මොවුන් දෙදෙනා කුමන පක්ෂයකට අයිතිදැයි අමතක කර දැමූ විට මෙම සන්සන්දනය කිරිමට පහසුවේ. ආරම්භයේදී ඔවුන් දෙදෙනාටම පෙලපතක් තිබි නැත. දුර පාලාත් වල පාසැල්වලින් ඔවුන්ගේ ක්ෂේත්‍රයන්ගේ ඉහලම හිනිපෙත්තට නැගගත් මිනිසුන්ය. එය අවසානයේ ඔවුන් දේෂපාලනයට අවතීර්න විය. මට හිතෙන විධියට මෙය ඔවුන් විසින් ගත් ඉතා වැරදි තිරණයකි. සරත් ෆොන්සේකා තම රාජකාරියේ යෙදී සිටිනකාලයේ දේෂපාලනය කලායැයි කියා නඩුවිභාගයකට මුහුන දෙමින් සිටී. සනත් ජයසූරිය ක්‍රිකට් කන්ඩායමේ සිටින අතරතුරම පාර්ලිමේන්තුවට තේරීපත්වී ඇත. මට සිතෙන හැටියට සනත් ක්‍රිකට් වලින් සමුගත යුතුය නමුත් එය මෙම සන්සන්දනයට අදාල නොවේ. ඔවුන් ජීවිතය තුලදී ගන්නා ලද විශාලම වැරදි තීරණය මෙය විය හැකිය. නමුත් ඔවුන් සමාජයේ කුරුසියට තබා ඇණ ගසන්නට එස්ත් නැතිනම් සමාජයේ දඩුකඳේ ගසා එල්ලාමරන්නට සූදානම්වන්නේ අපමය.
ඔවුන් රට වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් අපටකල හැක්කේ එකදෙයකි. එනම් ඔවුනට ඔවුන් කල වරදවටහාගැනීමට කල් ලභාදී මද කලකට ඔවුන් අමතකකර දැමිමයි.

ෆොන්සේකා කර ඇති වරද තවම අදිකරණය මඟින් ඔප්පු වෙලා නැහැ…….සනත් සම්බන්දයෙන් ඒ වගේ දෙයක් දකින්න නෑ නෙව……….
මම අදහස් කලේ නීතිමය පැත්ත ගැන නොවේ. මිනිස්සු කතාබහට කියන දේවල් ගැන…..
සහතික අැත්ත
දේශපාලනයට පෙලපත් අවශ්‍ය නෑ.. රටට වැඩක් කරන්න ඒ මනුස්සයාගේ අරමුණයි වැදගත් වෙන්නෙ.. වලවු පෙලපත් දැං රජ පෙලපත් වීගෙන එන්නෙ.. ඉතිං රටට හරි යයිද?
දේෂපාලනය විතරක් නෙමේ කිසිම දෙයක හිනි පෙත්තට නැගීම සඳහා පෙලපතක් අවශ්‍ය නොවේ. පෙලපතක් තිබෙන අය අපේ රටේ හැම පැත්තකිම්ම ඉහලට යනවා. ඒක අද ඊයෙක පටන් ගත්ත දෙයක් නෙවෙයි. මා අදහස්කලේ ඔවුන්ගේ මුල් කාලයේදී ඔවුන්ට එවැනි පසුබිමක් නොතිඹුණු බවයි.
සහතික ඇත්ත
මගේ අදහස නම් සනත් කෙසේ වෙතත් ….. පොන්සේකා මහතාට තම ගෞරවය රැක ගෙන ගරු කටයුතු විශ්‍රාමිකයෙකු වශයෙන් [මුලු රටම ගරු කරන්නෙකු වශයෙන්] ජීවත් වීමට තිබුණා. විහින් ඔහු එය නැතිකර ගත්තා.
දැන් .. ඔහු ඒ ගැන පසුතැවිලි වෙනවා නොඅනුමානයි.
Pingback: ජයසූරියගේ ක්‍රිකට් ගැන විතරක් කථාකරන්නේ ඇයි? | Middle Path (මැදපිලිවෙත)