ආගම කවුරුන් සඳහාද?

කුඩා කාලෙයේදී මා ගෙදරින් එලියට බැසීමට පෙර පාන පත්තුකරන තැනට වැඳීමට තාත්තා විසින් නියමකර තිබිණී. මගේ තාත්තා ඉතාමත් ආගමික පුද්ගලයෙකි. නමුත් ඔහු එය ඉතාමත් පෞද්ගලිකව කල දෙයකි. ලෝකයාට පෙනෙන්නට පංසල් ගානේ ගොස් සවිකරන ලද නාමපුවරු ඔහුගෙ නමින් නැත. හැමදාම උදේට, හවසට සහ රාත්‍රියට කොහෙන් හෝ මල් ටිකක් කඩාගෙන් ඇවිත් පාන පත්තුකිරීමට ඔහු අමතක කරන්නේ නැත. මම එකේ පන්තියේ සිට උසස් පෙල අවසානවන තුරුම දහම් පාසැල ගියෙමි; මුලින් ගෙදරින් කියනවාටද, ඊලඟට යහලුවන් නිසාද, අවසාන වසර කිහිපය ගැහැණු ලමයෙක් නිසාදවිය හැකිය. ලංකාවෙ ක්‍රමටය අනුව කිසිම දෙයක් ප්‍රශ්නනොකර දහම් පාසැල් අවසාන විභාගය සමත්වන තුරු දහම් පාසැල් ගියෙමි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී කිහිපවතාවක් පංසලට ගොස් ඇත. විශ්ව විද්‍යාලකදී ලැබිය යුතු යම්දෙයක් ගැන ගැඹුරින් සිතාබලා, ප්‍රශ්නකර, සාකච්චාකර තේරුම් ගැනීමේ අවස්ථාව මගේ ආගම ගැන මට ලැබුනේ නැත. කල්පනාකර බැලූවිට එම අවස්ථාව අපේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල කාටවත් ලැබේ දැයි සැක සහිතය. විද්‍යා අධ්‍යාපනට වැඩිදුර ඉගෙන ගැනීමට රටෙන් පිටවූවාට පසු එම අවස්ථාව මට ලැබිණි. ඇරිසෝනා ප්‍රාන්තයේ ඒ දිනවල තිබුනෙ තායි පන්සල් පමණි. 2005දී පෙන්සිල්වෙනියා ප්‍රාන්තයට පැමිනිපසු ශ්‍රී ලාංකික ස්වාමින් වහන්සේ කෙනේක් මසකට වරක් පැමින පවත්වන ධර්ම සාකච්චා වලට සහභාගී වීමට ලැබිණි. එම ස්වාමින් වහන්සේ කියාසිටියේ ලංකාවෙ බණ කියන ආකාරයට ඇමෙරිකාවෙ කිවිමට බැරි බවය. ධර්මය ඉතා තර්කානුකූලව සහ හරයක් සහිතව දේශණා කලයුතු බවයි. මට ලංකාවෙ මිනිසුන් මතක්විය. ඒ දිනවල ඇසුණු කොළඹට කිරි අපිට කැකිරි අපේ මුලු ජීවිත කාලයේම අපිට සිදුවෙමින් තිබුණාදැයි මට සිතිණි.

පසුගිය කාලයේ ඇමරිකානු රූපවාහිනී නාලිකාවන්හි ආගමික මාතෘකා ඉතාමත් නිහීනලෙස සහ ආවේගශීලිලෙස සාකච්චා කෙරෙනු දක්නට ලැබිණි. ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආගම සහ රාජ්‍ය අතර වෙන්වීමක් තිබිය යුතුය. නමුත් 2000දි බලයට පැමිණි ජොර්ජ් බුශ් මහතා, ඔහුට දෙවියන්වහන්සේ ජනාධිපතිවීමට කිවූබව විශ්වාසකලේය. මේ නිසාවෙන්ම ඔහු බොහෝදේ ආගමිකකරණය කලේය. මා කලින් ලියු කුහකත්වය ඔහුගේ පාලන කාලය තුල විශාල වශයෙන් දකින්නට ලැබුනේ ඔහු හැමදේම දෙවියන්වහන්සේට සම්හන්ධකිරීම නිසාත්, ඔහුගේ රජය තුලම සිටි ඔහු දේශනා කරන සදාචාරය නැති බොහෝ දෙනා නිසාත් යැයි මට සිතේ. බුශ්ගේ රජයේ අවසාන කාලයේදී, දැන් ජනාධිපති බරාක් ඔබාමා දේශපාලන රැස්වීමකදී “හිතේ කහට ඇති ඇමරිකානුවෝ ඔවුන්ගේ ආගමට සහ තුවක්කුවලට ඇලීම් කරනවා” යැයි පැවසීය. කෙසේ වෙතත් මෙ සියලු හේතු සමග මා වයසින් සහ පොත පතේ දැනුමෙන් වැඩිවෙමින් පැවතිනි. 2008 වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණයට පෙර අසන්නට ලැබුනු පුවතකින් මා මුලින් විමතියටත්, දෙවනුව අවබොධයටත් පත්විණි. එම පුවතනම් ඇමෙරිකාවතුල අදේවවාදය ඉහලගොස් ඇති බවයි. 2000 සිට 2008 වසර දක්වා සිදුවූ ආගමිකකරණයත්, ආගමික අන්තවාදී ත්‍රස්තවාදයත් මෙ සඳහා හේතුකාරක වී තිබිණි.

සියලු කරුණු සලකා බලන කල තනිවූ සහ කරදරයන්ට පත්වූ අය ආගමික පිහට පැතීම වැඩිබව පෙනේ. එයට අමතරම ආගම් වලට ඉතා ලැදි මිනිසුන්ද, කිසිම අරමුණක් නැතිව ආගම් අදහන අයද බොහෝය. මම වඩාත් මගේ තාත්තා ආගම අදහන ආකාරයට කැමත්තක් දක්වමි. එවැනි මිනිසුන් වැඩිවූ තැනක ආගමක පැවතීම වැඩියැයි මට සිතේ. තමන්ට කැමති ආගමක් ඇදහීමේ හෝ නොඇදහීමේ අයිතිය මිනිසුන් හට තිබිය යුතුය. ආගම කවුරුන් සඳහාද යන්න තව දුරටත් සිතා බලා සාකච්චා කලයුතු දෙයකි නමුත් අනිවාර්යයෙන්ම ආගම දේශපාලඥයින් සඳහා නොවන බවනම් ඉතාමත් පැහැදිලි දෙයකි.

අවසානයේ දේශපාලඥයින් විසින් ආගම් පාවිචිකිරීමට වැලැක්වීමේ කාලය ආගම්වල පැවත්ම සඳහාද, නිදහසේ ජීවත්වීම අගයකරන මිනිසුන්ගේ හිත සුව පිනිසද, පැමිණ ඇතැයි මම විශ්වාසකරමි.

ඔබ ඒ සඳහා දායක වීමට සූදානම්ද?

http://www.secularsrilanka.com/

Advertisements

ප්‍රතිචාර 3

Filed under ආගමික, දේශපාලනික, මගේ අත්දැකීම්, සමාජීය, සිංහල, My experiences, Politics, Religious, Society

3 responses to “ආගම කවුරුන් සඳහාද?

  1. ආගම සහ රාජ්‍යය දෙකක් වෙන්න ඕන කියන එක මමත් තරයේ කියා හිටිනව.

  2. පින්ග්කිරීම: ආගමික අන්තවාදීන් අඟහරු වෙත යැවිය යුතුය « Middle Path (මැදපිලිවෙත)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )