සබරගමුවෙ සහ මාතර දැවෙන ප්‍රශ්නය……..

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවට අනුව (දරිද්‍රථා දර්ශක) සබරගමු පලාත ලංකාවේ දෙවෙනියට වැඩිම ජනගහන දරිද්‍රථා දර්ශකය ඇති පලාතයි. මෙම දර්ශකයට අනුව මාතර 10 වෙනි තැනටත්, කෑගල්ල 16 වෙනි තැනටත්, රත්නපුර දිස්ත්‍රික්කය 17ත් වෙනි තැනටත් පැමින ඇත.

දරිද්‍රථා අන්තරය යනු යම් ප්‍රදේශයක වෙසෙන පුද්ගලයින් කොයි තරම් දුරට දුප්පත්ද යන්න පෙන්නුම් කරන, දරිද්‍රථාවයේ ගැඹුර මැනීමේ සම්මත මිනුමකි. එයට අනුව ලංකාවේ ගැඹුරුම දරිද්‍රථාවයක් ඇත්තේ රත්නපුරය දිස්ත්‍රික්කයේය. පලාතක් හැටියට සබරගමුව මෙම මිනුමේද දෙවෙනි තැනට පැමින ඇත.

සබරගමු පලාතේ 50.7% කට පොෂ්‍යදායි ආහාර වේලක් නොලැබේ. කැගල්ල දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 60.6% කි, මාතර 47.7% කි. මෙම දිස්ත්‍රික්ක තුනේම උපයන වියදමෙන් භාගයකට වඩා අහාර සඳහා වියදම් කරන මිනිසුන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 50%කට වඩා වැඩිය.

පානයකිරීමට සුදුසු ජලය නොලැබෙන ජනගහනය වැඩිපුරම සිටින්නේ සබරගමු පලාතේය. මෙය ප්‍රතිශතයක් ජනගහයෙන් ප්‍රතිශතයක් ලෙස බැලූකල නුවර එලිය, රත්නපුරය, කෑගල්ල, මාතර අනුපිලිවෙලට පැමිනේ. පානීය ජලය නොලැබෙන ජනගහනය වැඩිපුරම සිටින්නේ සබරගමුවෙ සහ මාතරය.

මේ ප්‍රශ්න සියල්ලටම වඩා ඉරිදා දිනවල සහ පොහොය දිනවල ටියුෂන් පංති තහනමක් යෙදීමට මෙම දිස්ත්‍රික්ක  3හි පාලකයින් තීරණය කර ඇත.

මට මෙම පාලකයින් වෙත යොමු කිරීමට ප්‍රශනයක් ඇත.

ඉරිදා දිනවල ඔබ (පාලකයින්) කරන්නේ කුමක්ද?

මෙම ප්‍රදේශවල ජනතාවට යොමුකිරීමට ප්‍රශ්න 3ක්ද ඇත.

පාලකයින් කිවූ පමනින් ඇහුම්කන් දෙන ඔබලා ඔවුන් ඉරිදා දිනවලදී පංසල් යනවාද කියා සොයාබලා එසේ නොයන උන්වෙත ගල්මුගුරු එල්ල නොකරන්නේ ඇයි?

ඔබලා එසේ සමහර ආයතන සහ මිනිසුන් වෙත ගල් මුගුරු එල්ල කරන්නේද යම් අය උසිගන්වන නිසා නොවේද?

ඔබලාට හරිදේ කිරීමට නීතියමය බල කිරීම අවශ්‍යද, එසේ නැතිව තම තම ණැන පමනින් සිතා බැලීමේ හැකියාව නොමැතිද?

Advertisements

ප්‍රතිචාර 3

Filed under ආගමික, දේශපාලනික, සමාජීය, සිංහල

3 responses to “සබරගමුවෙ සහ මාතර දැවෙන ප්‍රශ්නය……..

  1. සබරගමුවේ හෝ මාතර හෝ ඉරිදා ටියුෂන් පංති නොපැවැත්වීම සහ එහි දරිද්‍රතාවය අතර සෘජු සම්බන්ධයක් මම නොදකිමි. මෙහිදී ටියුෂන් ගුරුවරුන්ට යම් අපහසුතාවයක් ඇතිවුවත් එය ඔවුන්ගේ ආදායම පහත හෙලා දරිද්‍රථා දර්ශක අගය ඉහල නැංවීමට හේතුවක් වේ යැයි පිලිගත නොහැක. දහම් පාසැලෙන් යම් හික්මීමක් පුද්ගලයෙකුට නොලැබේයැයි සහ පුද්ගල සංවර්ධනයක් නොවේයැයි කීම හිතාමතාම සත්‍ය වසං කිරීමකි.
    දහම්පාසල් යන වයසේ බොහෝ ලමයි ඉරිදාට ටියුෂන් පංති හෝ ටියුෂන් පංති යෑමට මෙන් ගෙදරින් යන අයුරු සෑම විටම මට දැකිය හැක. ඒ දරුවන්ගේ ක්‍රියාකලාපය වයසට නොහොබිනා බවද ඔවුන්ගෙ දෙමවුපියන් හැර බොහෝ අය දනිති.
    ඉරිදාට ටියුෂන් නැත්නම් එදාට ඔවුන් දහම්පාසල් යැවීමට දෙමවුපියන් කටයුතු කරනු ඇත. ඒ ඔවුන්ගේ බුද්ධිමත්බව නිසා හෝ පංසලේ හාමුදුරුවන්ගේ අවශ්‍යතාවය මත විය හැක. කෙසේ හෝ එයින් දරුවන්ට යම් දුරකට හෝ ගුණධර්ම වර්ධනයක් වේනම් අද සමාජයේ ඇති දුරාචාර යම් පමනකට හෝ අවම නොවන්නේද? අනික පාසැල් වයසේ දරුවන් පංසල ආශ්‍රයෙහි ඇති වරද කුමක්ද?

    ඔබේ ප්‍රශ්න ගැන කියනවනම්,
    1. ටියුෂන් යන්නෙ දරුවන් මිස වැඩිහිටියන් නොවේ. බෞද්ධයාට පංසල් යෑමට හෝ ආගම ඇදහීමට හෝ යනුවෙන් දින වෙන්කර නැත.
    2.මෙය අසාර්ථක ප්‍රශ්නයකි. ඔබ පලමුවෙන් ගල් නොගහන්නේ ඇයිදැයි උසිගන්නමින් දෙවැනියට ගල් ගහන්නේ ඇයිදැයි අසයි. ඔබ ඔබේ ප්‍රශ්ණයේම පැටලී ඇතිබවක් පෙනේ.
    3.සියල්ලෝම හරිදේ කරයිනම් ලංකාව මොනතරම් සුරපුරක්ද. තම තම නැන පමණින් ගත්විට එය එක එක මට්ටම් නිසා සියල්ලන්ටම එකම ආකාරයකට බලපාන එක නීතියකට අනුගතවීම පහත්කමක්ද?

    සමහරවිටෙක ඉහලින්ම එන බලපෑමකට මේ නීතිය අහෝසිවීමටද පුලුවන. එහෙත් මම මෙයට පක්ෂවෙමි.

    • ඔබට උත්තර දීම අපහසුවන්නෙ ඔබ ඉතිහාසය සහ සමාජ විද්‍යාව ගැන කෙතරම් දුරට කියවා ඇත්දැයි මා නොදන්නා නිසාය. යම මිනිසුන් කන්ඩායමක් විසින් පාලකයින් පත්කර පාලන කටයුතු කිරීමට මිස සදාචාරය දියුනු කිරීමට නොවේ. ආර්ථික හා සමාජීය පහසුකම් අඩුවන සෑමතැනකම සදාචාරයන් පිරිහෙන බව ඔබ විසින් කියවා සොයාගත යුතුදෙයකි. මම දහම් පාසැල් අවසානය දක්වා ඉගෙනෙගත්තද මට සදාචාරය ඉගැන්වූයේ මගේ දෙමව්පියන්ය. සදාචාරය නීතිමගින් ඉගැන්විය යුතු හෝ ඉගන්විය හැකිදෙයක් නොවේ (කියවා බලන්න).
      මෙම තීරණයෙන් මුදල් හිඟ මිනිසුන් තවත් විය හියදම් කර අසල්වාසි, කොළඹ, නුවර, ගාල්ල වැනි නගරවලට ගොස් ටියුශන් යන සිසුන් ගනන ඉහලයාවි. මා උසස් පෙල කරන කායේදී නුවර සිට කොළඹට ටියුශන් පැමිණි අය හමුවී ඇත. ටියුශන් සොයා යාමට ගතකරන මුදල්, කාලය සහ මහන්සිය මත මෙම ප්‍රදේශවල ලමුන් කොයිතරම් දුරට ඉගෙනීම සාර්ථකකර ගනීද යන්න සැක සහිතය.
      උදේ පාංදර සහ සවස් ජාමයේ තනියෙන් ඈත පලාත්වලට යාමට සිදුවන බැවින් සදාචාරය කොයිතරම් රැකේද යන්නද සැක සහිතය.
      මිනිසුන්ට ඇති අයිතීන් කප්පාදු කෙරුවද ඔවුන්ගේ නිදහස් හිතිවිලි සහ උවමනාවන් පාලනය කිරීම පාලකයින්ට කල නොහැකිය.
      මේ සියල්ලම මෙම ප්‍රදේශවල වෙසෙන අන්‍ය ආගමික මිනිසුන්ගේ හැඟීම් සහ උවමනාවන්ට අමතරවය.
      බුදු දහමේ අහවල් දිනට පංසැල් යායුතුය කියා නීතියක් තිබී නැත. මුස්ලිම් ආගම සිකුරාදා දිනවලදීද, ක්‍රිස්තියානි ආගම ඉරිදා දිනවද ආගමික කටයුතු කලයුතුබව පවසා ඇත.
      ඔබගේ පිලිතුරේ ඇති සමහර දේ ගැන මට කිවහැක්කේ විවෘත මනසකින් යුතුව බොහෝ දේ කියවා බලන්න යැයි පමනකි.

  2. Banning tuition of Poya days may not be enough to get the children to the Temple. Dharmacharya Shantha Dharamawardhana analyses http://www.youtube.com/watch?v=Nzn1AKUCVek

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )