උසස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කල යුතුද? – දෙවනි කොටස…..

ඔබ මෙය කියවනවානම් කරුණාකර මීට ඉහත ලිපියද (උසස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කල යුතුද?) ඒ වෙනුයෙන් පලකරණ ලද ප්‍රතිචාරද කියවන්න. මෙම ලිපියේ ඇත්තේ එහි සඳහන් නොවූ සහ සමහර ප්‍රතිචාරයන් ගැන මට පහලවූ සිතිවිලි කිහිපයකි. මීට අමතරව මුලින් ලියු ලිපියට පිලිතුරු සැපයු නදී ලියූ ලිපියද මේ සමගම කියවියයුතුය. එම ලිපියත් කියවා බලන්න.  – ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය ඇයි.

මෙවාට අමතරව තවත් බ්ලොග කිහිපයක්ද පලවී තිබුනා.

http://rakasuniverse.wordpress.com/2010/05/09/should-we-privatize-higher-education-is-that-even-the-real-question/

http://ariyananda.wordpress.com/2010/05/09/private-universities-in-sri-lanka-a-crime-or-investment

අධ්‍යාපනය මිනිසුන්ගේ අයිතිවාසිකමක් බැවින් කෙසේ හෝ සියලූම සිසුන් හට එම අවස්ථාව ලභා දිය යුතුය. පෞද්ගලික වි.වි. ඇතිකිරීම ගැනද මගේ විරොධයක් නොමැත. නදීගෙ සිතුවිලි බ්ලොගයේ මෙහි සුභදායි පැත්ත ඉතාමත් පැහදිලිව විග්‍රහකර ඇත. තව දුරටත් එය මඩෙ දම දමා සේදීමට අවශ්‍ය නොවේ. ප්‍රථමයෙන්ම මෙම අනිකුත් බ්ලොගවලින් ඇඟවෙන සමහරදේ මා අදහස් නොකලබව මගෙ මුල් සටහන හොඳින් කියවූහොත් ඔබට පැහැදිලිවෙනවා ඇති. මගෙ එකම අරමුණ සෑමදෙයකම දෙපැත්තක් තිබෙන බව පැහැදිලි කිරිමයි.

දිනක් මම ඇමෙරිකානු රූපවාහිනී නාලිකාවක හිටපු ජනාධිපති බුශ් මහතා ඉරාක යුද්ධයට ගිය හැටි ගැන පොතක් ලියූ කෙනෙකු සවන්දුනිමි. එම සාකච්චාවෙදී කියවූයේ ඔහුගෙ කණ්ඩායම හැම විටෙකම සළකා බැලූයේ හැම දෙයකම අතිශයම සුභදායි පැත්ත පමනක් බවය. එහි අලුත්ම තත්වය ගැන අපි කවුරුත් දනිමු. මැද පිලිවෙත අශුභවාදීවෙන්න එතරම් කැමති නැතත් අපි බලන දේවල්වලට වඩාදේ ඇති අනිකුත් දේත් දැන්ගෙනම අවසාන තීරණය ගතයුතුයි කියා සිතමි. පෞද්ගලික වි.වි. ඇතිකිරීමට විරොධය රටේ නැගුනවුවහොත් ඒ පැත්තෙන් ඇසෙන්නට පුලුවන් දේගැන අවබෝධයක් තිබීමද, ඔවුන් කියන දේවල්හී සථ්‍යක් ඇත්දැයි සොයා බැලීමද වටිනා දෙයකි.

අපේ රටේ කලක් තිස්සේ සිදුවන අයිතිවාසිකම් මර්ධනය (කාන්තා, මාධ්‍ය, සුලු ජනතා, ආදිය) අතර උසස් අධ්‍යාපනයට අවස්ථාව නොලැබීම තවත් එක දෙයක් පමණී.

අසූව දශකයේදී ඇතීවූ වෙලඳ පොල ආර්ථිකය නිසා ඒ දිනවන වානිජ සහ කළමනාකරණය විශය ධාරාවන්ට ඇති ඉල්ලීම ශීග්‍රලෙස ඉහල ගියා. ඒ දිනවල හැමදෙනාම සිමා (CIMA), චාර්ටඩ් පංතිවලට දිව්වා. ඊලඟට ලංකාවට පරිගනක පැමිනුනා. දැන් සන්නිවේදන යුගය. මේ විශය ධාරාවන්ට අමතරව අනිකුත් සියලූම වෘත්තීමය නොවන උපාධීධාරීන් පෞද්ගලීකරණයට යම් තාක් දුරට විරොධතාවයක් දක්වන්නේ ඇයි? පෞද්ගලික ආයතනයකින් උපාධියක් නොලැබූ හා මා ඉහත සඳහන් කල විශය ධාරාවන් වලින් පිට විශයයක් (කලා විශය වැනි) හැදැරූ අය මේ ගැන ඇති මතයද විමසා බැලීමට හැකිනම් එය ඉතා අගනේය.

උසස් අධ්‍යාපනක රැකියා ලභා ගැනීම සඳහා නොවේය කියා මට දැක්වූ එක ප්‍රතිචාරයක්දී කියවුනා.  තරමක් දුරට ඒ සමඟ මා එකඟවූවද, ඉගෙනීමෙන් ඉහලයාමත්, ඒ සඳහා යමෙක් ආයෝජනය කරන කාළයත් සලකා බැලූකල හොඳ රැකියාවක් බලා පොරොත්තුවීම මිනිසුන්ගේ ගතියකි.

රාජ්‍ය වි.වි. පෞද්ගලික ආයතන සමග තරඟ වැදියයුතු බවත් ඒ සඳහා ප්‍රමිතිකරණයක් ඇති කලයුතුබවත් සමහර අය ලියා තිබුණා. මේ සඳහා දැනට වසර කිහිපයක සිට ලෝක බැංකුවේ ආධාර ඇතුව ගත් ක්‍රියාමාර්ගයන් ඇත. http://www.qaacouncil.lk/ යමක් ලිවීමට කලින් ඒවා ගැන සොයා බලනවානම් මෙවැනි ලිපි ලිවීම අවශ්‍ය නොවේ. මෙවැනි දේ සඳහා ලෝක බැංකුවෙන් ආධාර ලැබෙන විට පෞද්ගලික වි.වි. වලට පාක්ෂිව කථාකරන අයට ලෝක බැංකු ඒජන්තයින් කියන්නට හේතු ඇතැයි මට සිතේ.

මීට අමතරව උසස් අධ්‍යාපනය සඳහා විවිධ රටවල රජයයන් මගීන් කොතරම් ආයොජනය කරන්නේද (දළ ජාතික නිශ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස) යන්න මම සොයා බැලූවෙමි. ශ්‍රී ලංකාවට ආධාර දෙන රටවල් කිහිපයක මෙම අගයන් (ජපානය 1.3%, එක්සත් රාජධානිය 1.1%, එක්සත් ජනපදය 2.9%, ප්‍රංශය 1.4%, ජර්මනිය 1.1%) අඩුම වශයෙන් ලංකාවෙ අගය මෙන් 3න් ගුණයකින්වත් වැඩිය. අපේ රටෙ එය 0.37% කි. පසුගිය වසර කිහිපය තුල එම අගය පහලට වැටී ඇත. මේ සමගම උසස් පෙල සමත්වන සිසුන් ගනන වසරක් පාසා වැඩිවන බැවින් රට තුල අස්වාභාවික තෙරපීමක් ඇතිවූවාද විය හැකිය.

තවදුරත් අශුභවාදීදේ කථාකිරිමෙන් පෞ.වි.වි. සඳහා විරුද්ධත්වයක් ගොඩනැගීම මගෙ අරමුණ නොවෙ. මගෙ මුල් ලිපියෙ අරමුණ්වූයේ මේ පිලිබඳව සාකච්චාවක් ඇතිකිරීමයි. එය සිදුවෙමින් පවතියි. එක පැත්තක් පමනක් හරිය යන මතයේ එල්බගෙන සාක්ච්චා කරන්නට එපායැයි කීමට මට අයිතියක් නොමැත. මැද පිලිවෙත දෙපැත්තම බැලීමට කරණ උත්සාහය ඉදිරියේදීත් දක්නට ලැබෙවි.

අවසාන වශයෙන් මම දකින පිලියමද මෙයට එකතු කරන්නම්. අපේ රටේ හැමවිටෙකම කෙරෙන කැබලි වශයෙන් කරණ පිලියම් (piecemeal solutions) නිසා කිසිම දෙයක් සාර්ථක නොවේ. පෞ.උසස් අධ්‍යාපන ආයතන ඇති කරන අතරම, ඒවායින් පිටවන සිසුන් රට තුල රඳවා ගැනීමට රැකියාද, අඩුම තරමේ අධාර දෙන රටවල් වියදම් කරන ප්‍රමාණයටවත් ආයෝජනයන්ද වැඩිකිරීම්ද, සියලුම වි.වි. පොදුවේ බලපාන ප්‍රමිතිකරණයන්ද, සිසුන් ඇතුලත් කිරීම සඳහා උසස් පෙලට අමතරව ක්‍රමයක්ද, මුදල් හිඟ සිසුන් හටද පෞ.වි.වි. වලට ඇතුලු වීමට ශිෂ්‍යත්ව සහ සිසු ණය ක්‍රමයක්ද යනාදී මෙකී නොකී දේ (මම මේ පිලිබඳ විශෙෂඥයෙක් නොවන බැවින්) බොහොමයක් එකවර ඉටු කරණ ක්‍රමයක් ඇති කල යුතුබව මගෙ හැඟීමයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Filed under අධ්‍යාපනය, දේශපාලනික, මගේ අත්දැකීම්, සමාජීය, සිංහල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )