පිටස්තරයා-2 ගේ බ්ලොග් කියෙව්වෙමි

මාත් එක්ක සෙකියුලර් ශ්‍රි ලංකා වෙබ් අඩ්වියේ වැඩ කරන හේමන්ත පිටස්තරය-2ගේ බ්ලොගය කියවලා. පිටස්තරය-2ගේ අදහස් සෙකියුලර් ශ්‍රි ලංකා වෙබ් අඩ්විය සමග ගැලපෙන නිසා ඔහු/ඇයගේ උදව් ලභා ගන්න පුලුවන්ද සොයා බලන්නැයි මට භාර උනා. ඉතිං මං පිටස්තරයා-2ගේ බ්ලොග් සටහන් කියවුවා. ලොක්කය්යා ගැන සටහන කියෙව්වාට පසුව මගේ හිතා ඉතාමත් දුකකින් බරවෙලා. මගේ රසායන විද්‍යා ලිවීම් කටයුතු කරන්න සිතදෙන්නේ නැහැ.

අපේ රටේ තරුණ පරපුරෙන් කොටසක් යුද්දයට ගියේ වෙන රස්සාවක් සොයාගන්නට බැරිවුනු නිසා බව අපිට අමතක වෙලා. කොහොමවුනත් ඒ හැමෝම රට වෙනුවෙන් ඉතාමත් දැඩි මෙහෙවරක් කල බව ගැන කිසිම විවාදයක් නැහැ. යුද්ද ජයග්‍රහනය කරලා අවුරුද්දකට පස්සෙත් සමහර මිනිසුන් කඳවුරුවල. සමහර ගම්මානවලට ආපසු පැමිණ ඇත්තේ එහි ජීවත්වූ මිනිසුන්ගෙන් 50% කටත් වඩා අඩු ගනනක්. ඒ ආපු අයටත් කිසිම රස්සාවක් නැති නිසා ඒ අයට තමන්ගේ ගෙවල් සහ ගමෙ පොදු ස්ථාන සුද්ද කරනවට දවස් 50ක් වෙනකම් ලෝක බැංකු සහ ඔස්ට්‍රේලියානු ආධාර වලින් පටන් ගත් කැෂ් ෆො වර්ක් නම් වැඩ සටහනක් පටන් අරන්ගෙන තිබෙනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා නම් මම දන්නේ නැහැ.

පිටස්තරයා-2ට තරම් මට ලිවීමේ හැකියාව නැහැ. නමුත් අපේ රටේ බෝඩ් ලැලි අටවාගෙන සමරන දිනවලටයි, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂ හැම එකකම තමන්ගේ ප්‍රයෝජන වලට පමනක් කෑදෙන දේශපාලකයින්ටයි, ඔවුන්ගේ ප්‍රමාණනය වැඩිකර ගැනීමට දඟලන දේශීය සහ විදේශීය මාධ්‍ය වලටයි, පිටස්තරයා-2ගේ ලොක්කයියා වැනි අපිවෙනුයෙන් මිය ගිය මිනිසුනුත්, කෝච්චි, බස්වල, මහපාරේ මිය ගිය මිනිසුනුත්, යුද්දයේ වියරුවට මැදිවී මිය ගිය අහිංසක මිනිසුනුත් අයිතිවෙන්නේ නැති බවනම් සක්සුදක් සේ පැහැදිලිය.

ගිනි පෙලෙල්ලෙන් බැටකෑ මිනිසුන් කනා මැදිරි එලියටත් බය නිසා අපේ රටේ භීෂණ දේෂපාලනය (politics of fear) කිරීමට ඉතාමත් පසහුයි. ජනවර්ග අතර ප්‍රශ්නයක් නැතැයි කියන දේෂපාලයකයින් කොටසක්ද අපේ රටේ ඉන්නවා. තවත් අවුරුද්දක් ගතවන්නට කලින් ජනවර්ග අතර සාමය, සහයෝගය ඇතිකිරීමත්, සමානාත්මතාවය දියුණු කිරීමත් නොකලහොත් අපේ රටේ පිටස්තරයන් පිරිසක් හැබැවින්ම ඇතිවිම නොවැලක්විය හැකිවන බවනම් ඉතාමත් පැහැදිලියි.

Advertisements

ප්‍රතිචාර 3

Filed under දේශපාලනික, මගේ අත්දැකීම්, සමාජීය, සිංහල

3 responses to “පිටස්තරයා-2 ගේ බ්ලොග් කියෙව්වෙමි

  1. මැද ඉදල බලනවාට වඩා පිට ඉදල බලනකොට හොදට පේනවා
    මේක අපේ අදහස
    අපි Sriwow.info

  2. පිටස්තරයා-2 කියන්නෙ අපූරු පුද්ගලයෙක්. එයා කතා කරන්නෙ එයා අත්දැකපු දේ. ඒ නිසා එයා කියන දේවල් වල වැඩි වටිනාකමක් තියෙනව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )