කියවීම මිනිසා සම්පූර්ණ කරයිද?

අලුත් මාසේ ඉඳලා රස්සාවට කාර් එලවන එක නවත්තලා බස් එකෙන් යන්නට කියලා තීරණය කලා. හේතු රාශියක් නිසා. මාසේකට parking වලට ගෙවන $98 තමා ප්‍රමුඛවුනේ. ඊට අමතරව මගේ parking permit එක ජූනි 30දායින් අවලංගු වූවා. නැවත අලුත් කරන්න උත්සාහ කරෙ නැහැ. බස් ගමනට විශ්ව විද්‍යාලයෙන් සල්ලි ගෙවලා වි.වි. හැදුනුම්පතට නොමිලේ යන්න හදා දීලා තිබෙනවා. අනික් පැත්තෙන් බැලුවාම ඉන්ධන පාවිච්චිය සහ කාබන් ඩයොක්සයිඩ් පිටකරන ප්‍රමාණයත් අඩුවෙන නිසා පරිසරයටත් හොඳක් සිදුවෙනවා. එකම අවාසිදායක දේ තමයි ඉස්සර විනාඩි 20න් ගිය ගමනට දැන් විනාඩි 50 – 60 ත් අතරකාලයක් ගතවෙන එක. මෙහේ ග්‍රීෂ්ම සෘතුව නිසා මේදිනවල පිටත ගතකරන එක එතරම් අපහසුවක් නැහැ. අනික බස් කාලසටහනේ තියෙන වෙලාවට එන නිසා ගමන කලින් සැලසුම් කිරීමට ඉතා පහසුයි. ශීත කාලයටනම් එලියේ බස් රථයක් එනකම් ඉන්න එක එතරම්ම ලෙහෙසි නැහැ.

කෙසේ වෙතත් බස් ගමනට කාලය ගත්වන නිසාත් මම බස් රථය පටන් ගන්නා තැනින්ම වගේ ගොඩ වෙන නිසා සීට් එකක් ලැබෙන නිසාත් මගදි කියවන්නට පොතක් ‍රැගෙන ගියා. මේ දිනවල රොබර්ට් ජේ සොව්යර්ගේ ෆ්ලැශ් ෆෝවර්ඩ් (Robert J. Sawyer – Flash forward) නම් පොත තමයි මම කියවන්නේ. එකේ එක තැනක බහු ලෝක වාධය සහ මිනිසුන්ගේ ස්වච්චන්දය (freewill) නැති හැටි ගැන කියා තිබෙනවා. ඒ කොටස කියෙව්වට පස්සේ මම පොත වහලා දාලා ඒ කථාවෙ ඇත්ත නැත්ත ගැන ගැඹුරෙන් සිතන්නට ගත්තා. ටික වෙලාවකට පස්සේ නැවත හොඳ සිහියට ආවම මට සිතුනේ ලංකාවෙ බස් එකක යද්දි මේවැනිදේ ගැන සිතන මිනිසුන් ඇත්ද කියලයි. ඒ විතරක් නෙමේ මම ඒ වෙලාවෙ වට පිට බලනකොට බස් රථයේ සිටි විශාල පිරිසක් පොත් කියවනවා. කිහිප දෙනෙක් දුරකථනවලට කථා කරමිනුත් සිටියා. සමහර මිනිසුන් දුරකථන වලින් පත්තර කියවනවා. ඇමෙරිකාව ගැන ලංකාවෙ මිනිසුන් අතර ජ.වි.පේ. සහොදරවරුන් විසින් මවා තියෙන්නේ එක ආකාරයක් චිත්‍රයක් පමණයි.

ඇමෙරිකානු දේශපාලනය කුමක්වුවත් සාමන්‍ය මිනිසුන්ගේ තිබෙන ඉතාමත් හොඳ පුරුද්දක් තමයි කියවීම කියලා මට හිතෙන්නේ. මෙම කියවීම නිසාම මෙහෙ සමහර පොත් නිකුත්වෙන දිනවලට මධ්‍යම රාත්‍රි 12ටත් පොත් කඩ ඇරලා තීබෙනවා. පුස්ථකාලවල සමහර පොත් සොයා ගැනීමට අපහසු වෙනවා. වැඩියෙන්ම විකිනෙන පොත් ලැයිස්තුවක් (Best seller list) ප්‍රධාන පුවත්පත්වල සඳහන් වෙනවා. දැන් ඉලෙක්ට්‍රොනික් පොත් කියවීමටත් ඇමZසොන් කින්ඩල් (Amazon Kindle) වැනි උපකරණද තිබෙනවා. හැම හන්දියක් ගානෙම වගේ (මිනිසුන් වැඩිපුර ගැවසෙන තැන්වල) කාසි දමා පත්තර ගන්න මැශින් තිබෙනවා. සමහර විට මෙසේ කියවන මිනිසුන් ගනන වැඩි නිසාද කොහෙද සමහර දේශපාලන කරුනු ගැන සමාන්‍ය මිනිසුන් හට ඉතා ගැඹුරු දැනුමක් තිබෙනවා. මෝඩ ලෙස චන්දය පාවිච්චි කරන මිනිසුන් නැහැ කියලා නෙමෙයි කියන්නේ.

අපේ රටේ බස් වලදී පොතක් පතක් කියවන මිනිසුන් තවදුරටත් ඉන්නවාද?

Advertisements

ප්‍රතිචාර 9

Filed under අධ්‍යාපනය, මගේ අත්දැකීම්, සමාජීය, සිංහල

9 responses to “කියවීම මිනිසා සම්පූර්ණ කරයිද?

  1. කියවන්න නම් ආසයි…ඒත් අපෙ රටේ බස් කෙරුවාවෙ හැටියට කොහොමද දෙයියනෙ ඕක කොරන්නේ…….Exam දවසකට අතරමගදි පොඩි නෝට් කෑල්ලක් කියවා ගන්නත් මොනතරම් කට්ටක් කන්න ඔනෑද?….:(

  2. Nadun

    Still i do when i travel a long distance! But when i was an undergraduate i used to do so. From kandy to peradeniya, normal bus take about 40 minutes. Its a good time to read. But now i use it only when i’m not driving. (sorry i don’t know how to type in sinhala)!

  3. luckmini

    I nver had much books when I was in sri lanka, When I moved to USA, Books, books every where, I started falling in love books , almost can find any topic. In USA you can become smart if you really want to learn.
    I am sure you can tell about all the colleges over here , How they explain to you, where to start from , they never tell you “no you cannot”. All what we need our efforts, detamination, commitment.

  4. After graduating and getting in to the industry, the only time I read something daily is during the time I stayed in US for two years and commuted by bus!

    Muditha, it is very important point that you have highlighted. Sri Lankans are given a particular stereotypical picture about America and that is a very wrong picture. It is unfortunate that even certain Sri Lankans living in USA are not helping to build the correct image about America. Some of my friends live in USA. Some of them are even citizens. However, they live in a psychological “Sri Lankan Ghetto”. They do not look outside and pick up the positive things in American life but continue to be in their Ghettos and spend time comparing, competing, gossiping about their fellow Ghetto community. Moreover, some of these people continue to spread myths about America and consciously or unconsciously try to deprive the people in Sri Lanka opening up their mind and look at the larger picture of the world.

  5. I understand that I generalized the SL diaspora to one stereotype, in my desire to drive the point home. I committed the same The same sin committed by those who I wanted to criticize. Not all SL diaspora who live in, US dwell in the psychological ghetto. However, a great majority does!

    Anyway my example are metaphorical. One does not have to live in an Island to have an Island Mindset, and likewise ‘living in a psychological ghetto’ is just a figure of speech.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )