වහ කදුරු සංස්කෘතිය!

අපේ රටේ මිනිසුන් අතර සාකච්චාමය මාර්ගයකින් කිසිම දෙයක් විසඳාගත හැකිදැයි සමහර විටෙක මම කල්පනා කරමි. එයට විශේෂම හේතුව වන්නේ මේ දිනවල සිදුවන සාකච්චා බොහොමයක් අවසන් වන්නේ එක් කන්ඩායමක් තව කන්ඩායමකට දේශද්‍රෝහින්, ආගම් ද්‍රෝහින් යනාදී හෝ අනෙකුත් නම් වලින් ආමන්ත්‍රණය කිරීමෙනි. සමහර විටෙක මිනිසුන් මෙන්ම රටවල්ද යටි අරමුණු ඇතුව ක්‍රියාකරන බව ගැන මගෙන් කිසිම විවාධයක් නොමැත. නමුත් යම් දෙයක් සාකච්චා කල පමනින් යමෙකු ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසීමට තරම් පහත තත්වයකට අප වැටී ඇත්තේ ඇයි?

ගව්සියන් (Gaussian) චක්‍රය

විද්‍යාත්මක පර්යේෂණවලට අනුව යම් මතයක අන්ත දෙකක තිබෙන මිනිසුන් එකිනෙකා තෙරුම්ගෙන, එකිනෙකා අවබොධකර ගත හැක්කේ සාකච්චාකිරිමෙන් පමනය. ලෝකය විවිධ මතවාද වලින් පිරී ඇති තැනකි. යමෙක් යම් මතවාදයක් දැරූ පමනින්ම එම මිනිසා නරක මිනිසෙකු නොවෙන බව ඔප්පු කිරීමට අවශ්‍ය සාධක ඕනෑ තරම් සොයා ගත හැක. ලෝකයේ හොඳ සහ නරක ගව්සියන් (Gaussian) චක්‍රයක් (රූපය) වැනි යැයි මට සිතෙ. ඉතාමත් නරකම මිනිසුන් 2% පමනක් ඇත. නමුත් එවැනි මිනිසුන්ටත් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලභාදිය යුතුය. වැඩි ප්‍රමාණයක් මිනිසුන් සිටින්නෙ මැද කොටසේ බව අප කවුරුත් මතක තබා ගතයුතුය. යම මතයක් ප්‍රකාශකල, සාකච්චාකල, විවාදකල පමනින් යම් කෙනෙකු වහ කදුරු මෙන් අතහැර දැමීමට මම සූදානම් නොවෙමි. මා පමනක් සියල්ල දත්, මා පමනක් හරිය යන මතයේ සිට මම කිසිම විටෙක සාකච්චාවලට සහභාගී නොවෙමි. මගේ ජීවිතකාලය තුල සමහර දේ ගැන මා සිතූ ආකාරය වෙනස් කිරීමට සමහර සාකච්චා ඉවහල් වී ඇත.

උදාහරණ දෙකක් සලකා බලමු. බුදු ධහම විනාශවිය හැක්කේ කෙසෙද? යම් ආඥාන අන්ධ භක්තිකයෙක් අඩ නිරුවතින් බුදු පිලිමක් ඉදිරිපිට නැටීමෙන්ද? එසේත් නැතිනම් භෞද්ධාමිකයින් බුදුන් දෙසු සතුරාට වුවත් මෛත්‍රිය කරන්නැයි ධහමෙන් ඈත් වීමෙන්ද? මෙවැනි අන්ධබූත වැඩවලට අපේ මිනිසුන් උසි ගන්වන්නන්ගේ යටි අරමුණු මොනවා විය හැකිද?

අපේ රටෙ බටහිර විරෝධයක් ඇතිකරමින් සිටින මිනිසුන් කොටසක් ඇත. මගේ අදහසනම් අපි බටහිරට වැරදුනු තැන්වලින් පාඩම් ඉගෙනගත යුතුය යන්නයි. පසුගිය කාලයේ බටහිර විරෝදී දේවල් පත්තරවලට ලියූ, රූපවාහිනී නලිකාවල කෑගසූ අය ගැන සොයා බලන්න. ඔවුන් බොහෝ දෙනා බටහිර අධ්‍යාපනය ලැබූ, ඔනෑම මොහොතක (රටෙ කලබල වැනීදේ ඇතිවූකල) රටින් පිටවී බටහිර රටකට යාමට හයිය ඇති අයයි. ඔවුන් ඔබව රවටා, ඔබව උසි ගන්නා නැතිකර දමන්නේ ඔබටත් එවැනි අධ්‍යාපනයක්, අවස්ථාවක් නැතිකර දමන්නට යැයි මට සිතේ. සමහර විට ඔවුන්ට පමනක් මුලු කේක් ගෙඩියම තබා ගන්නට හෝ ඊරිෂියාවට මෙවැනිදේ කරනවා වීමටද පුලුවන්.

යම් අයෙක් ඔබව උසි ගැන්වූ සැනින් යමක් කරන්නට කලින් එම උසිගන්වන්නන් කාගෙ කවුරුන්ද යන්න සොයා බැලිමට විනාඩි කිහිපයක් අරගන්න. ගිය නුවන ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි බව මදකට සිතන්න. කාගෙවත් උවමනාවන්ට වැරදි දේ නොකර, මේ අපේම මිනිසුන් යන හැඟීමෙන් යුතුව වැඩ කලහොත් මෙවැනි අනවශ්‍යදේ රටේ සිදුවීම වලක්වා ගත හැක. එක්තරා කාලයක රටේ ඉන්දියානු විරෝධයක් ඇතිකර අපිලවා අපේම බස්වලට ගිනිතබ්බවා මග දිගට වදවින්දේද අපිමය. අපේම රටෙ, අපේම මිනිසෙකු යම් මතයක එල්ඹ සිටීනම් ඔහුට ඇහුන්කම්දී, ඔහු සම්ග සාකචාකර, මැද තැනකදී එක්ඟතාවයක පැමිනීමට උත්සාහකරන්න.

කුඩා පංතිවලදී මෙන් එකිනෙකාට නම් දාගෙන ඔවුන් තරහා ගන්වා, ඔබද තරහට පත්වී කිසිම ප්‍රශ්නයක් විසදෙන්නේ නැතිබවනම් මම අත්දැකීමෙන්ම දනිමි. මෙම වහ කදුරු ලෙස එකිනෙකාට සලකන සංස්කෘතියෙන් ඉවත්වීමට කාලය මෙ මොහොත්යැයි මට සිතේ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Filed under ආගමික, දේශපාලනික, මගේ අත්දැකීම්, සමාජීය, සිංහල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )