අනේ අපි කවදාක…..එමගට මා විසිකරන්න….

නන්දා මාලිනිගෙ සඳ එලිය ගඟක් වී සින්දුව මගෙ සිතට ඉතා කා වැදුනු සිංදුවකි. කුඩාකාලයේ පටන් මම අපේ රටේ සෞභාග්‍ය ගැන සිහින මැවූවෙමි. සඳ එලිය ගඟක් වන බවක් පෙනෙන්නටනම් නැත. අපට කෑගසා අඬගසන කෙනෙකුද නැත. එහෙත් එම ගඟෙ පිහිනන්නට අර අදින සිහිනයනම් තවමත් මාහට එලෙසින්ම පෙනේ.

2009 වසර ගරු ජනාධිපතිතුමා විසින් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂන සහ ඉංග්‍රීසි වසර යනුවෙන් නම් කරනු ලැබූබව අපි කවුත් දනිමු. 2009 වසර අවසානයේදී මෙම ක්ෂෙත්‍ර දෙකෙහි අපෙ රට දියුණුවක් ලැබුවාදැයි සොයා බලන්නට මම කල්පනා කලෙමි.

සැම වසරකම අවසානයේ පැවත්වෙන අ.පො.ස.(සාමන්‍ය පෙල ) විභාගයෙන් පසුගිය වසරේ ඉංග්‍රීසි විශය සමත්වී ඇත්තේ 28% පමනයි. මෙය ඊට ඉහත වසරට වඩා වෙනස්ව ඇත්දැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩ්වියට ගියෙමි. එය ඉතාමත් අසම්පූර්ණ යල් පැන ගිය දත්තයින්යෙන් යුක්ත වූවකි. කෙසෙවෙතත් ඊළඟට විභාග දෙපාර්තමෙන්තු වෙබ් අඩ්වියට ගියෙමි. එය තරමක් දුරට සම්පූර්ණ්වුවත් යල් පැන ගිය දත්තයන් පමණක් මට ලැබිණි. ඒ අනුව 2006දී මුලු රටේම ඉංග්‍රීසි 36% දෙනා සමත්වී ඇත. පසුගිය ඉරිදා සන්ඩේ ඔබ්ස(ර්)වර් පත්තරයට අනුව 2009දි එය 28% කි.

කවුරුන් රැවටූවද තමන් රවටා ගැනීම තමන්ගේ වල තම අතින්ම කපාගැනීමකි. අපිට බෝඩ් ලැලි නැතිව අපේ රටෙ තොරතුරු තාක්ෂණය දියුණුකිරීමෙ වැඩ කල හැකිය. අමාත්‍යාංශවල වෙබ් අඩවි සම්පූර්ණ සහ අලුත්ම තොරතුරුවලින් යුක්තකර එය පටන් ගත හැකිය. විද්‍යා තාක්ෂණ කටයුතු පිලිබඳ ඇමතිධූරය ඉවත්කර දැමීම මෙය ඉටුකර ගැනීමට රුකුලක් විය හැක්කේ කෙසේද යන්න මට නම් නොතේරේ. එම අමාත්‍යාංශය නැවත ඇති කලහොත් එහි වෙබ් අඩවියද සම්පූර්ණ කලයුතුය.

අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනවා යැයි කෑගසන ජ.වි.පෙ. ද ලංකාවේ ටියුශන්වලට විරුද්ධ නැත්තේ ඔවුන්ගේ පාක්ෂිකයින් බොහොමයක් එහි යෙදෙන් බැවිණි. මම ලඟදී මිතුරෙක් සමග කතාකරමින් සිටියෙදී ඔහු කීවෙ ජ.වි.පෙ. කෑ ගසන්නෙ වෛද්‍ය විද්‍යාල ගැන පමන්ක් බවය. කල්පනා කර බලන කල රට පුරා බොහොමයක් පෞද්ගලික විශ්ව විද්‍යාල අනිකුත් විශයයන් සඳහා ඉතා දිගු කලක් තිස්සේ පැවැත්වෙ. අවසානයේදී ජීවිත කාලය තුලම ටියුෂන් කර පාර්ලිමේන්තුවට පැමිණි බන්දුල ගුණවර්ධන මහතා දැන් අධ්‍යාපන ඇමතිය. වැටත් නියරත් ගොයම් කා නම්….. කාට පවසම් ඒ අමාරුව…..

සඳ එලිය ගඟක් වී කෑ ගසා මට අඬගසන්නට කලින් මේ කුහකකම් මිනිසුන් හට පෙනේවා…මගෙ පරම පැතුම එයයි. එමගට මා විසිකරන්න….

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Filed under අධ්‍යාපනය, දේශපාලනික, මගේ අත්දැකීම්, සමාජීය, සිංහල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )