ජයසූරියගේ ක්‍රිකට් ගැන විතරක් කථාකරන්නේ ඇයි?

කලිනුත් සනත් ජයසූරිය ගැන ලියුවා (සනත් ජයසූරිය සහ සරත් ෆොන්සේකා). ඔහුගේ පසුබිම සහ ඔහු ක්‍රීඩා කරනු බලා මා සතුටට පත්වූ වාර ගනන කියලා නිමකරන්නට නම බැහැ. අපි වර්ල්ඩ් කප් එක දිනුව අවුරුදේ ගහපු හයේ ඒවාට වඩා අර්ධ අවසාන තරඟයේදී බින්දුවට දැවිලා ගියත් විකට් තුනක් අරගෙන් මැච් එක දිනන්න හවුල් උනා. මගේ වි.වි. අවසාන වසරේ එක ප්‍රශ්ණ පත්තරයක් හෙට කියලා තියාගෙනත් විද්‍යා පීඨ භොජනාගාරයේ එම තරඟය බැලු හැටි තාමත් මතකයි.

මම හිතන්නේ ජයසූරිය ක්‍රිකට් වලින් සමුගත යුත්තේ ක්‍රිකට් බැරි නිසා නොවේ. ඒක වෙනම සාකච්චාවක්.

අපේ රටේ මිනිසුන් විශාල සංඛ්‍යාවක් සනත්ට චන්දේ දුන්නේ රටට වැඩ කරන්න මිසක් ක්‍රිකට් ගගහා ඉන්නනම් නොවන බව මට විශ්වාසයි. රස්සාවල් දෙකක් තියෙන මිනිහෙක් ඒ දෙකේම වැඩ අතපසු නොකර කලයුතු නොවේද? සාමාන්‍ය මිනිසෙක් එක රස්සාවක් පමනක් කර කර අනික මඟ හැර සිටියහොත් කුමක් වෙයිද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාධ තියෙනවා. සනත් ඒවා ක්‍රිකට් ගහනකොටත් පාවිච්චි කරනවද? ඔහුගේ ක්‍රිකට් සවාරීවලට අපේ රටේ මිනිසුන්ගේ මුදල් පාවිච්චි කරලා, පාර්ලිමේන්තු වැඩ කරන්න කන්ඩායමකුත් යනවද? නැතිනම් පාර්ලිමේන්තුව ඔහු අමතක කරලද? 2011 ලෝක ශූරතාවටත් ක්‍රිකට් ගහන්න ආසයි කියලා තිබුන නිසා මෙසේ එක රස්සාවක වරප්‍රසාධ පාවිච්චි කරමින්, අනික් රස්සාව විතරක් කරන එක තව අවුරුද්දක් තිස්සෙම කරන්නද යන්නේ? මැද පිලිවෙතට නොනවතින ප්‍රශ්ණ මාලාවක්.

මොනවා වුනත්, කුමන හේතුවක් මත වුනත්, කවුරුන් හෝ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නොසලකාහරිනවානම් මැද පිලිවෙතත් එදාට පැත්තක් ගන්නවා. එනම් එවැනිදේ කරන මිනිසුන්ට විරුද්ධ පැත්තයි.

About these ads

ප්‍රතිචාර 5

Filed under ක්‍රිකට්, දේශපාලනික, මගේ අත්දැකීම්, සනත් ජයසූරිය, සමාජීය, සිංහල

5 responses to “ජයසූරියගේ ක්‍රිකට් ගැන විතරක් කථාකරන්නේ ඇයි?

  1. මමත් ඕකට එකඟයි.. මේ ගැන ලිපියක් මාත් ලිව්වා. ඊ ලඟට ඒකත් දාන්නම්…

  2. සුරනිමල

    මහින්ද මහත්තය යුද්දේ ඉවර කෙරපු එක ලොකුම ලොකු දෙයක්. එත් මිනිහ 2/3 චන්දෙ ගන්න ප්‍රසිද්ද කට්ටියව දැම්ම. එත් මිනිහ හිතල නෑ ඒ අයගෙන් ප්‍රයෝජනයක් වෙන්නේ කොහොමද කියල පාර්ලිමේන්තුවේ. ඉතින් එයාල පුරුදු රැකියාව කෙරමින් ඉන්නවා වගේ. මහින්දට සරලවම අවශ්‍ය වුනේ චන්දය දිනන්න.

  3. gadfly

    ඔබ කියනවා කවුරු හරි මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නොසලකා හරිනවානම් එදාට තීරණයක් ගන්නවා කියලා. එකෙන් ගම්‍ය වෙන්නේ දැනට ඒ අයිතිය තියෙනවා කියලද? පත්තර සීල් තියද්දි, පත්තර කාරයෝ අතුරුදහන් වෙද්දී, අත්අඩංගුවට ගන්නිද්දී, විපක්ෂ නායකයෝ හිරේ දාන කොටත් ඔබට ඒ තීරණය ගන්න බැරිද? රාජ්‍ය සම්පත් කොල්ල කමින් , තමන්ගේ චන්ද වැඩ වලට ඒවා යොදා ගනිද්දීත් ඔබට තීරණයක් ගන්න බැරිනම් මම හිතන්නේ ඔබ කවදාවත් තීරණයක් ගන්න එකෙක් නැහැ. එහෙම නැත්නම් ඒ කාරණා ප්‍රජාතන්ත්‍රවදයට ආදාළ නැහැ කියල ඔබ හිතනවද?

    • ඔබ මාව තේරුම්ගත්තේ වැරදියටයි. ඔබ සඳහන් කල සියල්ලටම මා විරුද්ධයි. ඒවුනාට මම දැනට තියෙන් සියලූම දේශපාලන පක්ෂ වලට බර නොවී ඉන්නට තීරණය කර සිටින කෙනෙක්. මේ බ්ලොගය මැද පිලිවෙත කියලා නම්කරෙත් ඒ නිසයි.
      ඔබ සඳහන් කල සමහර දේවල එක පැත්තක් පමනයි බොහෝ දෙනා බලන්නේ. ජයසූරිය ගැන ලියනවිට ඔබ සඳහන් කල දේවල් අදාල නැහැ. බොහෝ දේනෙක් ප්‍රශ්නයක එක පැත්තක් පමනක් බලනවිට ඒවායේ තවත් පැත්තක් හෝ පැති පෙන්වාදීම පමනයි මගේ අරමුණ.
      Thank You for the constructive criticism. I always welcome those!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )