චන්දයන් පසු මට හිතෙන හැටි!

වැස්සක් වැහැලා පෑව්ව වාගෙයි හිතට දැනෙන්නෙ. ඒ උනාට මිනිස්සු නැවතත් බෙදිලා දෙපැත්තකට වෙලා වාද කරනවා.දෙපැත්තේම හේතු සාධාරණයි කියල මට හිතෙනවා. 2000 වසරේ ඇමෙරිකානු මැතිවරණය කාලේ එහෙ හිටපු නිසා මම දුටුවා නිහතමානී ලෙස පරාජය බාරගන්න එක රට ගැන හිතන නියම නායකයෙකුගෙ යුතුකමක් කියලා. අපේ රටේ චන්දය පවත්වන ආකාරය නිසා මේක කරන්නත් අමාරුයි. දැන් SF එලියට ඇවිල්ල කිව්වොත් “මම පරාජය භාර ගනිමී, මා හට සහයෝගය දුන් අයට ස්තූතියී, දැන් මහින්ද රාජපක්ශට සහයොගය දෙන්න” කියල, ඒක ආණ්ඩුවට මහ චන්දයේ දිනුම නිකම්ම දුන්නා වාගේ වෙනවා.

අනිත් අතින් බලපුවාම චන්දය දිනන කටිටියගෙ යුතුකමක් තියෙනවා, ජයග්‍රහණය නිහතමානීව බාර අරගන්න. මොනවා උනත් හැමෝම අපෙ රටේ මිනිස්සු කියලා නැවත එකතුවෙන්න උත්සාහ කරන්න. ඒ උනාට අපි කරන්නෙ අනික් පැත්තෙ අයව අවමානයට ලක් කරන එකනෙ. ඔබට කවුරුන්හෝ කෙනෙක් අවමාන කලහොත්, ඔබට සිතෙන්නේ කෙසේද?

බුදුන්වහන්සේගේ ධර්මය අපේ රාජ්‍ය ආගම් උනාට විතරක් මදිය. උන්වහන්සේ දේශණාකල ධර්මය යම් දුරකටවත් අනුගමය කලහොත් අපිටත් අපේ රටටත් හොඳ කලක් ලඟාවෙනු ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Filed under දේශපාලනික, සමාජීය, සිංහල, Politics, Society

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )