සුබ නත්තලක් සහ සුබ නව වසරක්

ඇමරිකාව සෙකියුලර් (රාජ්‍ය තාන්ත්‍රිකව අනාගමික) රටක් බැවින් හෝ අන්‍ය ආගමික ව්‍යාපාර හිමියන් නිසා හෝ එකිනෙකාටආචාරශීලීවීමට නිසා හෝ සුබ නත්තලක් (Merry Christmas) කීම සහ සතු‍ටුදායක නිවාඩු කාලයක් වේවා (Happy Holidays) යන දෙක අතර විශාල විවාදයක් ගොඩ නැගී ඇත. ආගමික නායකයින් සහ සමහර මාධ්‍ය ආයතන මෙය ක්‍රිස්තියානි ආගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් යැයි අවලාද නගති. කෙසේවෙතත් ‍රැකියා කරන්නන්හට වැඩිපුර නිවාඩු නැති රටක්වුවත් මේ දිනවල සියලුම ආයතනපාහේ නිවාඩුවට වසා දැමේ. එවැබින් සතු‍ටුදායක නිවාඩුවක් කීමෙන් කාගේවත් ආගමික හෝ අනාගමික භාවය මතුකිරීමක් නොකිරීම සිදුවේ.

කෙසේවෙතත් නත්තල් සමරන ඔබ සැමට සුබ නත්තලක් සහ මගේ බ්ලොගයට පැමිණි ඔබට 2011 සුබ සහ සාර්ථක නව වසරක් වේවායැයි පතමි.

මෙය බොහෝ විට ඇමරිකාවේ සිට ලියන අවසාන බ්ලොග සටහන විය හැක. දෙසැම්බර් 29දා නැවතත් ලංකාව බලා පිටත්වීමට බලාපොරොත්තුවෙමි. පසුගිය දින කිහිපයේදී එම ගමනට සූදානම්වීම නිසා බ්ලොගය ලිවීමටවත් අනිකුත් බ්ලොගයන් කියවීමටවත් ඒ තරම් ඉස්පාසුවක් නොතිබිණි. ඉදිරි වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේදීද, ශ්‍රි ලංකා නැනෝ ටෙක්නොලොජි ආයතනයේදීද ‍රැකියාවකිරීමට බලාපොරොත්තුවෙමි. කොයිතරම් කාලයකටද යන්න තීරණය කිරීම කාලයාට සහ රටක් ලෙස ශ්‍රි ලංකාවටද භාරකරමි.

ප්‍රතිචාර 9

Filed under මගේ අත්දැකීම්, සිංහල

AIDS මාරන්තිකයි – මැකුවොත් හිරේ

මාතෘකාව උපුටා ගත්තේ 1993 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ විද්‍යා සිසුවෙකුගේ අතේ තිබු ෆයිල් කවරයකිනි.

දෙසැම්බර් පළමුවැනිදා ලෝක ඒඩ්ස් දිනයයි. ඒඩ්ස්ගැන අහඹුලෙස ‍තෝරාගත් දත්තයන්, සබැඳියාවන් සහ විඩියෝ කිහිපයක් සටහන් කරමි.

ඔබටද හැකිතාක් ඒඩ්ස්ගැන දැනුවත්කිරීම, සහයෝගයදීම සහ වලක්වාගැනීම කිරීමට උත්සාහකරනු ඇතැයි බලාපොරොත්තුවෙමි.

ඒඩ්ස් යනු – Acquired Immune Deficiency Syndrome – නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහසාධකය

ඒඩ්ස්ගැන වැරදි මතවාදගැන මෙතැනින් කියවිය හැක. – http://en.wikipedia.org/wiki/HIV_and_AIDS_misconceptions

සිංහල විකිපීඩියාවේ ඒඩ්ස් ගැන පි‍ටුව – http://si.wikipedia.org/wiki/ඒඩ්ස්

එම පි‍ටුවට අනුව ඒඩ්ස් රෝගියෙකුට ඇති අයිතිවාසිකම්

  • ජිවත් විමට ඇති අයිතිවාසිකම.
  • නීතීය ඉදිරියේ සමාන ආරක්‍ෂාව හා වෙනසකට භාඡනය නොවිමේ අයිතිවාසිකම.
  • නිදහස හා පුද්ගලයකුගේ ආරක්‍ෂාව.
  • නිදහසේ ගමන් කිරිමට ඇති අයිතිවාසිකම.
  • රහස්‍යය භාවය පිළිබද අයිතිවාසිකම.
  • වැඩ කිරිමට ඇති අයිතිවාසිකම.
  • විවාහ විමට හා විවාහ ජිවිතයක් ගත කිරිමට ඇති අයිතිවාසිකම.
  • ආශ්‍රය කිරිමට ඇති අයිතිවාසිකම.
  • අධ්‍යාපනයට ඇති අයිතිවාසිකම.
  • ප්‍රමානවත් ජිවන තත්වයක් ගත කිරිමට ඇති අයිතිවාසිකම.
  • සමාජ ආරක්‍ෂාව ,පහසුකම් සහ සුබ සාධනයන් සදහා ඇති අයිතිවාසිකම.
  • විද්‍යාත්මක වර්ධනයන් සහ එහි වාසිය බෙදා ගැනිමට ඇති අයිතිවාසිකම.
  • පොදු සංස්කෘතික ජිවිතයකට අනුගතවිමේ අයිතිවාසිකම.
  • වධහිංසාව ,කෲර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලින් නිදහස් විම සහ දඬුවම් වලින් තොරවිමේ අයිතිවාසිකම.

දෙසැම්බර් පළමුවැනිදා දිනමිණ පත්තරයේ ඒඩ්ස්ගැන මෙසේ සඳහන්ව තිබිණි – http://www.dinamina.lk/2010/12/01/_art.asp?fn=n1012015

ලෝක ඒඩ්ස් දත්තයන් මෙතැනින් ලබාගත හැකිය. – http://www.avert.org/worldstats.htm

ලංකාවේ ඒඩ්ස්ගැන සිංහලෙන් කෙරුණු සාකච්ඡාවක් මෙතැනින් දැකිය හැක.

අමතර තවත් විඩියෝ

මෙම පහතින් ඇති පලවෙනි විඩියෝව ඉතාමත් හොඳයැයි මට සිතිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Filed under අධ්‍යාපනය, විද්‍යා, සමාජීය, සිංහල, සෞඛ්‍ය

වන් ලයිනර්ස් – දෙසැම්බර් 1, 2010

කාලවේලාව මද බැවින් පසුගිය දිනවල කියවූ බොහෝදෑ ගැන ලිවීමට නොහැකිවිය. එබැවින් මා කියැවු ලිපිවල සබැඳියාවන් ඔබට කියැවීමට මෙහි සඳහන් කරමි.

1. අපල නැති කිරීමට ලංකාවේ දලඇතුන් මරා දැමූවද ඉන්දියානු දන්ත වෛද්‍යවරුන් ඇතෙකුගේ දලයක තිබූ අසීරුතාවයක් නැතිකිරීමට දන්ත මූල පිරවීමක් කර ඇත. අපි ඉන්දියාවට වඩා ශිෂ්ට රටක්යැයි මා අසා ඇත.

2. ගැසට් නිවේදනයට අනුව සමහර අමාත්‍යාංශවලට කිසිම කාර්‍යභාරයක් නොමැත. මිනිසුන් සතු‍ටුකිරීමට අපේ මුදල් සෑහෙන ප්‍රමාණයක් නහස්තිවී යන හැඩක් පෙනේ. ඇමති මංඩලය විශාලවීමගැන මා එතරම් තැකීමක් නොකළද වැඩක් නොකිරීමට මුදල් නහස්තිකිරීම නිසා පඩිවැඩිවීමක් ලැබියයුතු මිනිසුන්ට එය ලබාදිය නොහැකිවීම කනගා‍ටුදායකය.

3. එක්සත් ජාතික පක්ෂය ඔවුන්ට වඩා හොඳින් ධනවාදී අයවැයක් සමාජවාදින් සහිත පෙරමුණු ආංඩුවකින් ඉදිරිපත් කිරීමගැන දුකට කියනකතා මේදිනවල ප්‍රවෘත්ති සාකච්ඡාවලින් ඇසේ. තිස්ස අත්තනායක මහතා මේ කියන ප්‍රතිශත ගණන්කිරීම් ඉගෙණගන්නට ඇත්තේ කාගෙන්ද?

4. විකි ලීක්ස් හී ජුලියන් අශාන්ජ් ඇමෙරිකාවගැන හෙළිකරනවිට ලංකාවේ දේශප්‍රේමීන් ඔහුව වීරයෙකු ලෙස සලකති. ඉදිරිදිනවලදී ලංකාවට සම්බන්ධ ලියකියවිලි 3600 හෙළිකළ පසුත් ඔහුට එසේ සලකාවිද?

5. ජනාධිපතිතුමාගෙන් අහලාතමයි සුසන්තිකා ආයෙත් දුවන්න හදන්නේ. මංජු එක්ක කතාකළානම් ආයෙත් මෙඩල් එකක් ගහන්නත් පුළුවන්වෙයි කියලා හිතෙනවා. කොහොමවුණත් නොදැනුවත්ව හරි තහනම් උත්තේජක පාවිච්චිකළානම් වරද පිලි අරගෙන පදක්කම සුදුස්සාට බාරදෙන්න කාලය හරි මංජු.

6. විශ්ව විද්‍යාල සිසුන් දේපල හානිකිරීමවැනි අමනකම් කිරීමට මා විරුද්ධවුවද හූවක් කියන්නවත් තරම් නිදහසක් නැතිනම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නවතාදමා ටියුෂන් කඩටිකක් දාන එක සුදුසුයි. ඒදවස්වල ‍රැජිනට සරම උස්සා පස්ස පෙන්වූනිසා විජේවර්ධන ශාලාවේ සිටි පිරිමි සිසුන් සහ හිල්ඩාවේ සිටි ගැහැණු සිසුන් මාරු කරලා තිබුණා බොහෝ කාලයක් යනතුරු. ඒවාගේ දෙයක් කලොතින් එල්ලා මරන්න තමයි දැන්නම් වෙන්නේ.

7. පරිසරයගැන කතාකළේ හෙල උරුමයේ චම්පික ඇමතිතුමා. විදුලි ඒකකයක් අඩුවට හදන්නකියලා පරිසරය විශාලලෙස කෙලෙසන ගල අඟුරු බලාගාරය ආරම්භකළේත් එතුමාමයි. ඒවුනාට ජනවාරියේ සිට විදුලි බිල වැඩිවෙනවාලු. රට පුරාම න්‍යෂ්ටික බලාගාර ආරම්භකළ ඉන්දියාව එකපාරටම අපිට ගල් අඟුරු බලාගාර නයට හදලා දෙන්නේ ඇයි කියලා කාටද කියන්න පුළුවන්?

එක් ප්‍රතිචාරයක්

Filed under දේශපාලනික, සමාජීය, සිංහල