කා පාං!

බලයෙන් උමතුවූ මිනිසුන් විවිධාකාර දේ කියති. ප්‍රංශ විප්ලවය දිනවදී ඇසුණු පාං නැත්නම් කේක් කාපල්ලා වැනි වදනක් අපගේ අගමැතිතුමා කියා ඇති බව ඩේලි මිරර්, ලාංකාදීප පුවත්පත්වල පසුගිය දිනක මා දු‍ටුවා. එතුමා කියා ඇත්තේ පාං මිල තවත් ඉහල දමා මිනිසුන් බත් කැමට යොමුකල යුතු බවයි. එතුමාට අනුව අපෙ රට බොහෝ ආහාර ද්‍රව්‍ය ආනයනය කරති. මදක් කල්පනා කර බැලූ කල මෙය එතරම් නරක අදහසක් නොවේ. ඇමෙරිකාවේ නිව් යෝර්ක් සහ ‍ෆිලඩෙලි‍ෆියා යන නගර දේකේම සමහර ආහාර පාන වලට වැඩි බදු අයකිරීම මගින් එවායේ පරිභෝජනය පාලනය කර තිබෙනවා. එය ගැන තව මොහොතකින් කියන්නම්. මෙසේ පරිභොජන පිලිවෙත් වෙනස් කිරීමෙන් හාල් පරිභෝජනය වැඩිවුවහොත් අපේ රටෙ ගොවියන්ගේ හාල් විකීනීමට වෙළඳපලක්ද ඇතිවෙනවා.

ශ්‍රි ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව අපේ රටේ 40% දිනකට $2 අඩු ආදයම් ලභන්නෝද, 5.6% දිනකට $1 අඩු ආදයම් ලභන්නෝද,15.2% දුප්පත් ජනතාවද, 32% සමෘධියෙන් ජීවත්වන ජනතාවද වෙති. කුමන ඉලක්කම ගත්තත් ඉතා විශාල සංඛ්‍යාක් දිලිඳු ජනතාව බව පැහැදිලිය. මෙවැනි තත්වයක් යටතේ සමහර මිනිසුන් දවසේ වැඩි පැය ගනනක් රක්ෂාවේ යෙදෙනවා ඇති. එමෙන්ම සමහර මිනිසුන් රක්ෂා එකකට වැඩි ගනනක යෙදෙනවාද ඇති.

මිනිසුන් පාං කැමට යොමුවන්නට ඇත්තේ කුමක් නිසාද? අපේ රටෙ සහල් මිල මීට මාස කිහිපයකට ඉහතදී දාරාගත නොහැකි තරම් ඉහලගියා. ඒ දිනවල ආර්ථිකය පාලනය කල දැන් අධ්‍යාපන ඇමතිතුමා පිටරටින් හාල් ගෙනැවිල්ලා හාල් මිල අඩුකලා. පාං මිල එවැනි ඉහල පහල යාම් වලට ලක්වනවා අඩුය. ඉස්සර සම්බෝලයි බතුයි කාපු මිනිස්සුන්ට සම්බෝලවල මිලද දැන් දරා ගත නොහැකිය. මීට අමතරව මිනිසුන් පාං මිලදී ගන්නේ එහි ඇති පහසුභාවය නිසාද විය හැකිය.

පසුගිය දිනවල සුපිරි වාහාන ගෙන්වීමෙදී අයකරන බදු මුදල් ඉතා විශාල ලෙස අඩුකරණු ලැබූවේද අගමැතිතුමාගේම ආන්ඩුවයි. එයට අමතරව හාල් ඇතුලු අනිකුත් ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වන්නේද එතුමාගේම ආන්ඩුවයි. දුප්පත් මිනිසුන් විශාල සංඛ්‍යාවක් රටෙහි ඉන්නා බව කියන්නෙද එම ආන්ඩුවමයි. කලින් සඳහන් කල පරිදි නිව් යොර්ක් සහ ‍ෆිලඩෙලි‍ෆියා වල ආන්ඩු විසින් බදු වැඩිකරණු ලැබූයේ කොකා කෝලා වැනි සෝඩා බීම වර්ගවලටයි. මෙයට හේතූව එම බීම වර්ග නිසා සිදුවන ස්ථුලභාවය වැඩීවීම පාළනය කර ගැනීම සඳහායි. එම බදු වැඩී වීම නිසා එවැනි බීමවර්ග වල භාවිතය පහල ගොස් ඇත. නමුත් ලංකාවේ එවැනි දේ වලට අයකරණ බදු වෙනස් කරණ කථා බහක් ගැන නම් මම නොදනිමි. පාං පරිහරණය අඩුවුවහොත් පාං නිශ්පාදනය කරණ මිනිසුන්ට වන දේ ගැන අගමැතිතුමා කිසිවක් කියා නැත. එයට අමතරව කොළඹ නගරයේ ඇති මැක්ඩොනල්ඩ්ස්, පීසා හට්, කෙන්ටාකි ෆ්‍රයිඩ් චිකන් වැනි තැන් ගැනද එතුමා කථාකරන බවක් පත්තරයේ තිබුනේ නැත.

කොයිතරම් හොඳ දෙයක් උනත් කලයුතු ආකාරය ඇත. එසේම ක්‍රියා මාර්ග වෙනස් කරණ විට ඒ නිසා සැම පසින්ම බලපැමට ලක්වන මිනිසුන් සිටින බවත් එම මිනිසුන් හට විකල්ප මාර්ග සැපයීම ගැනත් සිතා බැලිය යුතුය. යම් ආහාර වර්ගයක් නිපදවීමට යොදා ගන්නා අමුද්‍රව්‍යයක බදු වැඩි කල සැනින් මිනිසුන්ගේ පුරුදු වෙනස් වන්නේද නැත. කලින් සඳහන් කල නගර දෙකේ බදු වැඩි කිරීමට පෙර මිනිසුන් දැනුවත් කිරීමෙ ව්‍යාපාරයක්ද, බදු වැඩි කිරීමෙ දිනය කාලයක පෙර සිටම ජනතාවට දැනුම් දීමද කරණු ලැබුවේය. ආන්ඩුවට ආදයම් වැඩිකර ගැනීමට මෙම අලුත් බදු වැඩිකිරීම කලානම් ඒගැන අගක් මුලක් නොගැලපෙන තර්ක විතර්ක ඉදිරිපත් කරණවාට වඩා වෙනදෙයක් ගැන කථා කරණවා නම් පාං කන්නට බැරි දුක දරා ගැනීමට ඇති හැකියාව වැඩි බව නම් කිව හැකිය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Filed under දේශපාලනික, සමාජීය, සිංහල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )