාපන ඇමතිතුමා කිවු විදිහට නර්ථනය, සංගීතය හැදැරූ අයෙක්ව සලකමු. එවැනි කෙනෙකුට රාජ්‍ය සේවයෙ රැකියාවක් ලභා ගත හැක්කේ ගුරු වෘත්තීය පමනකි. එසේ නොමැතිවුවහොත් ස්වයං හෝ පෞද්ගලික රැකියාවක් කලයුතුවේ. ශ්‍රි ලංකාවේ එවැනි රැකියාවන්හී නිරතවන්නන් හට ගෙවීමට ඇති බදු ඉතාමත් සංකීර්ණය (මෙතැනින් බලන්න). එයට අමතරව ස්වයං ව්‍යාපාරිකයෙකුහට  යම් මට්ටමකට මුදල් පාලනය වැනි දේ ගැන අවභෝධයක් තිබිය යුතුය. සාමන්‍ය පෙල ගණිතය සමත් වීමට නොහැකිනම් එවැන්නෙකු හට ස්වයං ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ඇති හැකියාවට පහරක්වේ.

නවීන ලෝකයේ කළා විශය, විද්‍යා විශය වැනිදෑ අතර පරතරය ඉතා අඩුවෙමින් පවතියි. මගේ වර්ථමාන ‍රැකියාව කරන වි.විද්‍යාලයේ මම කලා කෘති සංරක්ෂණ පර්යේෂණ ආයතනයක රසායනික විද්‍යාඟයෙකු ලෙස කටයුත් කරමි. මගේ වෘත්තීයට සමහට විටෙක අවශ්‍ය වෙන කළා කටයුතු දැනුම මම කියවීමෙන් සපුරා ගනිමි. යම් මට්ටමකට හෝ කළා කටයුතු ගැන දැන ගැනීමට තිබූ ඉඩ කඩ ශ්‍රි ලාංකික අධ්‍යාපන ක්‍රමය මගින් අහුරා දැම්මේ මීට වසර ගන්නාවකට ඉහතදීය. මීට අමතරව මගේ ගොඩනැගිල්ලේම තිබෙන Entertainment Technology ආයතනයේ පරිගණක ක්‍රමලේඛනයේ යෙදී සිටින නර්ථනය, සංගීතය වැනිදේ උගත් සිසුන් සමග මා කථා කර ඇති අවස්ථා ගනන බොහෝය. කෙටියෙන් කිවහොත් අඩුම ගනනේ සා.පෙ. ගණිතය විශයයට ලකුණු 35ක්වත් නොගෙන ඉදිරියට එන ලෝකයේ සාර්ථක ලෙස ජීවත්වීම අසීරුවෙමින් පවතී.

මෙ කිවූ කරුණු වලට අමතරව උසස් අධ්‍යාපන ඇමතිතුමාට අනුව ඉදිරියෙදී වි.විද්‍යාලවලට ඇතුලුවීමට ඉංග්‍රීසි විශයය සමත්වීම අනිවාර්‍යවේ. අධ්‍යාපන ඇමතිතුමා ගණිතය ගොඩ දමා දෙන සිසුන් ඉංග්‍රීසි විශයය නිසා වි.විද්‍යාලවලට ඇතුවීමට නොහැකිවිය හැක.

මෙම ලිපියෙ අරමුණ අධ්‍යාපන ඇමතිතුමාවවත් උසස් අධ්‍යාපන ඇමතිතුමාවවත් නිගරුවට ලක් කිරීම නොවේ. මෙම සමහර ප්‍රතිසංශෝධන පැමිණීමට තිබිනේ මෙයට වසර ගනනාවකට පෙරය. නමුත් ඔබ දෙපල කරන කථා වලට අනුව මෙම සංශෝධන අතර සම්බන්ධීකරණයක් තිබෙදැයි සැක සහිතය. රටේ අනාගතයට සඳහා අධාපන ක්‍රමයට අත්‍යාවශ සංශෝධන එක් කරනා විට රටෙ යම් පලාත්වල ජීවත්වන සිසුන් හට අසාධාරණකම් සිදුවේනම් හෝ එම සිසුන් අනාගතයේදී පසුබෑම් වලට සහ අසමර්ථවීම් වලට දෛවකරයිනම් එවැනි සංශෝධනයන් සමග එකඟ විය නොහැක.

විශ්ව විද්‍යාල සඳහා ඇතුලු කරගත හැකි සිසුන් සංඛයාව වැඩි කරනා අතරතුරම එම සිසුන්ගේ ගුණාත්මක භාවය වැඩිකිරීම සඳහා සිසුන් දිරි ගැන්වීම සහ අවශ්‍ය ගුරු භවතුන් ඇතුලු අනිකුත් පහසුකම් ලභාදීම, එම සිසුන්ට W අකුරක් ලභාදී වි.වි. වලට තල්ලු කිරීමට වඩා පලදායී කරුණකි. එමෙන්ම අමාත්‍යාංශ දෙකක් වුවද එකම රටක අනාගතය තීරණය කරණ අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියා කරන බැවින් යෝජනා සහ සංශෝධන අතර සම්බන්ධීකරණයක් තිබීම ඉතාමත් වැදගත් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

Advertisements

ප්‍රතිචාර 8

Filed under අධ්‍යාපනය, දේශපාලනික, සිංහල

8 responses to “ගමෙ බයියන්ට මොන (Math) මැත්ද

  1. “නවීන ලෝකයේ කළා විශය, විද්‍යා විශය වැනිදෑ අතර පරතරය ඉතා අඩුවෙමින් පවතියි” – එකග විය නොහැක. කිසිසේත්ම කලා විශයන් හා විද්යා විශයන් සංසන්ධන කල නොහැක. එහෙත් කලා අංශ සදහා විද්දයාව හා ගණිතය අවශය වේ, මේ සදහා කලා ධාරාවට සර ගණිතය පාඩමක් හදුන්වාදීම සිදුකල යුතුය. දැනට පවතින පාසැල්ද ඇත.

    තවද විද්දයා විශයන් සදහා කලා විශයන් අදාල වන අවස්තාද ඇත.

    උසස් පෙල කරන විශය කුමක් වුවත් හොද ගණිත දැනුමක් තිබීම ඉතාමත් වැදගත් වේ. එය සමාජ බුද්ධි මට්ටම ඉහල යාමට පවා ඉවහල් වේ.

    • What I wanted to say was that there is a higher overlap between different fields. In a different way you have agreed with what I said.

      • Muditha, I think I strongly agree with you in your earlier comment regarding the gap between science and arts. This “gap” that we perceive, which is created due to the Sri Lankan education system, is not that evident in most of the developed nations. This is what I have heard, I have no strong facts. However, when speaking to people educated in those systems, I have personally witnessed their breadth of knowledge. These people have become well-rounded due to the kind of education they have received.

        Disclaimer: I am generalizing again. There are exceptions to above comments both in people coming out of Sri Lankan system and other developed systems.

  2. ගණිතය ඉහළට ඉගෙන නොගත්තත්……සාමාන්‍ය ජීවිතයට කොයිතරම් නම් වැදගත් වෙනවාද?….අනේ මන්ඳා…අපි කොහෙන් කොහේට යනවාද?..පාසල් විශයන් අලුත් කොලාට මොකද සරසවිවල තාමත් යල් පැනගිය විශය කරුණු හා ඉගැන්වීමේ ක්‍රමයන් පුස්කකා තියෙනවා…..පැරණි ප්‍රශ්න පත්‍ර සිසුන් අතට යා නොදී යලි යලිත් එම ප්‍රශනම යොදමින් විහිලු කොරන ආචාර්ය වරු කොයිතරම් නම් ඉන්නවාද?…එකම එක පොතක් පමණක් ගුරුකොට ගෙන මුළු විශයක්ම උගන්වන උන් කොයිතරම් නම් ඉන්නවාද…..ගොවි පොලවල් නැති කෘශි පීඨ…පහසුකම් නැති වෛද්‍ය පීඨ…..ඒ අස්සෙ ගණිතයට කෙලවන්න හදනවා……:D

  3. පින්ග්කිරීම: By the numbers… | Middle Path (මැදපිලිවෙත)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )