වැස්ස සහ යුධ ජය සමරුව

පසු ගිය දිනවල වර්ශාපතනය නිසා අපේ රටේ විශාල පවුල් ගනනාවක් දැඩි පීඩාවන්ට පත්වූවා. මෙසේ පීඩාවට පත්වූ ප්‍රමාණය ලක්ෂ 6 කටත් වඩා වැඩිය. තවමත් අවතැන්වූ මිනිසුන් කඳවුරුවල සිටිති. කෙසේ වෙතත් එම වැස්ස නිසා ලංකාවේ යුද ජයග්‍රහනයේ සැමරුම් දිනය මසකින් කල් ගොස් ජුනි 18 වැනිදාට යොදාගෙන ඇත. ඇ.එ.ජනපදයේද මෙවැනි දිනයක් පසුගිය මැයි 31 වැනිදාට යෙදී තිබිණි. ඔවුන් එය හඳුන්වන්නේ (memorial) අනුස්මරණ දිනය නමිනි. එම දිනට ජාතික නිවාඩුවක්ද, රටේ නායකතුමාගෙන් කථාවක්ද පවත්වන අතර විවිධ යුද්ධ වලදී මිය ගිය අය වෙනුයෙන් සාදා ඇති ස්මාරක ලඟ සුලු උත්සව ගනනාවක්ද පැවැත්වේ. මෙවර ඔබාමා කථාව පැවැත්වීමට යොදාගෙන තිබුනේ ඔහුගේ ජනපදය වන ඉලිනොයි (Illinois)හිදීය. කෙසේ වෙත්ත එම සති අන්තයේදී වොශිංටන් ඩී. සී. නගරයටත්, ඉලිනොයි වලටත් ධාරානිපාත වැසි වැටිණි. මෙහි ඇති වීඩියෝ දර්ශනයෙන් පෙනෙන ආකාරයට ඔබාමාට කථාව පැවැත්වීමට සිදු නොහැකි විය. නමුත් ඔහු එම කතාව ඊට පසුදිනම වොශිංටන් ඩී. සී. නගරයේදි පවත්වන ලදී.යුද ජයග්‍රණය වෙනුවෙන් පවත්වන උත්සවය අපේ කොළඹින් පිට පලාතක (වැසි එතරම් නොවැටුනු පෙදෙසක) පැවැත්වීමට උත්සාහයක් අපේ රටේ තිබුණු බවක් නොපෙනිනි. ඔබාමා මෙන් වැස්සේ තෙමෙන්නට හැකි දේශපාලඥයින් අපේ රටෙ සිටින බවක්ද නොපෙනේ. මට ඇත්තේ එක ප්‍රශ්නයකි. මෙම සමරුව කා සඳහාද? ජනතාවටද, රණ විරුවන්ටද නැතිනම් දේශපාලඥයින්ටද?

Advertisements

ප්‍රතිචාර 3

Filed under දේශපාලනික, මගේ අත්දැකීම්, සමාජීය, සිංහල

3 responses to “වැස්ස සහ යුධ ජය සමරුව

  1. Hasitha

    මේක නිව්ස්වලට මාත් දැක්කා. ලංකාවේ මෙහෙම තමා 🙂 🙂 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )